Skip to main content

කට් කට් කොණ්ඩ කට් මොකටද?

දැන් සති දෙක තුනකට කලින්,
                     මම සැලුන් එකට ගියා කොණ්ඩෙ කපා ගන්න...එච්චර කොණ්ඩෙ වැඩි වෙලා තිබ්බෙ නෑ...ඉස්කොලෙ නායකයො ටික කිවුවෙත් නෑ දැන්ම කපන්න කියල...කෝකටත් කියල මම ගියා කොණ්ඩෙ කපන්න...

හම්මේ...අද නං 2යි ඉන්නෙ කොණ්ඩෙ කපන්න...එකෙක් කපලා ඉවර වෙන්න ළගයි...තව 7 වසරෙ විතර පොඩි එකෙක් හිටිය ඌත් කොණ්ඩෙ කපන්න ඇවිත්...මම ඉතින් එතන පුටුවක වාඩි වෙලා මම තිබුනු පත්තරයක් කියවන්න පටන් ගත්තා...ඒ වගේම මට අද ටිකක් හැපී...මොකද මගේ කරුමයක් තියනව හැම‍දාම කොණ්ඩෙ කපන්න සැලුන් එකට ගියාම මොකෙක් හරි එකෙක් පැය ගාණක් කට් ගහනව...මං හිතුව අද නං අවුලක් නෑ කවුරුත් නෑ පොඩි එකත් ඉක්මනට කපා ගෙන යයි කියල...මොකද මට සැලුන් එකට යන්න හංදියට යන එක මල වධයක්...ඒ වගේම මගේ වාරෙ එනකන් පැය ගානක් එතන බකන්නිලා ගෙන ඉන්න එක ඊටත් වඩා වදයක්...ඉතින් මොකෙක් හරි එකෙක් ඇවිත් පැය ගානක් බාබරයට එක එක ඒව කිය කිය කට් ගහනකොට මට එපාම වෙලා යනව....

කොහොමින් කොහොමින් හරි ටිකකින් ඇන්ටි කෙනෙකුත් ඇවිත් වාඩි උනා...බලද්දි එයා අර පොඩි එකාගෙ අම්මා...කොහොම හරි කොණ්ඩෙ කප කපා හිටපු එක්කෙනා ගියා...ඊට පස්සෙ පොඩි එකා...ඊට පස්සෙ මම...මමත් ඉතින් දැන් අරූත් ඉක්මනින් කපා ගෙන යයි කියලා හැපි එකේ හිටියා...

අර පොඩි එකා පුටුවෙ වාඩි වෙලා බාබරයට කිවුවා මොකක්ද එකක්...

බාබරයා-එහෙම ඕන්නෑ ඉස්කූල් කට් එක ගහමු
අරූ-බෑ බෑ අරම කපන්න
අරූගෙ අම්මා-යසයි මං නං දන්නෑ ඉස්කෝලෙන් බැන්නොත්...ඉස්කෝලෙ විදියට කපමු
අරූ-අනේ අම්මා...(ඌ මූණ බෙරි කරලා කට ඇදලා කිවුව විදිහට මට මේ ජීවිතේ මොකටද කියල හිතුන ඒපාර)
අරූගෙ අම්මා-ඕනි විදිහකට කපා ගන්න ඔන්න ඉස්කෝලෙන් බැන්නොත් මම නං පැත්ත පලාගෙ එන්නෑ

කොහොම හරි දැන් අරූ කට් එක කපනව...මටත් යකා නැග්ග හිතාගන්න පුලුවන්නෙ මට ආපු ෆීලින් එක...මුංට බයක් නැති හැටි...එහෙම නැත්තං ගොන්කම...එහෙම නැත්තං ඒ ඉස්කෝල නීති ක්‍රියාත්මක වෙන්නැති කම...අනික අම්මල ළමයින්ට ඕනවට වඩා පිස්සු වැඩ කරන්න ඉඩදීම...

මට හිතාගන්න බෑ මුං කොහොම එහෙම ඉන්නවද කියල...සාමාන්‍යෙයන් අපේ ඉස්කෝලෙ වගේ එහෙම නං අරූට ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළට එන්න වෙන්නෑ...සැර සර් කෙනෙක්ට මාට්ටු උනොත් අරූගෙ පස්ස පැත්ත ගැන හිතාගන්න බැරි වෙන්න තිබ්බා...අනික මං නං කියන්නෙ ඒ අම්මලත් වැරදි...ළමයි ඉන්න ඕනෙ ළමයි විදිහටනෙ...මම එහෙම කොණ්ඩෙ කැපුව නං මට ගෙයින් එලියෙ තමා ඉන්න වෙන්නෙ...අනික සාමාන්‍ය විදිහට ළමයෙක් විදිහට ඉස්කෝලෙ යන්න ඕනි එකා නිකන් අවුරුදු විසි පහේ එකෙක් වගේ මහාලොකුවට අනිත් එවුන්ට වැඩේ දාන්න ඉස්කෝලෙ ගියාම කොහොමද?...උගෙ වයසෙ අනිත් එවුන් නං කමක් නෑ කියමු...ඒත් දකින වෙන අය හිතන්නෙ කොහොමද?...ඒ ඉස්කෝලෙ ඉන්නෙ මහ ගොඩේ එවුන් කියල...ඒක මහ ගොඩේ ඉස්කෝලයක් කියල...ඉස්කෝලෙම ඉවරයිනෙ ඉතින්...

මම නං කවදාවත් ඉස්කෝලෙ නිවාඩුවකටවත් කට් ගහපු එකෙක් නෙවේ...මම නිවාඩුව පටන් ගන්න කලින්ම ගිහින් ඉස්කෝලෙ ගානට කොණ්ඩෙ කපන එකෙක්...ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් අර විදිහට කට් ගහන්නෑ කියන මතයේ ඉන්න එකෙක්...අපි වැදගත් විදිහට ඉන්නනේ ඉගෙන ගන්න ඕනේ...

මම නං කියන්නෙ ළමයි ප්‍රධාන වශයෙන් ළමයි වගේ ඉන්න ඕනෙ...ඔය නිවාඩු කාලෙට ඉස්කෝලෙන් ගියාට පස්සෙ නං ඉතින් ගැහුවට කමක් නෑ...එහෙම ගහන එක නතර කරන්නත් බෑ...දැන් ළමයින්ගේ මානසිකත්වය වෙනස්...ඉස්සර ටැබ් ෆෝන් නැති කාලෙ ඔය මොනවත් තිබුන්නෑ...දැන් මුංට ඕනි කට් එකක් ගහලා සෙල්ෆියක් ගහලා බුකියට අප්ලෝඩ් කරලා තමා පොරක් කියල පෙන්නගන්න...ඕකනෙ මුංගෙ දේශපාලනේ...ඒත් ඉතින් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් මට නං පේන්නෙ ඒක උන්ගේ පොරත්වය නොව ඒක උන්ගේ මෝඩ නූගත් බවයි...

ඉතින් මම නං කියන්නෙ ඔය කට් ගහන එවුවො තව ටිකක් ඒ ගැන හිතල බලන්න කියල...උඹලා අතරෙත් එහෙම මේක කියවන එවුන් ඉන්නවා නං කමෙන්ට් එකක් දාලා පලයල්ලා ලෝබ නොවී...මොකද මට ආසයි එහෙම එකෙක් එක්ක පොඩි ටෝකක් දාල බලන්න මගෙ බ්ලොග් එක හරහා...ඒ වගේම මේක කියවන හැමෝම පුලුවන් නං වෙලාවක් තියේ නං කමෙන්ට් එකක් දාන්න...ඒක මට ලොකු හයියක්...

එහෙනං මම ගියෝ...
ඔබ සැමට ජයෙන් ජයම වේවා...!!!





Comments

  1. ඔය කතාව නන් සම්පුර්ණ ඇත්ත මල්ලි.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියෙ...දැන් 5 වසරෙ පොඩි උන් ඉන්නෙ නිකන් අම්මල තාත්තල වගේ...

      Delete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...