දැන් සති දෙක තුනකට කලින්,
මම සැලුන් එකට ගියා කොණ්ඩෙ කපා ගන්න...එච්චර කොණ්ඩෙ වැඩි වෙලා තිබ්බෙ නෑ...ඉස්කොලෙ නායකයො ටික කිවුවෙත් නෑ දැන්ම කපන්න කියල...කෝකටත් කියල මම ගියා කොණ්ඩෙ කපන්න...
හම්මේ...අද නං 2යි ඉන්නෙ කොණ්ඩෙ කපන්න...එකෙක් කපලා ඉවර වෙන්න ළගයි...තව 7 වසරෙ විතර පොඩි එකෙක් හිටිය ඌත් කොණ්ඩෙ කපන්න ඇවිත්...මම ඉතින් එතන පුටුවක වාඩි වෙලා මම තිබුනු පත්තරයක් කියවන්න පටන් ගත්තා...ඒ වගේම මට අද ටිකක් හැපී...මොකද මගේ කරුමයක් තියනව හැමදාම කොණ්ඩෙ කපන්න සැලුන් එකට ගියාම මොකෙක් හරි එකෙක් පැය ගාණක් කට් ගහනව...මං හිතුව අද නං අවුලක් නෑ කවුරුත් නෑ පොඩි එකත් ඉක්මනට කපා ගෙන යයි කියල...මොකද මට සැලුන් එකට යන්න හංදියට යන එක මල වධයක්...ඒ වගේම මගේ වාරෙ එනකන් පැය ගානක් එතන බකන්නිලා ගෙන ඉන්න එක ඊටත් වඩා වදයක්...ඉතින් මොකෙක් හරි එකෙක් ඇවිත් පැය ගානක් බාබරයට එක එක ඒව කිය කිය කට් ගහනකොට මට එපාම වෙලා යනව....
කොහොමින් කොහොමින් හරි ටිකකින් ඇන්ටි කෙනෙකුත් ඇවිත් වාඩි උනා...බලද්දි එයා අර පොඩි එකාගෙ අම්මා...කොහොම හරි කොණ්ඩෙ කප කපා හිටපු එක්කෙනා ගියා...ඊට පස්සෙ පොඩි එකා...ඊට පස්සෙ මම...මමත් ඉතින් දැන් අරූත් ඉක්මනින් කපා ගෙන යයි කියලා හැපි එකේ හිටියා...
අර පොඩි එකා පුටුවෙ වාඩි වෙලා බාබරයට කිවුවා මොකක්ද එකක්...
බාබරයා-එහෙම ඕන්නෑ ඉස්කූල් කට් එක ගහමු
අරූ-බෑ බෑ අරම කපන්න
අරූගෙ අම්මා-යසයි මං නං දන්නෑ ඉස්කෝලෙන් බැන්නොත්...ඉස්කෝලෙ විදියට කපමු
අරූ-අනේ අම්මා...(ඌ මූණ බෙරි කරලා කට ඇදලා කිවුව විදිහට මට මේ ජීවිතේ මොකටද කියල හිතුන ඒපාර)
අරූගෙ අම්මා-ඕනි විදිහකට කපා ගන්න ඔන්න ඉස්කෝලෙන් බැන්නොත් මම නං පැත්ත පලාගෙ එන්නෑ
කොහොම හරි දැන් අරූ කට් එක කපනව...මටත් යකා නැග්ග හිතාගන්න පුලුවන්නෙ මට ආපු ෆීලින් එක...මුංට බයක් නැති හැටි...එහෙම නැත්තං ගොන්කම...එහෙම නැත්තං ඒ ඉස්කෝල නීති ක්‍රියාත්මක වෙන්නැති කම...අනික අම්මල ළමයින්ට ඕනවට වඩා පිස්සු වැඩ කරන්න ඉඩදීම...
මට හිතාගන්න බෑ මුං කොහොම එහෙම ඉන්නවද කියල...සාමාන්‍යෙයන් අපේ ඉස්කෝලෙ වගේ එහෙම නං අරූට ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළට එන්න වෙන්නෑ...සැර සර් කෙනෙක්ට මාට්ටු උනොත් අරූගෙ පස්ස පැත්ත ගැන හිතාගන්න බැරි වෙන්න තිබ්බා...අනික මං නං කියන්නෙ ඒ අම්මලත් වැරදි...ළමයි ඉන්න ඕනෙ ළමයි විදිහටනෙ...මම එහෙම කොණ්ඩෙ කැපුව නං මට ගෙයින් එලියෙ තමා ඉන්න වෙන්නෙ...අනික සාමාන්‍ය විදිහට ළමයෙක් විදිහට ඉස්කෝලෙ යන්න ඕනි එකා නිකන් අවුරුදු විසි පහේ එකෙක් වගේ මහාලොකුවට අනිත් එවුන්ට වැඩේ දාන්න ඉස්කෝලෙ ගියාම කොහොමද?...උගෙ වයසෙ අනිත් එවුන් නං කමක් නෑ කියමු...ඒත් දකින වෙන අය හිතන්නෙ කොහොමද?...ඒ ඉස්කෝලෙ ඉන්නෙ මහ ගොඩේ එවුන් කියල...ඒක මහ ගොඩේ ඉස්කෝලයක් කියල...ඉස්කෝලෙම ඉවරයිනෙ ඉතින්...
මම නං කවදාවත් ඉස්කෝලෙ නිවාඩුවකටවත් කට් ගහපු එකෙක් නෙවේ...මම නිවාඩුව පටන් ගන්න කලින්ම ගිහින් ඉස්කෝලෙ ගානට කොණ්ඩෙ කපන එකෙක්...ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් අර විදිහට කට් ගහන්නෑ කියන මතයේ ඉන්න එකෙක්...අපි වැදගත් විදිහට ඉන්නනේ ඉගෙන ගන්න ඕනේ...
මම නං කියන්නෙ ළමයි ප්‍රධාන වශයෙන් ළමයි වගේ ඉන්න ඕනෙ...ඔය නිවාඩු කාලෙට ඉස්කෝලෙන් ගියාට පස්සෙ නං ඉතින් ගැහුවට කමක් නෑ...එහෙම ගහන එක නතර කරන්නත් බෑ...දැන් ළමයින්ගේ මානසිකත්වය වෙනස්...ඉස්සර ටැබ් ෆෝන් නැති කාලෙ ඔය මොනවත් තිබුන්නෑ...දැන් මුංට ඕනි කට් එකක් ගහලා සෙල්ෆියක් ගහලා බුකියට අප්ලෝඩ් කරලා තමා පොරක් කියල පෙන්නගන්න...ඕකනෙ මුංගෙ දේශපාලනේ...ඒත් ඉතින් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් මට නං පේන්නෙ ඒක උන්ගේ පොරත්වය නොව ඒක උන්ගේ මෝඩ නූගත් බවයි...
ඉතින් මම නං කියන්නෙ ඔය කට් ගහන එවුවො තව ටිකක් ඒ ගැන හිතල බලන්න කියල...උඹලා අතරෙත් එහෙම මේක කියවන එවුන් ඉන්නවා නං කමෙන්ට් එකක් දාලා පලයල්ලා ලෝබ නොවී...මොකද මට ආසයි එහෙම එකෙක් එක්ක පොඩි ටෝකක් දාල බලන්න මගෙ බ්ලොග් එක හරහා...ඒ වගේම මේක කියවන හැමෝම පුලුවන් නං වෙලාවක් තියේ නං කමෙන්ට් එකක් දාන්න...ඒක මට ලොකු හයියක්...
එහෙනං මම ගියෝ...
ඔබ සැමට ජයෙන් ජයම වේවා...!!!
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
මගේ ලෝකෙ ජාතික වීරයා
"මගේ එදා දේශනයෙදි මම පොඩි වැඩක් කලා. මම හැමෝගෙන්ම ඇහුවා කවුද ඔයා කැමතිම වීරයා කියලා. එක එක උත්තර හම්බුනා. අනගාරික ධර්මපාල, පුරන් අප්පු ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
ඔය කතාව නන් සම්පුර්ණ ඇත්ත මල්ලි.
ReplyDeleteඅනිවා අයියෙ...දැන් 5 වසරෙ පොඩි උන් ඉන්නෙ නිකන් අම්මල තාත්තල වගේ...
Delete