දිනය 2019 වසරේ පෙබරවාරි මස තුන් වැනි සතියේ බ්‍රහස්පතින්දා විය හැකිය. වෙලාව පස්වරු 4.10 ට පමණ ඇත. නුගේගොඩ දුම්රිය පොළ අසල සුවිශල් අධ්‍යාපන ආයතනයක 2021 වසරේ උසස් පෙළ සිසුන් සදහා රටේ ප්‍රසිද්ධ රසායන විද්‍යා දේශකයෙකු විසින් පවත්වන අමතර පන්තිය නිම වී සිසුන් නිවෙස් බලා යමින් සිටියහ.
“ මචන් උඹ එහෙනං අරුන් එකක් වරෙන් මං හිමීට යන්නං ඈ“ යි විශ්වයාට පැවසූ ඔහු හිමින් යනවා යැයි පැවසුවද වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදගෙන යන්නට විය. ඔහු එසේ කලේ විශ්වයා සහ ඔහුගේ නඩය සමග යෑමට සිටියොත් කොහුවල හංදියට යෑමට මහත් වෙලාවක් ගත වන බැවිනි. මංදයත් මෙය කාර්යාල වේලාව බැවින් මාර්ග අංක 120 හොරණ කොළඹ බස් රථවල අධික සෙනගක් ගමන් ගනිති. එබැවින් පන්තිය ඇරුනු පසු සෑමදිනම ඔහුගේ මුල්ම අරමුණ වූයේ හැකි ඉක්මනින් කලින් ගොස් බස් රථයකට ගොඩ වීමයි. ප්‍රමාද වී යන විට සෑම විටම හසුවෙන්නේ සැමන් ටින් වෙන්න සෙනග පැටවූ බස් රථ වේ.
එම අරමුණද සහිතව වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදයන ඔහුගේ හිත අවුල් ජාලාවකට මැදිවී සිටියේය. තව දුරටත් මෙම පීඩනය දරා ගත නොහැකි තත්ත්වයකට පැමිණී ඇති බව ඔහුට වැටහේ. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තමා ගත් තීරණය නිවැරදි නැතැයි ඔහුට සිතේ. ටියුෂන් මාරු කර බලන්නට සිතේ. එහෙත් ඒ ඔක්කොම පරයා තමා ඇයි මේ මැත්ස් කරන්න හිතුවේ යැයි ඔහුට සිතේ.
බස් රථයේ නැගී හොරණට පැමිණෙන තුරුම ඔහු සිටියේ කල්පනා ලොවකය. ප්‍රශ්නය තුල දසඅතේ එරී ඇතැයි ඔහුට සිතේ. හොරණට පැමිණි ඔහු සිරිතක් ලෙස කරන ඔහුගේ ප්‍රියතම අවන්හල වූ දිනුසර එකෙන් 200 බත් එක කෑ පසු යන්තං ගෙදර යාමට හැකි තරමට තත්ත්වය සමනය විය.
නිවසට ගිය ඔහු ඇදේ වැතිරී ගැටලු එකින් එක ගෙන සිතන්නට විය.
සැබැවින්ම ඔහු මැත්ස් කිරීමට සිතුවේ ඇයි? ඊට පෙර අවුරුද්දේ එනම් 2018 වසරේ දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ ලිවූ ඔහු විභාගය අවසන් වී සති 2කට පමණ පසු නුගේගොඩ අධ්‍යාපන ආයතනයක රසායන විද්‍යාව සහ සංයුක්ත ගණිතය අමතර පන්ති සදහා සහභාගී වීමට විශ්ව සමග ගියේ තම පාසලේ හොදම මිතුරා වූ ප්ලේන් මල්ලිගේ ඇරයුමකට අනුවය. ඔහුට ඒ දිනවල දක්නට ලැබුනු ෆේස්බුක් සහ එලකිරි ෆෝරමයේ තිබූ පෝස්ට් කිහිපයක්ද කැම්පස් අත්පොත නම් pdf ගොනුවේ කරුනුද ඔහු මැත්ස් කිරීමට පෙළඹීය. නමුත් ඇත්තෙන්ම එදා ඔහු මැත්ස් කිරීමට තීරණය කළද එම තීරණය ඉතා බැරෑරුම් ලෙස ඔහුගේ මනසට දැනුනි.
එසේම මැත්ස් ක්ලාස් ගැනද ඔහු සිතුවේය. පලමු දෙසතිය ඉතා ලිහිල්ව ගත වුනද තෙවන සතියේ සිට ඔහුට මැත්ස් වල බරපතල කම තේරුනි. මෙලෝ මලදානයක් තේරෙන්නැතිය. කම්බයින් ක්ලාස් එකේදී සිදුවන්නේ තනිකරම උගන්නන පොරගේ පම්පෝරි අසා සිටීම සහ පොර බෝඩ් එකේ ලියන දේවල් දෙස බලා සිටීමය. ඔහු ගණන් දෙයි. ඒවා ගණන්ද නැතිනම් මොන කුණුහරුපද කියා ඔහුට සිතේ. උගන්වන පොර දහසක් පොර ටෝක් දමයි. මොළ දියුණු කරගන්න කියයි. කතා කරන උන්ට කන පැලෙන්න දෙනවා කියයි.
කෙමිස්ට්‍රි පන්තිය ඇත්තේ කම්බයින් ක්ලාස් එකෙන් පසුවය. හෝල් එකේ ඒසී එක පන්තියේ ඉන්න උන් චිකන් පාට්ස් වගේ ගල් වෙන්න තරම් සීතලට දමා නිසා ඇග හිරි ගඩු පිපී හෝ ගානට වෙව්ලයි. එසේම පට්ට නිදිමතය. උගන්වන පොර එක එක නෝට්ස් දෙයි. මේ පාටින් මේක ලියාගන්න කියයි. මේක මෙහෙම වෙනවා කියයි. මොනවා වෙනදා කියාද දන්නේ නැත. හිටිගමන් එකවර හයියෙන් අඩි හප්පා ඒයි ඒයි කියා කෑගසයි. නිදිමතේ ඉන්න උන් ගැස්සී ඇහැරේ.
පන්තියට ගිය පළමු දින කිහිපයේ පට්ට හෝල් එක කියා ගැම්මට වර්ණනා කළ හෝල් එක දැන් පෙනෙන්නේ හිර කූඩුවක් ලෙසිනි. කුෂන් කළ බංකු වල එදා දැනුන සැපපහසුව දැන් නොදැනේ. ජනේලයක් පේනතෙක් මානෙක නැති ඒසී කළ හෝල් එක ඇතුලේ දැනුන සැපපහසුව වෙනුවට එය දකින කොටත් සිතට දැඩි මානසික පීඩනයක් දැනේ.
එසේම පන්ති යන්න එන්න යන වියදම් සිහියට නැගේ. පන්ති ෆීස් සැරය. බස් ගාස්තු සැරය. දවසට 300,400ක් අනිවා කෑමටත් එක්ක වියදම් වෙනවාමය. එසේම ගෙදර සිට පන්තියට යන්නද පැයක් හමාරක් ගත වේ. මෙලෝ මලදානයක් තේරෙන්නැතුව මේක මල වධයක් ෆීලින් එකෙන් මලමිනියක් වගේ පන්ති යමින් කරන්නෙ අම්මලා අමාරුවෙන් හොයන සල්ලි නාස්ති කරන එක නේද?
“මැත්ස් හරියන්නෙ නැත්තං මට හරියන්නෙ මොකක්ද? මම ආස මොකටද? මම අනාගතේ කරන්න ආස දේ මොකක්ද?“
ඔහු තාක්ෂණ විෂය ධාරාව ගැන ඇසුවේ ඔහු 9 වසරේ පමණ සිටියදීය. ඒ ඔහුගේ අසල්වාසී මිතුරෙකු වූ ඔහුට වඩා වසරකින් වැඩිමල් දසුන් අයියාගේ වැඩිමහල් සොහොයුරා තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ කර විශ්වවිද්‍යාලයට තේරුන බැවිනි. දසුන් අයියාද හැදෑරූයේ තාක්ෂණ විෂය ධාරාවමය. ඔහු ඇත්තෙන්ම තාක්ෂණ විෂය ධාරාවට එදා සිට බෙහෙවින් ඇලුම් කිරීමට පටන් ගත්තේ එහි විස්තර කිසිවක් නොදැනමය.
නමුත් ඒ ආසාව නැති වී ගියේ ඇයි? මිතුරන් ඔහුට කී අපෝ ටෙක් කරන්න එපා බං ජොබ් නෑ කැම්පස් යන්න බෑ යන්න කැම්පස් තාම හදලත් නෑ වැඩක් නෑ මැත්ස් කරපන් එස් 3ටත් හොද ජොබ් තියනවා යන කතා නිසා නේද?
වහා අන්තර්ජාලයට පිවිසුන ඔහු තාක්ෂණ විෂය ධාරාව ගැන නැවත සෙවීමට පටන් ගත්තේය. දසුන් අයියාටද මැසේජ් පාරක් දැමූ ඔහු ඇතිවූ ප්‍රශ්න බොහොමකට පිළිතුරු සොයාගත්තේය.
අවසන් වශයෙන් ඔහු නිවසේ තත්ත්වය ගැන සිතුවේය. නමුත් නිවසේ තත්ත්වය කිසිලෙසකත් තමාට හරස් නොවන බව ඔහු මැනවින් දැන සිටියේය. ඔහුගේ සිතැගි පරිදි විෂය ධාරාව තෝරාගැනීමට ඔහුට නිදහස ඇත. ඔහු මීට පෙර වරක් මැත්ස් අමාරුයි කරන්න ආසාවක් නැ යැයි කනින් කොනින් පැවසු අවස්තාවක එහෙනං ඔයා කැමති වෙන එකකට මාරු වෙන්න යැයි පැවසුවේ අම්මාමය.
මේ සියල්ලත් සමග තම සිතේ වැලලී තිබූ තාක්ෂණ විෂයට තිබූ ආසාව නැවත හිස ඔසවා තමා ඒ දෙසට අදින බව ඔහුට හොදින් දැනුනේය.
මම ටෙක් කරනවා... ඔහු අවසන් තීරණය ගත්තේය...
----------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් මිත්‍රවරුණි,
කොටි මලයාගේ ජීවිතේ වැදගත් තීරණයක් අරන් මේ මාර්තු මාසෙට අවුරුද්දක් වෙනවා. ඉතින් එදා ගත්ත තීරණේ ගැන දශමයක්වත් අද දුකක් නෑ. මාස 2ක් පරක්කු වෙලා හරි මේ තීරණේ ගත්ත එක ගැන අද මාර සැනසීමක් තියෙන්නෙ. හිතේ ආසාවෙන් කරන් යන මේ වැඩේට මම පට්ට ආදරෙයි. අනාගතේ ගැන තිබ්බ බය නෑ.
මේ තීරණේට පිං සිද්ධ වෙන්න මට ලැබුනු දේවල් බොහොමයි. ඒවා හිමීට ලියන්නම්.
කොටිමල්ලි.
2020.03.31
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
No comments:
Post a Comment