Skip to main content

ජීවිතේ වෙනස් වෙලා අවුරුද්දක්....

දිනය 2019 වසරේ පෙබරවාරි මස තුන් වැනි සතියේ බ්‍රහස්පතින්දා විය හැකිය. වෙලාව පස්වරු 4.10 ට පමණ ඇත. නුගේගොඩ දුම්රිය පොළ අසල සුවිශල් අධ්‍යාපන ආයතනයක 2021 වසරේ උසස් පෙළ සිසුන් සදහා රටේ ප්‍රසිද්ධ රසායන විද්‍යා දේශකයෙකු විසින් පවත්වන අමතර පන්තිය නිම වී සිසුන් නිවෙස් බලා යමින් සිටියහ.
“ මචන් උඹ එහෙනං අරුන් එකක් වරෙන් මං හිමීට යන්නං ඈ“ යි විශ්වයාට පැවසූ ඔහු හිමින් යනවා යැයි පැවසුවද වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදගෙන යන්නට විය. ඔහු එසේ කලේ විශ්වයා සහ ඔහුගේ නඩය සමග යෑමට සිටියොත් කොහුවල හංදියට යෑමට මහත් වෙලාවක් ගත වන බැවිනි. මංදයත් මෙය කාර්යාල වේලාව බැවින් මාර්ග අංක 120 හොරණ කොළඹ බස් රථවල අධික සෙනගක් ගමන් ගනිති. එබැවින් පන්තිය ඇරුනු පසු සෑමදිනම ඔහුගේ මුල්ම අරමුණ වූයේ හැකි ඉක්මනින් කලින් ගොස් බස් රථයකට ගොඩ වීමයි. ප්‍රමාද වී යන විට සෑම විටම හසුවෙන්නේ සැමන් ටින් වෙන්න සෙනග පැටවූ බස් රථ වේ.

එම අරමුණද සහිතව වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදයන ඔහුගේ හිත අවුල් ජාලාවකට මැදිවී සිටියේය. තව දුරටත් මෙම පීඩනය දරා ගත නොහැකි තත්ත්වයකට පැමිණී ඇති බව ඔහුට වැටහේ. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තමා ගත් තීරණය නිවැරදි නැතැයි ඔහුට සිතේ. ටියුෂන් මාරු කර බලන්නට සිතේ. එහෙත් ඒ ඔක්කොම පරයා තමා ඇයි මේ මැත්ස් කරන්න හිතුවේ යැයි ඔහුට සිතේ.

බස් රථයේ නැගී හොරණට පැමිණෙන තුරුම ඔහු සිටියේ කල්පනා ලොවකය. ප්‍රශ්නය තුල දසඅතේ එරී ඇතැයි ඔහුට සිතේ. හොරණට පැමිණි ඔහු සිරිතක් ලෙස කරන ඔහුගේ ප්‍රියතම අවන්හල වූ දිනුසර එකෙන් 200 බත් එක කෑ පසු යන්තං ගෙදර යාමට හැකි තරමට තත්ත්වය සමනය විය.

නිවසට ගිය ඔහු ඇදේ වැතිරී ගැටලු එකින් එක ගෙන සිතන්නට විය.

සැබැවින්ම ඔහු මැත්ස් කිරීමට සිතුවේ ඇයි? ඊට පෙර අවුරුද්දේ එනම් 2018 වසරේ දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ ලිවූ ඔහු විභාගය අවසන් වී සති 2කට පමණ පසු නුගේගොඩ අධ්‍යාපන ආයතනයක රසායන විද්‍යාව සහ සංයුක්ත ගණිතය අමතර පන්ති සදහා සහභාගී වීමට විශ්ව සමග ගියේ තම පාසලේ හොදම මිතුරා වූ ප්ලේන් මල්ලිගේ ඇරයුමකට අනුවය. ඔහුට ඒ දිනවල දක්නට ලැබුනු ෆේස්බුක් සහ එලකිරි ෆෝරමයේ තිබූ පෝස්ට් කිහිපයක්ද කැම්පස් අත්පොත නම් pdf ගොනුවේ කරුනුද ඔහු මැත්ස් කිරීමට පෙළඹීය. නමුත් ඇත්තෙන්ම එදා ඔහු මැත්ස් කිරීමට තීරණය කළද එම තීරණය ඉතා බැරෑරුම් ලෙස ඔහුගේ මනසට දැනුනි.

එසේම මැත්ස් ක්ලාස් ගැනද ඔහු සිතුවේය. පලමු දෙසතිය ඉතා ලිහිල්ව ගත වුනද තෙවන සතියේ සිට ඔහුට මැත්ස් වල බරපතල කම තේරුනි. මෙලෝ මලදානයක් තේරෙන්නැතිය. කම්බයින් ක්ලාස් එකේදී සිදුවන්නේ තනිකරම උගන්නන පොරගේ පම්පෝරි අසා සිටීම සහ පොර බෝඩ් එකේ ලියන දේවල් දෙස බලා සිටීමය. ඔහු ගණන් දෙයි. ඒවා ගණන්ද නැතිනම් මොන කුණුහරුපද කියා ඔහුට සිතේ. උගන්වන පොර දහසක් පොර ටෝක් දමයි. මොළ දියුණු කරගන්න කියයි. කතා කරන උන්ට කන පැලෙන්න දෙනවා කියයි.
කෙමිස්ට්‍රි පන්තිය ඇත්තේ කම්බයින් ක්ලාස් එකෙන් පසුවය. හෝල් එකේ ඒසී එක පන්තියේ ඉන්න උන් චිකන් පාට්ස් වගේ ගල් වෙන්න තරම් සීතලට දමා නිසා ඇග හිරි ගඩු පිපී හෝ ගානට වෙව්ලයි. එසේම පට්ට නිදිමතය. උගන්වන පොර එක එක නෝට්ස් දෙයි. මේ පාටින් මේක ලියාගන්න කියයි. මේක මෙහෙම වෙනවා කියයි. මොනවා වෙනදා කියාද දන්නේ නැත. හිටිගමන් එකවර හයියෙන් අඩි හප්පා ඒයි ඒයි කියා කෑගසයි. නිදිමතේ ඉන්න උන් ගැස්සී ඇහැරේ.
පන්තියට ගිය පළමු දින කිහිපයේ පට්ට හෝල් එක කියා ගැම්මට වර්ණනා කළ හෝල් එක දැන් පෙනෙන්නේ හිර කූඩුවක් ලෙසිනි. කුෂන් කළ බංකු වල එදා දැනුන සැපපහසුව දැන් නොදැනේ. ජනේලයක් පේනතෙක් මානෙක නැති ඒසී කළ හෝල් එක ඇතුලේ දැනුන සැපපහසුව වෙනුවට එය දකින කොටත් සිතට දැඩි මානසික පීඩනයක් දැනේ.
එසේම පන්ති යන්න එන්න යන වියදම් සිහියට නැගේ. පන්ති ෆීස් සැරය. බස් ගාස්තු සැරය. දවසට 300,400ක් අනිවා කෑමටත් එක්ක වියදම් වෙනවාමය. එසේම ගෙදර සිට පන්තියට යන්නද පැයක් හමාරක් ගත වේ. මෙලෝ මලදානයක් තේරෙන්නැතුව මේක මල වධයක් ෆීලින් එකෙන් මලමිනියක් වගේ පන්ති යමින් කරන්නෙ අම්මලා අමාරුවෙන් හොයන සල්ලි නාස්ති කරන එක නේද?
 
“මැත්ස් හරියන්නෙ නැත්තං මට හරියන්නෙ මොකක්ද? මම ආස මොකටද? මම අනාගතේ කරන්න ආස දේ මොකක්ද?“
ඔහු තාක්ෂණ විෂය ධාරාව ගැන ඇසුවේ ඔහු 9 වසරේ පමණ සිටියදීය. ඒ ඔහුගේ අසල්වාසී මිතුරෙකු වූ ඔහුට වඩා වසරකින් වැඩිමල් දසුන් අයියාගේ වැඩිමහල් සොහොයුරා තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ කර විශ්වවිද්‍යාලයට තේරුන බැවිනි. දසුන් අයියාද හැදෑරූයේ තාක්ෂණ විෂය ධාරාවමය. ඔහු ඇත්තෙන්ම තාක්ෂණ විෂය ධාරාවට එදා සිට බෙහෙවින් ඇලුම් කිරීමට පටන් ගත්තේ එහි විස්තර කිසිවක් නොදැනමය.
නමුත් ඒ ආසාව නැති වී ගියේ ඇයි? මිතුරන් ඔහුට කී අපෝ ටෙක් කරන්න එපා බං ජොබ් නෑ කැම්පස් යන්න බෑ යන්න කැම්පස් තාම හදලත් නෑ වැඩක් නෑ මැත්ස් කරපන් එස් 3ටත් හොද ජොබ් තියනවා යන කතා නිසා නේද?
වහා අන්තර්ජාලයට පිවිසුන ඔහු තාක්ෂණ විෂය ධාරාව ගැන නැවත සෙවීමට පටන් ගත්තේය. දසුන් අයියාටද මැසේජ් පාරක් දැමූ ඔහු ඇතිවූ ප්‍රශ්න බොහොමකට පිළිතුරු සොයාගත්තේය.

අවසන් වශයෙන් ඔහු නිවසේ තත්ත්වය ගැන සිතුවේය. නමුත් නිවසේ තත්ත්වය කිසිලෙසකත් තමාට හරස් නොවන බව ඔහු මැනවින් දැන සිටියේය. ඔහුගේ සිතැගි පරිදි විෂය ධාරාව තෝරාගැනීමට ඔහුට නිදහස ඇත. ඔහු මීට පෙර වරක් මැත්ස් අමාරුයි කරන්න ආසාවක් නැ යැයි කනින් කොනින් පැවසු අවස්තාවක එහෙනං ඔයා කැමති වෙන එකකට මාරු වෙන්න යැයි පැවසුවේ අම්මාමය.

මේ සියල්ලත් සමග තම සිතේ වැලලී තිබූ තාක්ෂණ විෂයට තිබූ ආසාව නැවත හිස ඔසවා තමා ඒ දෙසට අදින බව ඔහුට හොදින් දැනුනේය.

මම ටෙක් කරනවා... ඔහු අවසන් තීරණය ගත්තේය...
----------------------------------------------------------------------------------------------------------------------------

ඉතින් මිත්‍රවරුණි,
කොටි මලයාගේ ජීවිතේ වැදගත් තීරණයක් අරන් මේ මාර්තු මාසෙට අවුරුද්දක් වෙනවා. ඉතින් එදා ගත්ත තීරණේ ගැන දශමයක්වත් අද දුකක් නෑ. මාස 2ක් පරක්කු වෙලා හරි මේ තීරණේ ගත්ත එක ගැන අද මාර සැනසීමක් තියෙන්නෙ. හිතේ ආසාවෙන් කරන් යන මේ වැඩේට මම පට්ට ආදරෙයි. අනාගතේ ගැන තිබ්බ බය නෑ.
මේ තීරණේට පිං සිද්ධ වෙන්න මට ලැබුනු දේවල් බොහොමයි. ඒවා හිමීට ලියන්නම්.

කොටිමල්ලි.
2020.03.31

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...