මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Monday, October 5, 2015
බ්ලොග් එකක් කරල ඇති වැඩේ මොකක්ද?
මේක මට ගොඩාක් වෙලාවට එන ප්‍රශ්නයක්.ඇයි අපි බ්ලොග් එකක් කරන්නේ?ඒකෙන් අපිට ඇති වැඩේ මොකක්ද?මේකට ඇත්තටම තේරුමක් මම දන්නෙත් නෑ.මට හිතෙන දේ කියල දානවා.....
ගොඩක් අය කියනව බ්ලොග් එකක් කිරීමෙන් හිතන ලොකු සහනයක් ලැබෙනවලු.ඒක නං ඇත්ත කියල මටත් පෞද්ගලිකවට හිතිල තියනව.
බ්ලොග් එකෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා කරනවාලු.මේකත් ඇත්ත.සල්ලි හොයන්න පුලුවන්.ඇඩ් නෙට්වර්ක් හරහා...නමුත් මම මගේ ටෙච් බ්ලොග් එකට දාල තියනවා.ට්‍රැෆික් ආවොත් සල්ලි එන්න.ඒත්...මම වගකීමෙන් කියනව මම කවදාවත් සල්ලි හොයන්න බ්ලොග් කරන්නෙ නෑ.මම අරකට ඇඩ් දාල තියනව ඒක ඇත්ත.ඒ සල්ලි ආවොත් ගන්නව නැත්තං නිකන් ඉන්නව කියල හිතාගෙන...කොහොමත් වින්ඩිගේ අඩවියට මම ඇඩ් දාන්නෙ නෑ..
දැන් සිංහල බ්ලොග්කරණය විනාස වෙලාලු.මේක නං ඇත්ත කියල මට හිතෙනව මොකද පරණ බ්ලොග් 2006-2009 කාලෙ ආපු බ්ලොග් දිහා බැලුවට දැන් තියෙන්නෙ මොනවද කියල හිතෙනව.හොර සොෆ්ට්වෙයා පීටීසී ඊමනි ගැනමයි තියෙන්නෙ.පෝස්ට් එකක read more බට්න් එකක් ක්ලික් කරල ඉතිරි ටික කියවන්න බෑ adf.ly,short.st වලින් තියාගෙන තත්පර 5ක් චාටර් කරනව ඒ මදිවට පොප් අප් ඇඩ්ස් එපා වෙනව ආයිත් මිනිහෙක් යයිද ඔහොම බ්ලොග් එකකට?හොදයි මොන කට්ට කාගෙන ගියත් වැඩක් නෑ මෙලෝ රහක් නැති පෝස්ට් එකක් තියෙන්නෙ.එපා වෙනවනෙ ඉතින්....
ගොඩක් බ්ලොග් අවුරුදු 2යි.
අැයි මොකක් හරි වැදගත් දෙයක් තියන බ්ලොග් එකක ආයුකාලය අවුරුදු 2කට සීමා වෙන්නෙ?වැඩිම උනොත් අවුරුදු 3යි නැත්තං 4යි.ඇයි මෙහෙම වෙන්නේ?මේකට නං මටත් උත්තරයක් හිතාගන්න බෑ.
2014 අපල වසරකි.
මට මේක පෞද්ගලිකවම හිතුනු දෙයක්.ගොඩාක් හොද අදහස්/ලිපි තියන හුගක් පරණ බ්ලොග් 2014න් පස්සෙ ලියන එක නවත්තල.2006 ඉදන්ම කරගෙන ආපු දක්ෂ බ්ලොග් කාරයොත් 2014න් නවත්තල.අලුත් හොද ඒවත් ඉවරයි.
බ්ලොග් කියවන්නො නැහැ.
මේක නං තනිකරම ඇත්ත.දැන් බ්ලොග් කියන්න කවුරුත් වැඩිය කැමති නෑ.ඇයි මේ?මටත් හිතාගන්න බෑ.ෆේස්බුක් වල වල්පල් බල බල දවසම උනත් ඉන්න සමහරු කැමතියි.නමුත් අධ්‍යාපනික වටිනාකමක් තියන බ්ලොග් එකක විනාඩි 5ක් ගත කරන්න කැමති නෑ.ඇයි මේ?
වැඩ්ඩර් වගේ පටන් ගන්නව.සතියක් යද්දි ඉවරයි.
සමහරු ඉන්නව හරී ආසාවෙන් පොර වගේ බ්ලොග් පටන් ගන්නව මැසේජ් දානව ඩෝ මම බ්ලොග් එකක් පටන් ගත්ත ගිහින් බලාපිය කියල...සතියක් 2කින් හූම් සද්දයක් නෑ.ඇහුවාම කියනවා පෝස්ට් දාන්න වෙලාවක් නෑ.පවු අනේ....
මේවා මට පෙනෙන ප්‍රධානම බ්ලොගර් වල තියන ගැටලු.අනේ මංදා මේක ගොඩක්ම බලපාල තියෙන්නෙ සිංහල බ්ලොගර්කරුවන්ට...මොකක්ද මේකට හේතුව?දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි.
Subscribe to:
Post Comments (Atom)
ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්
" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...

කොටි මල්ලි Blog එකට ජය වේවා !!!
ReplyDeleteගොඩාක් ස්තූතියි දිනෙයා!
Delete