Skip to main content

මමත් Book Fair ගියා.....


ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් මාර්කින් නිසා කොළඹ ඉස්කෝල වලට සති 2ක් නිවාඩු.ඒ නිසා ටිකක් උදේ වෙනකන් නිදා ගන්න පුලුවන්.ඒ නිසා රෑ ඇහැරල ඉන්න ගාණක් නෑ.ලැප් එක ඔන් කරගෙන ඩොංගල් එක ගහගත්තම නින්ද යන්නෙත් නෑ.

මේ ලිපිය ලියන්න පාදක උනේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2015.සරලව කිවුවොත් බුක් ෆෙයා.පොඩි කාලෙ ඉදන්ම පොත් කියවන පිස්සුවක් මට තිබුනත් මේ වෙනකන් කවදාවත් කොළඹ බුක් ෆෙයා එකට ගිහින් තිබුනෙ නෑ.ආසාවෙන් හිටියා උනත්.

එදා අපේ චූටි අම්මා(අපෙ අම්මගෙ නංගි)කිවුවා මාව බුක් ෆෙයා එක්කන් යනවා කියල...හිතාගන්න පුලුවන්නෙ අප්පේ මට තියන සන්තෝසෙ....ඒව ගැන වැඩි විස්තර කියන්නෙ නෑ ඔන්න සෙනසුරාද විද්‍යා පන්තිත් කට් කොරගෙන ඔන්න නැග්ග උදේ පාන්දරින් හොරණ කොළඹ බස් එකක...මායි චූටි අම්මයි අම්මයි විතරයි ගියේ.නංගිව පුංචිලාගෙ ගෙදර දාලා ගියා....

අපි හිතන් හිටියෙ කෑම හොරණින්ම අරන් යන්න.ඒත් කලබලේට අමතක උනා.ඒ පාර ගත්තෙ කොළඹින්.අපෙ අප්පේ....රෝල්ස් එකක් රු.40ක්.මෙහෙ 25යි.කොහොමින් කොහොම හරි අපි BMICH එකටත් ළගා වුනා....

හැම එකකටම කලින් කියන්න ඕනි මේ කාලකන්නි වැස්ස ගැන.එක මිනිත්තුවක් පෑව්වෙ නෑ.මහ හයියෙන් වැස්සෙ නැති උනාට හරියට පොදේ....

කොහොම හරි වැස්ස කියල නෑ අපි උදෙන් ගිය නිසා එච්චර සෙනග හිටියෙ නෑ.අපිත් ටිකට් අරන් ගියා දැන් පොත් ප්‍රදර්ශනේට...

ගෙනාපු කෑම කාලා අපි පොත් ප්‍රදර්ශනේ බලන්න පටන් ගත්තෙ j හෝල් එකෙන්.

මම තමයි හැමෝටම කලින් පොත් ගත්තෙ.මුලින්ම හිත ගියේ චන්දන මෙන්ඩිස් පරිවර්ථනය කරපු අලුත්ම ෂර්ලොක් හෝම්ස් පොත.ඕලන්ද නෞකාව පොත.අම්මලත් ගොඩක් පොත් ගත්තා.මට ඔක්කොම පෙනුනෙ දාර්ශනික කතා වගේ.

කොහොම හරි මම ගන්නවාමයි කියල හිතන් ආපු පොතක් තමයි ඕලන්ද නෞකාව.තව බිගල්ස්වර්ත්ගේ ගුවන් වික්‍රම පොතකුත් ගන්න ඕනි වෙලා තිබුනා.තව EasyGuide Web Design පොතකුත් ගන්න ඕනි වෙලා තිබුනා.

අපේ අම්මලා නං හරියට පොත් ගත්තා.මට නං ඒ පොත් දාර්ශනික පොත් වගේ.පැය ගණනක් අම්මලා නිහඩව පොත් තෝරනකොට මම ඉන්නෙ නොඉවසිල්ලෙන්...මට ඕනි කරන පොත් හොයන්න ටිකක් මහන්සි වෙන්න ඕනි.විශේෂයෙන්ම EasyGuide පොත් හොයන්න ටිකක් මහන්සි වෙන්න උනා.මොකද ඒක පබ්ලිෂ් කරන විජය නිවුස්පේපර්ස්ලාගෙ වෙළද කුටිය තිබුනු a හෝල් එකට අපි ගියෙ අන්තිමට.

අපි ගියා D,E වගේ හෝල් වල තිබුනෙ සරසවි වගේ ඉහළ පෙලේ පොත් ප්‍රකාශකයින්ගෙ වෙළද කුටි.ඒ වල නං හැරෙන්නවත් බෑ.මාර විදිහට සෙනග.

අපේ නංගිලා ආවෙ නැති උනත් ඒ අයට ගැලපෙන විදිහේ ලස්සන පොත් ටිකක් අම්මලා තෝරගෙන තිබුනා.ලස්සන රුසියානු කතන්දර පොත්.ඒ වෙලාවෙ තිබුනු නොඉවසිල්ලට ඒව වැඩකට නැති ඒව කියල හිතුනත් පස්සෙ කියවල බලද්දි ඒව හරිම ලස්සන කතන්දර කියල හිතුනා.

මේ වෙද්දි චූටි අම්මගෙ අතේ තිබුනු සල්ලි ටික ඉවරවෙලා තිබුනෙ.ඒත් කාඩ් එක තිබුනා.ඒ හින්දා කාඩ් වලින් ගෙවන්න පුලුවන් තැන බලල තමා ගත්තේ.

කොහොමින් කොහොමින් හරි අන්තිමට බලමු a හෝල් එකට එනකොට අපි තුන් දෙනාටම ටිකක් මහන්සියි.ඒ නිසා අපි ඒ කිට්ටුව ටිකක් වාඩි වෙලා හිටියා.ඊට පස්සෙ a හෝල් එකට ගියාමයි දැක්කෙ එතන කාඩ් වලින් සල්ලි ගන්න පුලුවන් atm එකක් තියනවා.එතනින් චූටි අම්මා කාඩ් එකෙන් සල්ලි මාරු කරගත්තා.

මේ අතරෙ EasyGuide පොත් හොය හොය ඉන්න මම EasyGuide 200 100/= කියන එක දැක්කෙ අහම්බෙන්.ඒක දැක්ක ගමන් මම දුවගෙන ගියා.මම ගන්න හිටපු ඔක්කොම වගේ පොත් ටික එතන තියනව.මම මුලින් තෝරගත්තෙ 3යි.ඊට පස්සෙ අම්මා කිවුවා තව දෙක තුනක් තෝරගන්න කියලා...ඒ පාර 6ක් තෝරගෙන මේ ඇති කියල හිටියා...ඊට පස්සෙ චූටි අම්මා කිවුවා 10ක් වෙන්න ගන්න කියල.මට නිකන් මොකක්ද වගේ...මෙහෙම කරදර කරන්නත් බෑනෙ.කොහොම හරි පොත් 10ක් ගත්තා.....
CSS,JavaScript,ActionScript,Visual Basic,Android Developing,Font Designing,Coral Draw,Jquery,OpenCart,Wordpress ඔය වගේ පොත් ගත්තෙ.ගොඩක්ම ගත්තෙ වෙබ් ඩිසයින් පොත්.මොකද මට වෙබ් ඩිසයින් කියන එක හරියට ඉගෙන ගන්න ඕනි වෙලා තිබුනා.සිංහලෙන් තියෙන නිසා අධ්‍යයනය කරන්නත් පහසුයි.

ඊට පස්සෙ a හෝල් එකේ එහෙ මෙහ ඇවිදල තව පොත් ටිකක් ගත්තා.මම ටොම් සෝයර් පොතකුයි තරුණ වීරයෝ පොතකුයිත් ගත්තා.පුලුවන් තරං ප්‍රකාශකයන්ගෙන් තමා ගන්න ඕනි.මොකද එයාලගෙ පොත් වෙන තැන් වලත් විකුණන්න තියනවා.ඒ තැන් වල 20%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා.නමුත් ඒ පොත් වල ප්‍රකාශකයො 30% ඩිස්කවුන්ට් දෙනවා.

ඒ වගේම පොත් වල පිටු අංක බලල ගාණට තියනවද පිටු කොහොමද හරියට වැදිලද කියලත් බලන්න ඕනි.බුක් ෆ්‍යො එක ලංවෙනකොට පොත් ගහන්නෙ කලබලෙන් ලට පට ගාලා...

හප්පේ....දැන් පොත් තෝරගෙනත් ඉවරයි.දැන් ඉන්ට බෑ...මහන්සියි....ඒ මදිවට බඩ ගින්න....ඊට පස්සෙ අපි කෑම කන තැනකට ගියා....

බුක් ෆ්‍යො එකේ කෑම දෙන්න දාලා තිබුනෙ මවුන්ට් ලැවීනියා එකෙන්.ඉතින් ගණන් හිලවු කියන්න ඕනි නෑනෙ.අපි ගත්තා ප්‍රයිඩ්රයිස් 3ක් ගත්තා 3න් දෙනාටම.එක්කෙනෙක්ට රු.400 ගාණක්.මට දැන් මතක නෑ.කෑම 3ට විතරක් රු.1300ක් විතර ගියා...කොහොම උනත් මිලේ හැටියට රසත් හොදට තිබුනා.ඒ නිසා වරදක් කියන්න බෑ.

හම්මේ....කෑමත් කාල දැන් හරි...තාමත් අර මූසල වැස්ස.නතර වෙලා නෑ.ආයෙත් ඔන්න අපි ගෙදර එන්න පිටත් උනා.....

ගෙදර ආපු හැටි නං කියන්න බෑ කියන්න ඕනිත් නෑ බස් එකේ නැගල සාමාන්‍ය විදිහට ගෙදර ආවා....

එහෙනං මම යනවා නිදාගන්න...කිවුවට තව පැය බාගෙකින් විතරලු අම්මගෙ වැඩ ඉවරවෙන්නෙ...එතකන් ඉන්නවා....
සුබ රාත්‍රියක්!!!
සුබ දවසක්!!!

Comments

  1. Ekale ubage lipi mage Dan lipiwalata Wada hapanne. Comment naththe e hindane. Kamak na. Eth ban oya BMICH eka ona ekek dakala thiyanawa. E hinda photo wadak na. Thawa thamuse Karana hamamagulama oke liyanna epa. Ethakota gafhiyak na. Ekanewei soththiya Mata gahai kiyala uba hithanawa da?

    ReplyDelete
    Replies
    1. me mage book fair 1st experience eka.mata oni nan mn liyanawa bn.

      soththiyagen ubata berenna wena ekak ne hebei

      Delete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...