මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.
Friday, August 28, 2015
ඕන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා.-වින්ඩිගේ අඩවිය
ඔන්න ඉතින් මාත් පොඩි සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගත්තා.නිකන් ඉන්න බැරිකමට.බ්ලොග් එකක් කිරීමෙන් හිතට ගොඩාක් සැනසීමක් ලැබෙනවා කියලා අපේ තාත්තා කිවුවා මට මතකයි.එතකොට දැනුම,විනෝදය ඕනි එකක් බෙදා ගන්න පුලුවන්නේ.මීට පස්සෙ මම හිතට එන හැමදේම බ්ලොග් එකේ ලියන්න හිතන් ඉන්නව.මට හරිම සතුටුයි.පොඩි හරි පොස්ට් එකක් ලියන්න ලැබෙනවා නම්.හොදායි අපි ඊළග ලිපි වලින් හමුවෙමු මේක මේ පිලිගන්න ලිවුවෙ.
2017.02.09 UPDATE
පසුකාලීනව මෙම බ්ලොග් අඩවියේ නම වින්ඩිගේ අඩවිය ලෙස නොව කොටිමල්ලියාගේ බ්ලොග් පිටුව ලෙස වෙනස් කරන ලදී...
තවද අර බ්ලොග් එකක් කිරීමෙන් සැනසීම ලැබෙනවා කියා තාත්තා කියුවා යැයි කියා ඇති කතාව අමු පචයක් බවද සලකන්න...එය ඒ වෙලාවේ පෝස්ට් එක දැමීමේ ආතල් එකට දැමූ කොටසකි...
මෙම බ්ලොග් අඩවිය කොටි මලයා පොරගේ ජීවන අත්දැකීම්,නිර්මාණ,පොරට හිතෙන දේවල්,පොරගේ බුද්ධිමත් සහ මන්දබුද්ධික ප්‍රකාශ,සහ ඌගේ මිතුරන්ගේ වැරදි වලට මිතුරන්ට කෙලින් කිව නොහැකි නිසා ඒවාට සියුම් ලෙස බැනීමට ආදී දේවල්වලට යොදා ගන්නා එකකි...ඔබගේ අදහස්,යෝජනා,චෝදනා,දිරිගැන්වීම්,ඇනුම්බැනුම්,අමුකුණුහරුප හැම දේකටම විවෘත බවද කරුණාවෙන් සලකන්න...ඔබ සැමට ජය වේවා...!!!
මීට,
13ශ්‍රී 6127
Subscribe to:
Post Comments (Atom)
රැකියාව සමග මම
2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවු...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
හොදයි එහෙනං.. විභාගෙ ලකුණුත් ආවා කියමුකො... ගෙදර මිනිස්සුන්ගෙ මූණෙ දැලි ගාපු පරයා මම වෙලා තමයි ඉන්නෙ. නිදහසට කරුණු තියනවද?... නෑ... ඒව...
No comments:
Post a Comment