Skip to main content

අධ්‍යාපනාධාර | ගංවතුරෙන් අවතැන් වූ සිසුන්ට උපකාර කිරීමේ වැඩසටහන | ඔබත් එකතු වන්න

ආයුබෝවන්...

මේ ලිපිය ලියන්නෙ අවතැන් වුනු අපේම සොයුරු සොයුරියො වෙනුවෙන්...

TechTrackShow,ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ,SL Geek වගේ යූටියුබ් නාලිකා මෙන්ම භාෂා ලංකා වැනි
ආයතන
රාශියක් එකතු වෙලා සංවිධානය කරන ගංවතුර නිසා සිසු සටහන් නැතිවූ සියලුම
දරුවන් වෙනුවෙන් කරන මේ අධ්‍යාපනාධාර
සමාජ සත්කාර
වැඩසටහනට සම්බන්ධ වෙන්න ඔයාලටත්
පුලුවන්.
2017 වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්වය,අපොස සාමාන්‍ය පෙළ,අපොස උසස් පෙල, විභාග වලට පෙනී
සිටින අපගේ සහෝදර සහෝදරියන්ට අවශ්‍යකරන පොත්පත්,පාසල් උපකරණ,පෑන් පැන්සල් වගේම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, වැනි දෑද එකතු කර ලබාදීම තමයි මේ අධ්‍යාපනාධාර වැඩසටහනේ අරමුණ.
ඉතින් මේ කර්තව්‍යට සහය දෙන්න ඔයාලටත් පුලුවන්.
පොත්පෑන් පැන්සල් වගේම ඔයාල ලග තියනව නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,සටහන් වැනි දේවල් ඒවා ස්කෑන් කරලා අපිට
එවන්න ඔයාලට පුලුවන්.
ඒ වගේම මේ කටයුත්තට ඔයාලගෙ දායකත්වය ලබාගැනීමට අධ්‍යාපනාධාර වැඩසටහන
මගින් නිර්මාණය කර ඇති ගූගල් ෆෝම් එකේ තියන විස්තර පුරවලා අපිට එවන්න.
මේ ගූගල් ෆෝම් එකේ ලින්ක් එක අපි යූටියුබ් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා.
ඒ වගේම ඔයා මේක දකින්නෙ ෆේස්බුක් එක හෝ යුටියුබ් එකේ කොතනක වුනත් එතන කමෙන්ට්
බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න.අපි අවශ්‍ය කරන විස්තර එවිට ඔබට ඉක්මනින් ලබා දෙන්නම්.
ඒ වගේම ආධාර භාර දෙන්න පුලුවන් ස්ථානත් මේ වීඩියෝ එකේ අපි දක්වලා තියනවා.
ඒ වගේම ඔයාට මේකට ආධාර ලබා දෙන්න පුලුවන් වුනත් බැරි වුනත් ඔයාට පුලුවන් මේ වීඩියෝ ෂෙයාර් කරන්න...
ඒ මගින් ඔයාට බැරි වුනත් ඔයා ෂෙයාර් කරපු දේ දැකලා වෙන කෙනෙක් ඔයා වෙනුවෙන් අදාර ලබා දෙන්න
පුලුවන්.

වැඩි විස්තර පහත වීඩියෝ එකෙන්...

ඒ වගේම උදවු ලබා දෙන්න නම් - මෙතන CLICK කරන්න

ඒ වගේම උදවු අවශ්‍ය නම් - මෙතන CLICK කරන්න

අසරණ වෙලා ඉන්න අපේම අය වෙනුවෙන් තත්පරයක් හරි වැය කරමු

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...