දැන් ඉතින් හිටු කියලා බ්ලොග් එක ලියන සීන් එකේ ඉන්න නිසා මං හිතුවා හැමදාම කොටිමලයගෙ ජීවිතේ වෙච්ච දේවල්ම ලිය ලිය ඉන්නැතුව කොටි මලයාගේ අති ශ්‍රේෂ්ඨ චින්තනයෙන් හිතන දේවල් වගේම කොටි මලයට තියන ප්‍රශ්න ගැන පවා ඒ්වට උත්තර නැති උනත් මේකෙ ලියල දාන්න...
අද මං මේකෙ ලියන්න යන්නෙ මචංලා හෙනම කුහක ඉරිසියාකාර පෝස්ට් එකක් ඈ...සහ කොටිමලයා කියන්නෙ මෙහෙම හිටියට මහා ඉරිසියාකාර කුහක හිපාටුවෙක්... මට මේ ඉරිසියාකාර පෝස්ට් එක ලියන්න හේතු පාදක උනේ ෆේස්බුක් එකේ දැකපු වීඩියෝ එකක්...
ටියුෂන් සර් කෙනෙක් Nissan GTR එකක් අරන් ක්ලාස් එකට එනවා. ළමයි සෙට් එක පාරෙ ඉඳන් හුරේ දානවා, වීඩියෝ කරනවා නිකන් නලුවෙක් පිලිගන්නව වගේ.
මට ඒක දැක්කම පට්ට cringe ෆීලිං එකක් එක්ක පට්ට ඉරිසියාවක් ආවා මචං... මොකද මට ඒක දැක්කම මුලින්ම ඔලුවට ආවෙ මේ හුරේ දාන ළමයින්ගෙන් කීයෙන් කීදෙනෙක්ට අඩුම වයස 30 වෙන්න කලින් නැත්තං උපරිම 35 වෙන්න කලින් Nissan GTR එකක් ගන්න පුලුවන් වෙයිද? කියන ප්‍රශ්නෙ...
අපි මෙහෙම හිතමු.... ක්ලාස් එකක ළමයි 1000ක් ඉන්නව කියල හිතමු. 1000න් 900ක් පාස් වෙලා කැම්පස් ගියා කියමු (ලක්ෂ 3ක් ඒලෙවල් ලියලා, 45000ක් විතර කැම්පස් යන රටේ 1000න් 1000ම කොහොමත් කැම්පස් යන්න පුලුවන් කියන උපකල්පනය කරනෙකත් හෙන ගොන්කමක්)... ඒ 900ම කැම්පස් ගිහින් පාස් අවුට් වෙලා හොඳ ජොබක් කරලත් උන්ට GTR එකක් කෙසේ වෙතත් අඩුම කෝටි 1 හමාරක වාහනයක්වත් වයස 30 වෙන්න කලින් ගන්න පුලුවන් වෙයිද? 900ම නැති උනත් අඩුම 100 දෙනෙක්ටවත් පුලුවන් වෙයිද?
මගේ මතේ ඒක බෑ...
ටියුෂන් සර් ලංකාවෙ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමේ තියන ලොකු අඩුපාඩුවක් පාවිච්චි කරලා හොඳ ගේමක් ගැහුවා. ඒකට පොරට කිසිම වරදක් කියන්න බෑ. ක්ලාස් එකට ළමයින්ගෙන් බහුතරයක්හොඳ රිසල්ට් එකක් දැම්ම නං වැඩේ Done. එතනින් එහා ක්ලාස් එකට එන උන්ට GTR එකක් ගන්න උදවු කරන්න එයාට පුලුවන්කමකුත් නෑ. පොරට පුලුවන් ඉගෙනගෙන ගේමක් ගහපල්ලා කියලා එයාගෙ කාර් එක පෙන්නලා inspiration එකක් දෙන්න විතරයි.
ගේම තියෙන්නෙ ළමයගෙ අතේ...
මේ තියන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ මම දකින ලොකුම ගැටලුව තමා ව්‍යවසායකත්ව මනසක් ළමයෙක්ට දෙන්නැති එක. රෑන්ක් දාලා විභාග පාස් වෙලා කැම්පස් ගිහින් ෆස්ට් ක්ලාස් ඩිග්‍රි අරනුත් ගොඩක් අයට අවුරුදු 30 වෙද්දිත් ගෙයක්, වාහනයක් අරන් බඳිනව නං බැඳලා ස්ටේබල් වෙන්න බැරි ඒකයි. අනිත් පැත්තට ඉස්කෝලෙදි බුල කෙලපු උන්ගෙන් සමහරු මේ සිස්ටම් එකෙන් යන්නැතුව එලියෙන් දෙයක් කරලා සාර්ථක වෙන්නෙත් ඒකයි. මේකෙ එහෙම සාර්ථක වෙන්නෙ ඉතාම අඩු ප්‍රතිශතයක්. ඉස්කෝලෙ බුල කෙලපු එවුන්ගෙන් 1000කට එකයි එහෙම ගොඩයන්නෙ සාමාන්‍යයෙන්.
මම ගැන කිවුවත් මේ කතාව අදාල වෙන්නෙ ඉස්කෝලෙ කාලෙ බුල කෙලින්නැතුව විභාගත් හරියට කරලා, කැම්පසුත් සිලෙක්ට් වෙලා, මං ආස කරන සයිඩ් එකෙන් හොඳ ස්කිල් සෙට් එකක් හදාගෙන හොඳට වැඩ කරගෙන ආවත් financialy ගත්තම මගෙ තත්වෙත් සෑහෙන්න අවුල් වෙන්න හේතුව ව්‍යවසායකත්ව මනසක් මම හිටපු අධ්‍යාපන ක්‍රමයෙන් ලැබුනෙ නැති නිසා කියලයි මට හිතෙන්නෙ. අධ්‍යාපන ක්‍රමයෙන් තියා පවුල් පසුබිමෙන්වත් එහෙම මනසක් හැදෙන්නෙ නෑ ලංකාවෙ 95%ක් ළමයින්ගෙ.
සාමාන්‍ය මධ්‍යම පාන්තික ළමයෙක් ඒලෙවල් වලින් පස්සෙ ඉස්කෝලෙන් අවුට් වෙලා සමාජෙට වැටුනා කියන්නෙම ඌ වැටෙන්නෙ financialy අමා මහ නරා වලකට. මොකද අපි හැමෝම කරන්න ආස, අපිට හැකියාව තියන ක්ෂේත්‍රයක් තියනවා. ඒ ක්ෂේත්‍රය දිගේ extra දෙයක් කරලා, ඒක හරහා ව්‍යවසායකයෙක් වෙන්න ගියාම ලංකාව ඇතුලෙ ජීවත්වෙන එකෙන් අපිට ලැබෙන්නෙ නිමක් නැති බාධක විතරයි.
දැන් කාලෙ ඉන්න අවුරුදු 20-28 අතර වයසෙ අය ඇත්තටම හරි පව්. මම අන්තිමට ලංකාවෙ ජොබ් එකක් කලේ 2025දි. මට පඩි තිබ්බෙ රුපියල් 40000යි. ගමන් වියදම්, කෑම බීම අරවා මේවා ඔක්කොටම අයින් කලාට පස්සෙ පඩියකට කියලා ඉතුරු වෙන්නෙ 30000කට අඩු ගානක්. එකෙන් ගෙදර ලයිට්බිල්, ඉන්ටනෙට් බිල් අරවා මේවා ගෙව්වට පස්සෙ මගෙ අතේ ඉතුරු වෙන්නෙ රුපියල් හත් අට දාහකට වඩා ඉතුරු උනේ නෑ... ඒ ඉතුරු වෙන ගානත් හිත සැනසෙන්න කොත්තුවක් ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ඉවර වෙද්දි මොනවට වියදම් උනාද කියලා හිතාගන්නවත් බැරි විදිහට මිසිං වෙලා යනවා...
මේ හැමදේකින්ම පස්සෙ මට ලංකාව ගැන තියෙන්නෙ පට්ටම කලකිරීමක් විතරයි බං... මං දන්නෙ නෑ සිරාවටම තව කල් යද්දි ලංකාවට මොනවා වෙයිද කියලා... අලුත් ජෙනරේෂන් එක්ක මං හිතන්නෙ නෑ ලංකාවෙ කර්මාන්තවත් හරියට පවතියිද කියලා... හැබැයි මං එක දෙයක් දන්නවා...
ලංකාවට මොන කලක් ගියත් මම නං මේ ඉන්න විදිහටම ඉන්නෙ නෑ...
No comments:
Post a Comment