Skip to main content

හිත වාවන්නෑ හත්තිලවුවේ...

ඊයෙ රෑ,
ඒ කියන්නෙ 2017.03.26 රෑ 8.45ට විතර ඇති...අපි ටවුමට ගියේ බඩු වගයක් ගන්න...අපේ අම්මයි තාත්තයි නංගියි මමයි අපේ වැගන් බේබි 13ශ්‍රී6127 එක්ක තමයි ගියේ...අපි බඩු අරගන්නෙ ආනන්ද ෆුඩ් සිටියෙන්...අරගෙන ඉවරවෙලා අපි ගෙදර එන්නෙ හොරණ කලුතර පාරෙ බැල්ලපිටියෙන් දික්හේන පාරට දාලා...
ඉතින් අපි බඩු අරගෙන කලුතර පාරෙ එන ටිකේ එනකොට කෝල් එකක් ආවා...තාත්තා ඒ කෝල් එකට උත්තර දෙන්න කාර් එක පාරෙ අයිනකට කරල නැවැත්තුවා...විනාඩි 2ක් විතර කෝල් එකේ හිටියේ...

එකපාරටම දඩාස් ගෑවා මං දැක්කා සයිඩ් කන්නාඩිය කැරකි කැරකි ගුවනේ පියාසර කරලා ගිහින් තණකොල ගොඩක් උඩට වැටෙනව.ඒත් එක්කම හප්පපු බස් කාරයා කිසිම තැකීමක් නැතුව නවත්තන්නෙ තියා ස්ලෝ කරන්නෙවත් නැතුව ආපු වේගෙන්ම කඩාගෙන ගියා...

තත්පර කිහිපයක් ඇතුලත වෙච්ච දේ නිසා හිතාගන්නවත් බැරුව අපි එහෙමම හිටියා...ඊට පස්සෙ හැමතිස්සෙම කාර් එකට මොකක් හරි වෙච්ච වෙලාවක බැහැලම වැඩ කරන්නෙ මම තමයි...මම ටෝච් එක අරගෙන තමා කාර් එකට වෙලා තියන ආබාධ මොනවද කියල බැලුවේ...

සයිඩ් කන්නාඩිය නං බැලුවෙත් නෑ ඒකට අත්වුනු ඉරණම මං දැනගෙන හිටපු නිසා...
මම මුලින්ම වාහනේ බද බැලුවා...කලුපාට හීරීමක් තිබුනා...ඊට පස්සෙ එහෙමට අවුලක් තිබුනෙ නෑ...ඒත් එක්කම තමා මට මතක් උනේ කාර් එකේ මඩ්ගාඩ් ටිකක් එලියට නෙරලා තියන නිසා ඒවට මොනව හරි වෙලාද කියල බලන්න ඕනි කියලා...

හිතුවා හරි...මඩ් ගාඩ් එක තැලිලා...මට වාවන්න බැරි තරම් දුකයි...පිටිපස්ස මඩ් ගාඩ් එකට නං කලු පාට හීරීම විතරයි ඇතුලට තැලිල නෑ...ඒත් ඉස්සරහ මඩ් ගාඩ් එක තැලිලා...කලු වෙලා හීරිලා...මගෙ ඇග උණු වෙලා ගියා...වාත්තු කලා වගේ තිබුනු කාර් එක කොහේද යන බල්ලෙක් කෑවා...දුකේ බෑ...ඔයාලා දැක්ක නං කියයි අයියෝ පොඩි තැල්මක් කියලා...ඒත් ජීවිතේට එකපාරක් හරි සීරියස් විදිහට වාහනේකට ආදරේ කරන/කරලා තියන එකෙක්ට තේරෙනවා මට ඇති වෙච්ච වේදනාව...නිකන් මාව බස් එකක් හප්පන් ගිහින් ඇටකටු තැලුනා වගේ වේදනාවක් ආවේ...මට පුලුවන් කමක් තිබුන නං අර බස් කාරයා එලවන් ගිහින් 2ක් නෙලන්න අනිවා 2කට 100ක් නෙලනව ඇටකටු කුඩු වෙන්න...

ඕකට හෙන ගහන්න ඕනි වල් බල්ල කොහේද යන බල්ලන්ට ජාතක වෙලා පාරෙ වාහන එලවන්න එන බල්ලන්ගෙ පුතාල චාරයක් නැතුව වාහන එලෝනව උගෙ ඇම්මට උගෙ රේස් එකට ඌ කෙලගෙන වෙට්ටු දාගෙන ගියා තොට හෙනම ගහපිය හෙනම ගහපිය ආත්මයක් ගානෙ තොට වාහන එලවන්නවත් ලැබෙන්න එපා කාලකන්නි බලු පුතා ඔව් ඉතින් බල්ලන්ට ජාතක උන එවුන් එහෙම තමයි බල්ලන්ට කවදද හොද අදහස් ආවෙ මනුස්සකම තියේද පොඩ්ඩක් නවත්තල බලන්නවත් බල්ලන්ට දාව ඉපදිච්ච එවුන්ට.කාලකන්නි හැත්ත...හෙනම ගහපිය වල් බල්ලා...

*****
කොහොම හරි එවෙලේම ගියා අපේ ටින්කර් වැඩ කරන මහත්මයා ලගට...එයා සල්ලිවත් ගන්නෙ නැතුව ටක් ගාලා අතින් ඇදලා පොඩ්ඩක් විතර ඇදේ ඇරලා අර කලුපාට හීරිම් ටික පොලිෂ් එකක් ගහලා මකලා කරලා දුන්නා...එයා නං කියනවා අපි කාර් එක ගැන හිතනවා වැඩියි කියලා...හිතන්නැතුව ඉන්නෙ කොහොමද හත්තිලව්වේ?...අර තැල්ම දකිද්දි එන දුක වචනයෙන් විස්තර කරන්න බෑ...හිත වාවන්නෑ හත්තිලවුවේ...වාවන්නෑ...



Comments

  1. Sirame kathawak thamai oya.Unta wahane drive kerene hati ugannanne one.Kiyela wadak na.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...