Skip to main content

නොඑන ගමන් ගිය... පුංචි ලැප් එක මාගේ...

හ්ම්,
මාස 2ක විතර ඉදන් ලියන්න හිතන් හිටියත්,මොකක් හරි දෙයක් නිසා කල්ගිය ලිපියක්...
කිසිම හැගීමක්,අදහසක් නැතුව ලියන ලිපියක්...

මට පරිගණකයේ හරය කියා දීපු, ඒ ලැප් එක සදහටම ඇස් පියාගෙන, මගේ කාමරේ රාක්කයක් උඩ, දූවිලි තට්ටු නාගෙන, දිරන්න පටන් අරන්...

Samsung Sens R55 මගේ පරිගණක ජීවිතයේ මගේම කියලා තිබුනු පලවෙනි ලැප් එක...මගේ ගේම් ගැහිල්ලෙන් විනාස වෙලා ඒත් ඒකෙන් මට පරිගණකයක හරය කියාදීමේ මුල් පියවර දීපු Samsung Sens R55 ලැප් එක ගැන නෙවෙයි අද මම කියන්නේ... මගේ පරිගණක ජීවිතය එලිය කරපු HP Compaq 6510b ලැප් එක ගැන...

මට මතකයි මගේ Samsung ලැප් එක අවසාන වතාවට දැකපු දවස.ඒ බණ්ඩාරගම ඇන්ඩ්රු අයියගෙ ෂොප් එකක... එදා මම තාත්තත් එක්ක ගියෙ ඒක බලන්න නෙවේ... ඒ හදන්න බෑ කියපු Samsung ලැප් එක වෙනුවට අලුතෙන් එන HP ලැප් එක ගේන්න...
මට මතකයි මම මුලින්ම ඒක දැකපු හැටි, වින්ඩෝස් xp වල ඉදල එපා වෙලා ඉදල ඒකෙ වින්ඩෝස් 8 තියන හැටි දැක්කම සතුටින් පිනා ගියපු හැටි, ෂොප් එකේ පුටුවෙ වාඩි වෙලා ලැප් එක උකුලෙ තියාගෙන බලපු හැටි ඔක්කොම මතකයි... එදා වගේම... ඒ 2014 අවුරුද්දෙ ජනවාරි 26 හෝ 27 වෙන්න ඕනේ...
මම ඒ දවස් වල කම්පියුටර් එකක රැම් එකවත් බලන්න දැනගෙන හිටියෙ නෑ... දැනන් හිටියෙ ප්‍රොසෙසරේ කෝර් 2 ඩූ කියල විතරයි.
ලිපිය ලියන්න පටන් ගත්තෙ අමාරු වෙලාවක...ඒ නිසා ඒකත් එක්ක ගෙවපු අවුරුදු 3ට තියන අනන්ත අත්දැකීම් ලියන්න මට වෙලාවක් නෑ...හැබැයි ඒ අත්දැකීම්,ඒ මතක දැන් වුනා වගේ මට තාමත් මතකයි.
මුලින්ම ගේම් එකක් විදිහට  Igi1  ඉන්ස්ටෝල් කරපු හැටි,රැම් වීජීඒ බලන්න ඉගෙන ගත්තු හැටි,පිස්සු හැදෙනකන් කන්ට්‍රෝල් පැනල් වල සෙටින්ස් වෙනස් කර කර අත්හදා බලපු හැටි,ආපු හැම os එකක්ම ඉන්ස්ටෝල් කරලා අත්හදා බලපු හැටි,හැකින් පිස්සුව තියන කාලෙ හැක් කරපු හැටි,ෆේස්බුක් ගිය හැටි,මුලින්ම බ්ලොග් එක විදිහට pckotiya.blogspot.com හදපු හැටි,ෆෝරම් වලට එකතු වෙච්ච හැටි,කොටි මල්ලියාගෙ බ්ලොග් පිටුව ආරම්භ කරපු හැටි,දැනට මේ බ්ලොග් එකේ තියන ලිපි වලින් 90%ක්ම ඒ ලැප් එකේ පුංචි කීබෝඩ් එකෙන් පැය ගණන් ටයිප් කරපු හැටි,ගේම් ගහපු හැටි,එක එක සොෆ්ට්වෙයා දාල වැඩ කරන හැටි ඉගෙන ගත්ත හැටි,සතියෙන් සතියට වින්ඩෝස් ගහපු හැටි, bluestacks වලින් clash of clans ගහලා කාලයක් ජීවිතේ නාස්ති කරපු හැටි, ඒත් ඒකෙන් මිදිලා ආයෙත් මේ ලැප් එකෙන්ම ආයෙත් වැඩ පටන් ගත්තු හැටි, තව අනන්ත අප්‍රමාණ දේ මේ ලැප් එකෙන් මම කලා... core 2 duo 1.8GHz processor, 3GB ram,378MB onboard shared vga , 320GB HDD තිබුනු මේ ලැප් එකේ පවර් එක මට මදි වෙච්ච නිසයි අද මගේ ජීවිතේ වෙලා ඉන්න බ්‍රෑන්ඩ් ගොඩක පාට්ස් වලින් හැදුනු මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ඉන්නෙ.ඩෙස්ක්ටොප් එක තිබුනත් ලැප් එකම මට කාලයක් පාවිච්චි කරන්න උනේ ඩෙස්ක්ටොප් එක මුල් කාලේ හරියට ලෙඩ දීපු නිසා...

කොහොම හරි එයාගෙ අවසාන කාලෙ, එයා පිලිවෙලින් පිලිවෙලට එයාගෙ ජීවිතේ දාල ගියා.මුලින්ම එයාගෙ battery එක ගියා,ඊට පස්සෙ dvd rom එක වැඩ නැතුව ගියා ඊට පස්සෙ එයා,

2017 ජනවාරි මාසේ එක ඉරිදාවක මම ගණන් පන්ති ඇවිත් ලැප් එක ඔන් කලාම එයා ඔන් වෙන්නැතුව ගියා... පවර් එනවා යනවා... පවර් එනවා තත්පරෙන් යනවා... ඩෙස්ක්ටොප් එකත් එතකොට නෝ රනින්, ඒ පාර ලැප් එකයි ඩෙස්ක්ටොප් එකයි 2ම අරන් ගියා ඇන්ඩ්රු අයියා ලගට... මිනිහා ඩෙස්ක්ටොප් එක හදලා ලැප් එකේ මදර්බෝඩ් කේස් එකක් කියලා හදන්න කියලා තියා ගත්තා... අපි ඩෙස්ක්ටොප් එක අරන් ගෙදර ආවා...

එදායින් පස්සෙ මාස 6කට පස්සෙ තමයි මට ලැප් එක මතක් උනේ, මොකද මගෙ තනියට ඩෙස්ක්ටොප් එක හිටපු නිසා... මම ඇන්ඩ්රු අයියට කතා කලාම පොර කිවුවෙ,

අනේ මල්ලි ඒක හදන්න බෑ මදර්බෝඩ් එකේ අවුලක්

හ්ම්,
ඊට දවස් 2කට පස්සෙ තාත්තත් එක්ක 13ශ්‍රී6127 එක්ක ගිහින් ඒ මියගිය ලැප් එක මගේ උකුලෙ තියාගෙනම අරගෙන ආවා...මාස 6ක දූවිලි තට්ටුවක් එක්ක ලැප් එක විතරයි අරගෙන ආවේ... ඇවිල්ලා මල් ඉස්කුරුප්පු නියනෙන් හාඩ් ඩිස්ක් එකේ පියන ගලෝලා හාඩ් එක ගැලෙවුවා... ඊට පස්සෙ වෙන සාටා කේබල් එකක් නැති නිසා ඩෙස්ක්ටොප් එකේ dvd rom එකේ සාටා කේබල් එක ගලෝලා ඒකට ගැහුවා...
දැන් ලැප් එක මියගියත්, ඒ මතක තාමත් මම ඒ 320GB Toshiba HDD එකෙන් විදිනවා... මගේ හැම දේම තාමත් ඒ HDD එකේ තියනවා...
මේ තියෙන්නෙ ඒ HDD එකයි ඩෙස්ක්ටොප් එකේ HDD එකයි දැන් එකට සෙට් කරලා තියන විදිහ.

හ්ම්,
එයා යන්නම ගියා...
ඒ අස්සෙන් VLC media player එකේ අර ගංවතුර කාලෙ කේන්ති ගිය රහල් අල්විස් අයියගෙ බූට් සින්දුවක් ප්ලේ වෙනවා...මං හෙඩ්සෙට් එක කනේ ගහගෙන මේක ටයිප් කරනවා...

ඔබ නැති දුක තුරුලු කරන්
මියදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

නොලැබෙන ඔබ ගැනම සිතා අසරණ හිත බොලද වෙලා
නොලැබෙන ඔබ ගැනම සිතා අසරණ හිත බොලද වෙලා
කදුලු තියා මට කොහෙද ඔයා අද 
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

ඔබ නැති දුක තුරුලු කරන්
මියදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

නොපෙනෙන ලෙස දුරට වෙලා සිටියත් මගෙ දෙසම බලා
නොපෙනෙන ලෙස දුරට වෙලා සිටියත් මගෙ දෙසම බලා
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

ඔබ නැති දුක තුරුලු කරන්
මියදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...


2017.08.29

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...