ඕන්න යාලුවනේ කාලෙකට පස්සේ තමා කොටි මලයට බ්ලොග් එක පැත්තේ එන්ඩ විවේකයක් සෙට් උනේ...කරන්න දෙයක් තිබුන්නැති නිසාත් අද කෙකර ගාල කෙකර ගාලා ඉංග්ලිෂ් පන්ති නොගිය නිසාත් මේ මල්ලිට පොඩි විවේකයක් හම්බ උනා...ඒ නිසා තමා මලයා හැම සෙනසුරාදා වගේම විදින කරදරයක් ගැන කියන්ඩ හිතුනේ...
මේ මලයා ජීවත් වෙන්නෙ හොරණ ප්‍රෙද්ශේ කියලා හැමෝම දන්නවනේ...මේ මලයා විද්‍යා පන්ති යන්නෙ සෙනසුරාදා හොරන පොකුණුවිට තියන පන්තියකට...ඉතින් මේ කොල්ලාගෙ දයාබර පියාණෝ සෙනසුරාදා වැඩට යන ගමන් උදේට මේ කොටි මලයවත් විද්යා පන්තියට දාගෙන යනවා.ඊට පස්සෙ දවල් වෙලා මේ මලයා බස් එකේ තමා ගෙදර එන්නේ...
ඔන්න ඉතින් විද්‍යා පන්තියේ ඉදන් ගෙදර එන්න මලයට බස් 2කට මාරු වෙන්ඩ සිද්ද වෙනවා...මුලින්ම විද්යා පන්තිය ලගින් හොරන කොළඹ 120 බස් එකේ නැගී හොරණ ටවුමට යන්ඩ ඕනෑ...ඊට පස්සෙ තවත් බසයක නැගි මලයා ජීවත් වන හොරණ දික්හේනපුර හංදියෙන් බහින්ට ඕනැ..එතන ඉදන් ගෙදෙට්ට තියන මිටර් 500 දුර මලයා පයින් තමා යන්නෙ...
ඕන්න ඉතින් විද්යා පන්තිය ලගින් හොරණ කොළඹ (මාර්ග අංක 120)බස් එකේ නැග්ගා කියමුකෝ...120 බස් කාරයා යන යෑම ගැන කියන්ඩ නෙවේ අද පෝස්ට් එක ලියන්නේ...හොරණ ටවුමෙන් දික්හේන හංදියට යන බස් ගැන තමා අද කියන්නේ...ඒ නිසා අපි 120 බස් එකේ නැගී හොරණ ප්‍රධාන බස් ස්ටෑන්ඩ් එකටම එමුකෝ...
ඔන්න ඉතින් මලයා හොරණ ටවුමට ඇවිත් සල්ලි ඩිංගක් ඉතුරු උනොත් sds pastry shop එකෙන් සොසේජ් බන් එකක් සෝස් එක්ක කාලා තමා ගෙදර යන්න බස් එකට නගින්නේ...
ඔන්න ඉතින් මලයට යන්න ගොඩක් වෙලාවට තියෙන්නෙ ඉංගිරිය-හොරණ බස් තමයි.ඒක තමා මලයාගේ සිතුවිලි වලට අනුව හොරණ බස් ස්ටෑන්ඩ් එකේ චාටර්ම බස් ටික...හේතුව මොකක්ද?
මේ යක්කු බස් එක අද්දන්නෙ පැය ගාණක් ගියාට පස්සෙ.මුලින්ම බස් එක ස්ටාට් කරල ඊට පස්සෙ ටවුමටම ඇහෙන්ඩ රේස් කරනවා...ග්රං ග්රං ග්රං ගාල...රේස් කලාට මිනිස්සු වැඩිය බස් එකට නැග්ගෙ නැත්තං මුං බස් එකේ රෝද ටික අගල් 5ක් විතර ඉස්සරහට ගන්නව.ඒක දැකල ඉතින් මිනිස්සුත් දැන් යන බස් එක කියල නගිනව.මුං මොකද කරන්නෙ නැවතත් අර ඉස්සරහට ගත්තෙ අගල් 5ක් නං අගල් 6ක් ආපහු පිටිපස්සට යනව.මුං පැය ගානක් ඔය වැඩේ කරල අන්තිමට හෙන වෙලාවක් ගියාට පස්සෙ තමා බස් එක අද්දන්නෙ.
ඉතින් අපේ කොටි මලයාට පැය ගානක් චාටර් වෙලා තමා ගෙදර තියා බස් ස්ටැන්ඩ් එකෙන් එලියට හරි බස් එකේ යන්නෙ...
ඔන්න ඕක තමා බස් එකේ ඩැයිවර් උන්දැගෙ පැටිකිරිය...ඌ විතරක් නං කියාංකො...දැන් කියන්න යන්නෙ බස් එකේ ඉන්න යක්ස කොන්දොස්තර ලොක්කා ගැන...
මු ගැන නං ඉතින් කතා කරන්න දෙයක් නැ...බස් කොන්දොස්තරලා ගත්තොත් 80-90%ක් මහා බලු විදිහට තමා මගීන්ට කතා කරන්නෙ.ඒත් මිහිපිට දෙවිවරු වගේ කොන්දොස්තර මහත්තු නැතුව නෙවෙයි.ඒ වගේ මහතෙක් කොටි මලයාගේ බස් ජීවිතයේදී 120 බස් එකකදි මුණ ගැසි තියනවා.ඒ මහතා ගැන ලිවිම මලයා අනාගතේට බාර කරල ආපහු යනවා කතාවට...
අපි කොතනද නැවැත්තුවේ?ආ...ඉංගිරිය බස් එකේ කොන්දොස්තර ලොක්කා ගැන නේද?
කතා කරල වැඩක් නැ මලයට හොරණ ටවුමෙ ඉදන් දික්හේන හංදියට රු.8යි...දැන් කාලෙ මාරු නැති නිසා මලයා ගොඩක් වෙලාවට රු.20 කොලේ තමා කොන්දොස්තර ලොක්කට දෙන්නෙ.දන්නවනෙ කතාව...නෝ ඉතුරු සල්ලි...සමහරු නං දෙනවා...බොහෝ අය නෑ...කතා කරන්න දන්නෙ නෑ...දවසක් එකෙක් කොටි මලයට හෙන ටෝක් එකක් දුන්නා මාරු සල්ලි වලින් සල්ලි දෙන්නෙ නැ කියල...මාරු තියෙන්ඩ එපෑ යකෝ මාරු සල්ලි දෙන්න...අනික මාරු සල්ලි දුන්නැ කියල මැරෙනවද?...අනික බනිනව කියල එහෙමත් බනිනවද?...ඒ වගේ උන් ගැන නං කතා කරල වැඩක් නෑ...
දැන් ඉතින් කොන්දොස්තර ලොක්කා ගැනයි ඩැයිවර් උන්දෑ ගැනයි කිවුවනේ...දැන් කියන්නෙ අන්තිම වරිගයා ගැන...ඇ...බස් කොන්දයි ඩැයිවරුයි ඇරුනම තව කවුද බං බලු විදිහට බස් වල යන්නේ?...නැ බං ඒ තමයි ප්‍රධානම එවුන් ටික...බස් මගීන්
කොටි මලයාට බස් මගීන් ගැන තියන ලොකුම චෝදනාව තමා ඉඩ දෙන්නෙ නැති කම...ඒ වගේම ඉංගිරිය බස් මගින් මහා බලු වැඩක් කරනවා...මොකක්ද දන්නවද?
දැන් කියන්නකො බස් එකේ සිට් ඔක්කකොම පිරිල...ඊට පස්සෙ ඉතින් මිනිස්සු හිටගෙනනෙ යන්නෙ.මුං මොකද කරන්නේ?ඔක්කොම බස් එකේ දොරවල් 2 විශේෂයෙන් ඉස්සර දොර ළගමයි හිටගෙන හිර වෙලා යන්නෙ.බස් එකේ මැද කොටසේ අම්බානෙකට ඉඩ තියනව.ඇයි මුං හැමෝම ඉස්සර දොර ළගම හිර වෙලා යන්නේ?මේක කොටි මලයට මාරම ප්‍රශ්නයක්...පොඩ්ඩක් හිතමුකො ළග බහින උන් නං එහෙම හිටියත් කමක් නෑ කියල බහින්න ලේසි නිසා.කොටි මලයත් ලග බහින කෙනෙක්.ඒත් මේ දුර බහින අය මොකද කරන්නේ?උනුත් දොර ලගම හිර වෙලා සක්කෙ ගහගෙන ඉන්නව.සමහර කොන්දොස්තර අයියල ගිරිය යටින් කැගහනව එහාට යන්න එහාට යන්න මැද ඉඩ තියනවනෙ කිය කිය...ඒත් මුං එකෙක් හෙල්ලෙන්නෙ නැනෙ...වැඩිම උනොත් අගලක් යයි.මැද හොදටම ඉඩ තියනව.ඇයි එහෙම කරන්නෙ?කොටි මලයා නං කියන්නෙ මිනිස්සුන්ගෙ බලුකම නැත්තං ගොන්කම...ඉතින් මේ විදිහට කලාම අර ළග බහින අහිංසකයොන්ට බස් එකෙන් බහින්න වෙන්නෙ අම්බානෙකට හිර වෙලා තැලිල...මොකද අර දුර බහින එකෙක්වත් බහින එකාට බහින්නවත් අගලක් එහා මෙහා වෙන්නෙ නෑ.ඇයි එහෙම කරන්නෙ?ළග බහින එකාට බහින්න දීල දුර බහින එකා පොඩ්ඩක් එහාට උනාම ඌ මැරෙනවද?පිලිතුර ඔබට බාරයි.
..................................................................................................................................................................
අද ලිපියෙන් කිවුවෙ ඇත්තටම මම(කොටි මල්ලි)බස් එකේ යද්දි විදින දුක ගැන...ඔයාලා අතරත් අර මං කිවුවා වගේ අය ඇති...ඉතින් එහෙම අය ඉන්නවා නං ආත්මාර්ථකාමී නොවී ඒ වැරදි හදා ගන්න කියල මං කරුණාවෙන් ඉල්ලා සිටිනව...එහෙනං හැමෝටම සුබම වේවා!!!...ජයම වේවා!!!
2016.06.25
2016.07.26 UPDATE...
පොඩි අප්ඩේට් එකක්...දැන් නං දෙය්යනේ කියල ඉංගිරිය බස් එකේ චාටර් එක ඉවරයි.මොකද දැන් කොටි මලයට විද්‍යා පන්ති ඉවර වෙච්ච ගමන් ICT ක්ලාස් එකක් තියනව.ඒක ඉවර වෙනකොට දික්හේන බස් එකත් එන හින්ද කොටි මලය ගේ ළගින්ම ලේසියෙන් බහිනව.විස්තර අගෝස්තු නිවාඩුවෙදි කියන්නංකෝ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්
" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
No comments:
Post a Comment