Skip to main content

TAB.LK වලින් Tablets ගන්න බලනව නම් දෙවරක් සිතන්න

මේක මගේ අත්දැකීමක් නෙවේ.නමුත් මගේ යාලුවෙක්ගෙ එකක්.එයා ෆෝරුම් එකක එයාට වෙච්ච අකරතැබ්බය මෙසේ විස්තර කර තිබුනා.
-----------------------------------------------------------------------------------------------------------
Tab.lk නැත්තම් Extreme Technologies Lanka (Pvt) Ltd ලංකාවෙ තියෙන ටැබ් විකුණන සමාගමක්, වෙබ් අඩ්වියක්.
මොවුන්ගේ වංචාවක් ගැන කියන්නයි මම ලෑස්ති වෙන්නෙ.

මම මොවුන්ගේ වෙබ් අඩවියෙන් ටැබ්ලට් එකක් මිලට ගත්ත 16/09/2015, රු.55900කට. එවෙලෙම කතා කරල සල්ලි ටිකත් bank transfer කළා. පැය 12කින් ටැබ් එක ලැබෙයි කිව්ව. දවස් 2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව courier service එකෙන් පැකේජ් එක නැති කරල එයාල ආපහු එවන්නම් කියල. තව දවස්2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව ඒක එව්වෙ නෑ ස්ටොක් නෑ කියල. 62000කට තියෙන එකක් ගන්න කිව්ව. තවත් 6000ක් වියදම් කරන්න බැරි නිසා මම කිව්ව මට සල්ලි ආපහු දෙන්න කියල. 
අදට එහෙම කියල දවස් 12ක් වෙනව තාම සල්ලි හම්බුනේ නෑ. චෙක් එකක් පෝස්ට් කළාලු registered post එකේ දවස් 4ක් තිස්සෙ මට තාම ඒක ආවෙ නෑ. :Dබැංකු ගිණුමට දවස් දෙකක් තිස්සෙ සල්ලි දානව කියනව තාම දාල නෑ. බැංකු යන්න පිටත් උනාලු, මම හිතන්නෙ තාම මග වෙන්න ඇති. :D 
මම ඊයෙ පොඩි තර්ජනේකුත් කළා ෆේස්බුක් පුරා දානව, ෆෝරම් හැම එකකම දානව, පත්තරේට දානව, ඊමේල් ලක්ෂ ගාණකට යවනව, අන්තිමට පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරනව කියල. 
අද කොහොමහරි සල්ලි දාන්නම් කීව. දැන් පැයකට කලින් ඒකෙ Accounts Manager හෝ කවුද මන්ද එකෙක් සල්ලි ටික අතට ගත්තලු. එවෙලෙ පිටත් උනාලු head office එකෙන්. සල්ලි තව ටිකකින් වැටෙයි කිව්ව. දැන් 2.55PM. තාම නම් නෑ. 

සල්ලි ලැබුණත් මම අර කිව්ව වැඩේ නම් කරනව. 
මේ වගේ මිනිස්සු රවට්ටන එවුන්ට ඉන්න දෙන්න හොඳ නෑ. 
මේ කතාව පුළුවන් හැමෝටම කියන්න. 

http://www.tab.lk/
https://www.facebook.com/extremelanka?fref=ts
http://lk.wowcity.com/colombo/gpid/102243338746457958136/extreme-technologies-lanka-pri.htm
http://lk.99nearby.com/place/extreme-technologies-lanka-private-limited-tab-lk/9061
https://www.linkedin.com/pub/extreme-technologies-lanka-private-limited/54/48/8b6
http://hitlanka.com/computers-laptop-for-sale-sri-lanka-ikman-laptop/ads/classified,16621.html
http://gadgets.lk/full-detail-seller-of-new-extreme-life-tab-7-for-sale-in-sri-lanka-10282-2479
http://www.gadgets.lk/full-detail-seller-of-new-intel-onda-hd9.7-for-sale-in-sri-lanka-13246-2479
http://gadgets.lk/full-detail-seller-of-new-apple-ipad-air-for-sale-in-sri-lanka-13481-2479
---------------------------------------------------------------------------------------------------------
මෙන්න මේකයි කතාව.දැන් කාලෙ නෙට් එකේ බැලුවොත් ඉන්නෙ හොරු.ඒ නිසා අපි ගොඩාක් පරිස්සම් වෙලා අවධානයෙන් ඉන්න ඕනි.

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...