Wednesday, April 12, 2017

අද අප්‍රේල් 12 වැනිදා


හ්ම්...

අද අප්‍රේල් 12 වැනිදා...

අවුරුද්දට කලින් දවස...ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 2016 අවුරුද්දෙ අද වගේ දවසක තමයි අපේ අවුරුදු කුමාරයා අපේ ගෙදරට ආවෙ...ඔය තියෙන්න ගෙනාපු දවසට පස්සෙ දවසෙ ගත්ත ෆොටෝ එකක්...

අද ගොඩාක් දේ වෙනස් වෙලා...මේ තියෙන්නෙ දැන් තියන විදිහ...


ඉතින් මේ අවුරුද්දට අපි කාර් එකට අඩුවක් කලේ කලේ නෑ...තියන අඩුපාඩු කොහොම කොහොම හරි හැදුවා...හුගක් දේවල් අලුතෙන් කලා...

ඒ වගේම මම අලුත් කාර් වලින් සම්පූර්ණයෙන් මිදිලා පරණ කාර් වලට ආදරේ කරන කාර් පිස්සෙක් වුනේ මේ අවුරුද්දේ තමයි...

2 comments:

  1. පහුගිය දාක කට්ට අව්වෙ පොලට යන පාරෙ ට්‍රැෆික් එකේ ඔය ලාන්සර් එකක් තිබ්බා. කොම්පැණියෙං ගෙනාවා වගේ. අඩු වැඩි මොකවත් නෑ. සද්දෙත් නෑ. කොටිම්ම ඒසී එකත් වැඩ. මං හත් අට පාරක් හැරි හැරී බලලා බඩ ඉරිඟු කරල් ගොඩක් උඩිං ගියා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි අයියා...අර බඩඉරිගු කරල් ටික තැලුනද දන්නෑ...:D

      ඔය වගේම ක්ලැසික් විදිහටම වැගන් එකක් තියන් ඉන්න අයිය කෙනෙක් ඉන්නව ෆේස්බුක් එකේ...ඔයා දන්නවත් ඇති Tharanga J Walisundara කියලා...

      Delete

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...