අපි හම්බුනේ ෆේස්බුක් ගෲප් එකකින්...
ඒක තනිකඩ කොල්ලො කෙල්ලොන්ට කපල් වෙන්න හදලා තිබ්බ fb group එකක්. ඒකෙ දාපු පොස්ට් එකක් දුරදිග ගිහින් තමා අපි හම්බුනේ.
එයා මට වඩා මාස හය හතක් වැඩිමල්. ඒත් එයාටවත් මටවත් ඒක ගැටලුවක් උනේ නෑ. එයාගෙ ගෙවල් කලුතර. වැඩ කලේ පානදුර පැත්‌තෙ ඉන්ෂුවරන්ස් ඔෆිස් එකක. උඩ අඩි 5කට වැඩි නෑ. කෙට්ටුයි. තලෙලුයි.මට මහා ලොකුවට හිතට වැදුන විදිහෙ ලස්සනක් තිබුනෙත් නෑ. ඒත් fb එකෙන් උණත් මැසේජ් කරගෙන යද්දි මාත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න මීට කලින් මම ට්‍රයි කරපු කෙල්ලොන්ට තිබ්බෙ නැති උවමනාවක් එයාට තිබ්බා.
2024 නොවැම්බර් මහේ එක් සෙනසුරාදාවක අපි මුලින්ම හම්බුනා පානදුර කැෆේ එකකදි. අපේ හමුවීම මහ ලොකු වෙලාවක් තිබ්බෙ නෑ. ඒක මම කෙල්ලෙක් එක්ක ඩේට් එකකට ගිය පලවෙනි වතාව නිසා ද කොහෙද මගෙ හිතේ පොඩි කලබලේකුත් තිබ්බා. හැබැයි ඒ ඩේට් එකෙන් පස්සෙ මට එයාව අල්ලලා ගියා.
අපි නිතර චැට් කලා. මහාලොකු දේවල් නෙවේ එදිනෙදා ජීවිතේ ගැන. අපි දෙන්නගෙන් කවුරුත් ආදරේ ගැන මහාලොකුවට රොමැන්ටික් වෙලා කතා කලේ නෑ. ගෙවල් වල අයගෙ විස්තරයි ඉගෙනගන්න ඒවයි කරන ජොබ් ගැනයි, අපි කැමති අකමැති දේවල් වගේ ඒවා.
කොහොමහරි අපි දෙවනි ඩේට් එක විදිහට අපි ගියේ BMICH එකේ තිබ්බ motor show එකකට. ඒ 2024 දෙසැම්බර් මුල. ඒ ඩේට් එකෙන් පස්සෙ අපි දෙන්නා ඔෆිෂියලි පිලිගත්තා අපි දෙන්නා රිලේෂන්ෂිප් එකක ඉන්නෙ කියලා.
ඊට පස්සෙත් මාසයක් හමාරක් වෙනසක් නැතුව ගෙවුනා. අපි පානදුර බීච් එකෙයි, කොළඹ පාක් දෙක තුනකයි රවුමක් දෙකක් දැම්මා. දෙන්නට දෙන්නා එකිනෙකාට එක එක තෑගි එහෙම දුන්නා. හැබැයි සාමාන්‍යයෙන් වෙන කපල් එකක තියන රොමැන්ටික්බවක්, ලව් එකක් අපි අතර තිබුනෙ නෑ කියන හැඟීම මට තිබුනා. සමහර වෙලාවට මම එහෙම වෙන්න හැදුවත් එයාගෙ පැත්තෙන් නිතරම මට මෙතන වචන වලින් කියන්න බැරි ටයිප් එකේ බැරියර් එකක් තිබ්බා.
එයා කවදාවත් හැබැයි මගෙන් දතක් පන්නන්න ට්‍රයි කලේ නෑ. ඩේට් එකකට ගියාම උනත් දෙන්නා සමව ගාන බෙදාගෙන වියදම් කලා. තෑගි දෙද්දි උනත් මම එයාට මොනවා හරි දුන්නොත් අනිත් පැත්තට එයත් මට මොනව හරි දුන්නා.
2025 පෙබරවාරි මාසෙ මැදක් වෙද්දි මට එයාගෙ red flags ටිකෙන් ටික පේන්න ගත්තා. හේතුවක් නැතුව මට මුලින් මැසේජ්, කෝල් වලට reply නොකර හිටියා. පස්සෙ මොකක්ද වැරැද්ද ඇහුවම "වැරැද්ද මොකක්ද කියලා ඔයාට තේරෙන්න ඔිනෙලු" කිවුවා. මම ඒ ටිකේ ටිකක් පස්සෙන් ගියා මොන මඟුලක්ද උනේ කියල හිතාගන්න බැරුව. කොහොමහරි ආයෙ පෙබරවාරි අග වගේ වෙද්දි ශේප් ඒකේ හිටියා.
මාර්තු මුල සතියෙ මගෙ බර්ත්ඩේ එක තිබ්බා. ඒකට අපි දෙන්නා පානදුර බීච් එකේදි හම්බෙලා හිටියා. එයා මට ෂර්ට් එකකුයි තව මොනවද මංදා දුන්නා. ඒක තමා මම එයාව අන්තිමට දැකපු දවස.
ඊට සතියකට විතර පස්සෙ ආයෙත් කලින් වගේ මුලින් මැසේජ්, කෝල් වලට reply නොකර හිටියා. මේ පාර මම පස්සෙන් ගියෙත් නෑ. මොකද මට එයාගෙ red flags ගොඩක් පෙනිලා තිබ්බ නිසා එයාම ඒක නවත්තන්න හේතුවක් දෙනකන් මමත් බලන් හිටපු නිසා. දවස් 3ක් විතර සද්ද නැතුව ඉඳලා මට මැසේජ් එකක් දාලා තිබ්බා
"api meka nawattamu" කියලා..
මම "Ha" කියල රිප්ලයි කලා...
එයා ඒකට "Thank you" කියල එව්වා...
"Oyatath Thank you😊" මම එහෙම රිප්ලයි කලා...
ඒකි ඒකට ha ha react (😂) එකක් දාලා තිබ්බා...
Ptta Htti...
මට සිරාවටම එහෙම හිතුනා..ඒත් මං ඒක කියන්න ගියෙ නෑ...
ඒ ලව් එක එතනින් ඉවර උනා... මට සිරාවටම පට්ට නිදහසක් දැනුනා...
එච්චරයි...!
කොටි මල්ලි (Snow Kotiya)
2026-05-30
No comments:
Post a Comment