Saturday, December 13, 2025

යුද්ධය ඇරඹී ඇත... මෙතැන් පටන් සාමාන්‍ය ජීවිතයක් නොමැත...

 ඉතින් මිත්‍රවරුනි,

 සුපුරුදු ලෙසම මේ අවුරුද්දෙ ලියන්න පටන් ගන්නවා කියා පරසක්වල ගසා නැවතත් කොටි මලයා බ්ලොග් අඩවියට පොල්ල තබා ඇත. නමුත් කලින් සිදුවූ පරිදි ආයෙත් සමාව භජනය කිරීමක් සිදුවන්නේ නැත... වරද පිලිගනිමි, නිදහසට කරුණුත් නොකියමි එසේම සමාවත් නොඅයදිමි.

 කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයෙන් පසු කොටි මලයාගේ ජීවිතය තනිකරම යුද පිටියකට යාමට පෙර සිදුකරන ලද අතිදැවැන්ත යුධ පුහුණුවක් බඳු කාලයක් විය. මාස 8කට පසු දැන් කොටි මලයා එම යුධ පෙරමුණට පැමිණ ඇත. දැවැන්ත යුද්ධයක් කොටි මලයාගේ ජීවිතය තුළ ආරම්භ වී ඇත.

එය ජීවිත සටනකි. එම සටන කොටි මලයාගේ ජීවිතයේ අභිවෘද්ධිය සඳහා වන්නක් නොවන බව කියනු කැමැත්තෙමි. එම සටන, කොටි මලයාගේ ජීවිතය සෞභාග්‍යයෙන් පිරවීම සඳහා තමාගේ මුළු ජීවිතයම උකස් කර කැපවූවා වූ කොටි මලයාගේ ආදරණීයන් සැමගේ ජීවිත ඔවුන් සැමදා දුටු ඒ් සිහින සැබෑකරවීම සහ ඔවුන්ගේ අනාගතය සෞභාග්‍යවත් කරලීම වෙනුවෙන් සිදුකරන සටනක් බව කියනු කැමැත්තෙමි.

ඒ් මිනිසුන් දුටු සිහින එලෙසින්ම සැබෑ කරමි... ඒ් සඳහා කැපවෙමි... කොටි මලයා වන මම ඒ් සඳහා ප්‍රතිඥා දෙමි...!!!

ඉතින්.. එම සටන, එම යුද්ධය ඇරඹී ඇත... මෙතැන් පටන් සාමාන්‍ය ජීවිතයක් නොමැත...

 

2025-12-13
කොටි මල්ලි (Snow Kotiya) 

No comments:

Post a Comment

යුද්ධය ඇරඹී ඇත... මෙතැන් පටන් සාමාන්‍ය ජීවිතයක් නොමැත...

 ඉතින් මිත්‍රවරුනි,  සුපුරුදු ලෙසම මේ අවුරුද්දෙ ලියන්න පටන් ගන්නවා කියා පරසක්වල ගසා නැවතත් කොටි මලයා බ්ලොග් අඩවියට පොල්ල තබා ඇත. නමුත් කලින්...