Skip to main content

2023 න් සමුගමි

 2023 යනු කොටි මල්ලියාගේ බ්ලොග් පිටුවේ අවාසනාවන්තම වසර බව Blog Archive එක දෙස බැලූ විට පෙනී යයි. 2023ටම එක පෝස්ට් එකකි. මේ එයයි. එයද ලියන්නෙ 2023 දෙසැම්බර් 30 වැනිදායි. 

කෙසේ වෙතත් 2023 යනු කොටි මල්ලියා/Snow Kotiya වන මගේ දිවියේ කිරුළු නොපලන් හැරවුම් ලක්ෂ්‍යයක් බඳු වසරක් යැයි මම විශ්වාස කරමි. මේ අවුරුද්ද පට්ටම හැරවුම් ලක්ෂ්‍යයක් කියන්න තරම් පට්ට‌ දේවල් උනේ නැත. කිසිම ගැම්මක් නැත. ඇති වූ දේට වඩා නැතිවූ දේ/නැති කරගත් දේ බොහෝය. එහෙත් ශරීරයේ පණ කෙන්ද නොයතාක් හැරවිය නොහැකි, ආයෙ වෙන කිසිම දේකින් replace කරන්න බැරි තීරණ ගැනීමට සිදුවූ වසර 2023ය.

ඉදිරියට යාමට පෙර මෙම බ්ලොග් අඩවිය කියන අයෙක් වේ නම් මේ මතක් කිරීම සිදුකරමි.

මේ මගේ ස්වයංචරිතාපදානයයි. ඕනෑම අයෙකුට කියවිය හැකි ලෙස විවෘතව තැබුවද මෙහි සියලු දේ පලකරන්නේ මා හට පමණක්මය. මගේ ජීවිතය නැවත මටම මතක් කරන්නටය. 

දැන් නැවතත් පෝස්ට් එකට...

ටයිප් කරන්නට දෙයක් සිහියට නොඒ... දැනෙන හැඟීම නිදහස්ය... එය අනාගතය ගැන බලාපොරොත්තුවෙන් තොරය... අතීතයේ මතක වලින් තොරය... මම මේ මොහොතේ ජීවත් වෙමින් සිටිමි...

2022 සිදුවූ දේවල් 2023 සිදුවූ දෙවල් පැටලෙන තරමට වේගෙන් කාලය ගතවී ගොස් හමාරය... මොකක්ද මම ටයිප් කරන්නෙ මෙතන දැන්? 

Bulleted List එකක් දමා වෙච්ච දේ සාරාංශ කරනව... ලිඛිත බාසාවෙන් කථන බාසාවට මම මාරු වෙනව... සමහර වෙලාවට සීරියස් තැන් වලදි ලිඛිත බාසාවට එයි...

  • 2023 මුල මම VAEG එකේ වැඩට ගියා... 
  • පෙබරවාරි අන්තිම මම ලයිසන් එක ගත්ත...
  • ක්ලින්ටන් ජෝන්ස් කාරයෙගෙ 3ඩී චැලේන්ජ් එකකට මගෙ මේ දක්වා හොයම ඇනිමේෂන් එක දානව... අවුරුද්දටම කරපු පර්සනල් ප්‍රොජෙක්ට් 2න් ඒක විතරයි හිතට දැනෙන්න කලෙත්...
  • මාර්තු වල මගේ උපන් දිනේ දවසෙ අපේ ටීම් විත් පන්තිනායක ගෘෘප් එකේ ඔක්කොම අපේ ගෙදරට එකතු උනා (මල් වස්සා හැර) ... ඒ තමා අපි එකට මුණ ගැහුන අන්තිම දවස... අප්‍රේල් වල රංදිමයගෙ උපන්දිනේ දවසෙත් හැමෝටම එන්න බැරි වුනා...
  • මාර්තු වලම වයඹ කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන් තිබ්බා...
  • අප්‍රේල් අග වයඹ කැම්පස් එකේ ඔන්ලයින් ලෙක්චර්ස් පටන් ගත්ත...
  • මගෙ පරම්පාර උරුමේ 85 ශ්‍රී 3748 GP100 බයික් එක මගෙ අලුත්ම ගමන් සගයා වෙනව...
  • මැයි මාසෙ මම VAEG එකෙන් අයින් වෙනව කැම්පස් එකේ වැඩ නිසා...
  • ජුනි මාසෙ කැම්පස් පිසිකල් පටන් ගන්නවා කියල නෝටිස් එක එනව...
  • ඒත් එක්කම... මම තීරණය කරනව වයඹ කැම්පස් එකට නොයා ඉන්න... විශාල ජවුසමක් ගෙදර නටල මම කැම්පස් නොගිහින් ගෙදර නවතිනව...
  • මේ කාලෙම මගෙ මැශින් එක ආයෙ කැඩෙනව... මදර් බෝඩ් 2ක් මාරු කරනව...ප්‍රොසෙසර් එකට රැම් කාඩ් 2න් 1ක් රීඩ් කරන්න බැරි වෙනව... මගෙ ප්‍රොජෙක්ට් හැම එකම තිබ්බ හාඩ් එක අයින් කරන්න වෙනව... ඇනිමේෂන් ප්‍රොෙජක්ට් මුකුත් නැතුව මොඩලින් ප්‍රොජෙක්ට් විතරක් බැරි බැරි ගාතෙ විතරක් කරගෙන යන්න යන්තං මැශින් එක අටෝගන්නව අන්තිමේදි...
  • ආයෙ මම අනාත කුකුලා තැනට වැටිලා ඉන්නව කාලයක්... ඇපීල් කලා, බෝට්ටු බලන් හිටියා වෙන කැම්පස් එකක් එයිද කියල හරි ගියෙ නෑ...
  • ජුනි හෝ ජුලි වල ආයෙ මට ඇනිමික් එකේ කන්ට්‍රැක්ට් එකක් ලැබෙනව දෙසැම්බර් වෙනකන් වැඩ කරන්න... 2023 ඉතුරු ටික ගෙවන්න ඒ්ක මට ලොකු ශක්තියක් වෙනව
  • සැප්තැම්බර් වල මම ආයෙ අවුරුදු 8කට පස්සෙ බුක් ෆෙයා යනව... ඒ ගත්ත පොත් ටික මේක මේ අවුරුද්දෙ හොඳම ටර්නින් එකක්...
  • නොවැම්බර් මාසෙ 2022 ඒලෙවල් කටෝෆ් ඒමත් එක්ක වයඹ කැම්පස් එකෙන් වෙන කැම්පස් එකකට මාරුවක් දාගන්න දාපු ඇපීල්, බලන් හිටපු බෝට්ටු ගැන මම බලාපොරොත්තු අතාරිනව... අවුරුද්දටම කරපු ලොකුම ගොන්කම තමා මොකුත් නොකර ඒව හරියයි කියල බලාගෙන මාස 6ක් නිකන් නාස්ති කරපු එක...
  • දෙසැම්බර් 28 වැනිදා... ජීවිතේ ලොකුම බලාපොරොත්තුවක් උන...අලුත් මැශින් එකක් මම ගන්නවා සහ මගෙ i5 3rd gen මැශින් එකට ගෞරවණීය විශ්‍රාම දිවියක් ලබා දෙනවා...
  • මං හිතන්නෙ ඒක තමයි මේ අවුරුද්දෙ මගෙ හොඳම ලැබීම... මගෙ අලුත් i5 12th gen මැශින් එක...

තව විශේෂ තැන් කිහිපයක් තිබ්බත්, ප්‍රසිද්ධියේ කියන්න බැරි හේතු මතක මේ ලිස්ට් එකේ දාන්නෙ නෑ...

කොහොම උනත්, මං හිතන්නෙ මගෙ කැම්පස් හුටපටේ තමා මේ අවුරුද්දෙ වැදගත්ම දේ...

මං දන්නෙ නෑ ඒ ගත්ත තීරණේ හරියයිද වරදියිද කියලත්...අනාගතේ වෙන දේ අපිට අනුමාන කරන්න බෑ කරල තේරුමක් නෑ... ඊට වඩා මේ වෙලාවෙ ජීවිතේ මේ මොහොත තුළ ජීවත් වෙන්න මම දැන් හුරු වෙලා ඉවරයි... මම ආයෙත් වයඹ කැම්පස් එකට යන්නෑ කියල තීරණය කරපු දවසට ගියත්, ඒ වෙලාවෙ හැටියට තිබ්බ තත්වෙ හැටියට ඒක ගත්ත හොඳම තීරණයක් වෙයි...

ළඟ හිටපු හැමෝම ඈත් වෙලා සෑහෙන දුරකට... ඕලෙවල් කාලෙ ඉඳන් හිටපු සෙට් එකේ පමෝදයා, විශ්වයා දෙන්නම දැන් ලංකාවෙ නැහැ... ටීම් විත් පන්තිනායක ගෘෘප් එකේ අපි සීසීකඩ... ටිකක් හරි ළඟින් ඉන්නෙ දැන් වල්ලෙයි රංදිමයයි විතරයි...

මැශින් එක ගැන කිවුවොත් Snow Kotiya කියන චරිතෙ හදපු, 3D field එකේ තැනක් හදපු ඒ මැශින් එක මගෙ i5 3rd gen මැශින් එක මේ අවුරුද්දෙ මම විශ්‍රාම යවනව i5 12th gen අලුත් මැශින් එකෙන් අලුත් ආරම්භයක් එක්ක...

මැශින් එකේ කතාව වෙනම පෝස්ට් එකක් විදිහට මේකෙ වැටෙනවා... මොකද i5 3rd gen එකට tribute එකක් විදිහට අනිවාර්යයෙන් ඒක දාන්න ඔිනේ...

ජීවිතේ බලාපොරොත්තු නැතිම තැනට ඇවිත් ඇවිදින මලමිනියක්, සොම්බියෙක්, පිස්සෙක් කියල හිතෙන තැනට ආපු අවුරුද්ද 2023... අතේ සතේ නැති අන්ත හිඟන්නෙක් ගානට වැටිලා අසාර්ථක මූල්‍ය පාලනය ගැන ඉගෙන ගත්ත අවුරුද්ද 2023... මං වෙනුවෙන් මගේ ජීවිතේ ඉන්නෙ කවුද කියල ඉගෙන ගත්ත අවුරුද්ද 2023... පිටින් හෙන ගස්සගන්නෙ නැතුව ගහපු ඔක්කොම හෙන ටික මං විසින්ම ගහගත්ත අවුරුද්ද 2023... එකම සතුට දෙයියන්ගෙ පිහිටෙන් ගෑනු කේස් මොකුත් නොවැටුන එක :D 

වැදගත්ම දේ...

මම කවුද මම මොනවද කරන්න ඔිනෙ කියල මම ඉගෙන ගත්තු අවුරුද්ද, මම ජීවිතේ ඉගෙන ගත්ත අවුරුද්ද 2023...

ටයිප් කරන්න දේවල් ගොඩක් තිබුනත්, අනාගතය වෙනුවෙන් කුතුහලයෙන් පිරුණු බලාපොරොත්තුවක් එක්ක මෙතනින් නතර කරන්න මට දැන් එකපාරටම හිතෙනව...

තටා!...

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...