Skip to main content

හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි...

හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැනීමේ උවමනාව නිසා අදත් උදේ 6.30ට වැඩ කරලා බාන්න තියන ඒවා දැන් බාන ටික බාන වෙලාවෙ කරන්න දේකුත් නැති නිසා සහ කාලෙකින් බ්ලොග් එකට මොකුත් ලිවුවෙත් නැති නිසා ලියන්න දෙයක් කල්පනා කරද්දි තමා මේ සීන් එක මතක් උනේ.මේ සීන් එක මතක් වෙච්ච හැම වෙලාවෙම බ්ලොග් එකේ කොටන්න උවමනාවක් තිබුනත් මොකක් හරි මගුලක් නිසා ඒක කල් ගියා...ඉතින් මෙන්න මේකයි ස්ටෝරිය...

ඉතින් මගේ පජාත මිත්‍රයෝ දෙන්නා විශ්වයා සහ පමෝද්...උන් දෙන්නගෙන් විශ්වයට හැදිල තිබුනු ලෙඩේ තමයි චැලි බයික් පිස්සුව.ඒකෙ උපත් කතා ඒව කියන්න වෙලාව නං මේ වෙලාවෙ නෑ.කොහොම හරි සීන් එක කිවුවොත් විශ්වයට නහුතෙටම මේ චැලි පිස්සුව ගහල තිබුනෙ.ගෙවල් වටේත් හිටිය චැලි සෙට් එක නිසා කොලුවගෙ පිස්සුව දිනෙන් දින වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.කොටි මලයාත් ඉස්සර චැලි වලට ආස නැතුව හිටියට පස්සෙ පස්සෙ මොඩිෆයි කරපු චැලි වලට පොඩි ආසාවක් ආවත් ඒක එච්චරම ක්ලැසික් කාර් වගේ පිස්සුවක් වුනෙ නෑ...

චැලි ගැන කතා කරද්දි විශ්වයා අපිට නිතරම මේ චැලි බයික් කාරයෙක් ගැන විස්තර කිවුවා.මම මේ ලිපියේ මට හිතෙනවා ඇත්තටම උගෙ නම නොකිය ඉන්න.කොහොම හරි මූ කියනවා ඌ අපේ වයසෙලු.තාත්ත දාල ගිහින් හරි මොකක් හරි තාත්ත නෑලු.අම්ම බලන්නෙ නෑලු.මූ චැලි බයික් හදලා විකුණලාලු සල්ලි හොයාගන්නෙ.මාර චැලි පිස්සෙක්ලු.ඒ ගමේ මිනිස්සු බයික් හදාගන්නෙ උට කියලලු.  ඒරියා එකේ සුපිරිම චැලිය කියන්නෙ උගෙ චැලියලු.ඌ ඒක ගත්තෙ 30000කටලු.විශ්වයා ඔහොම කියද්දි අපි අහන් හිටියෙ නිකන් සුරංගනා කතාවක් අහන විදිහට.කොහොමත් විශ්වයා දෙයක් කිවුවොත් ඒකෙන් 99%ක් පච නිසා ඕක විශ්වාස කරන්න බැරි තත්වයක්මයි තිබුනෙ.මම සහ පමෝදයා බස් එකේ සෙට් වෙන වෙලාවටත් කිවුවෙ ඕක පචයක් කියල ඉස්කෝලෙ යන එකෙක් චැලි හදනව අම්මල බලන්නෑ ඕව විශ්වයගෙ බේගල් කියල තමයි කතා උනේ.දැන් කාලෙ ඉතින් කොහොමත් ඔය කතා විශ්වාස කරන්න අමාරුනේ...

ඒ කෙසේ වෙතත්,
මට ඇස් දෙකෙන්ම දැකලා මේක විශ්වාස කරන්න උනා...

කොහොම හරි දැන් විශ්වයත් චැලියක් ගන්න ගානකුත් සෙට් කරගෙන දවසක් මට කෝල් කලා මචන් පොඩ්ඩක් අර ඩයල් එකලෑ ගෙවල් පැත්තට ගිහින් එමු චැලියක් බලන්න කියලා.මටත් ඉතින් ඕක සිරාද කියලා දැන ගන්න උවමනාවටම මාත් පැන්න ගමන් ගියා.මගෙ පුටාර් එකේ රෝද වල හුලං ටික මට බූට් එක තියල නිසා මම විශ්වයලෑ ගෙදෙට්ට පයින්ම ගියා.ඊට පස්සෙ විශ්වයා උගෙ පොඩි කාලෙ පුටාර් එක මට දුන්නා.විශ්වයෑ සයිස් එකත් එක්ක ඒ හිච්චං පුටාර් එක උට පදින්න බෑ.කොහොම හරි මට එච්චර අමාරුවක් නැතුව ඒක පදින්න පුලුවන්.විශ්වයා යන්න කලින් සිය පාරක් වත් කියපු දේ තමයි මචන් පට්ට දුරක් යන්න තියනව කිලෝමීටර් ගාණක් යන්න තියනව කියපු කතාව.මට ඉතින් ඕනි දුරක් එකයිනේ... ඔන්න ඔහොම දෙන්න සෙට් වෙලා තල්ගහවිල පාරෙ පුටාර් දෙක පැදගෙන යන්න පටන් ගත්තා.විශ්වය ඉතින් ලොකු පුටාර් එකේ අවුලක් නැතුව යනව මාත් ගැම්ම දාගෙන පොඩි පුටාර් එකෙන් ඌ පස්සෙ යනවා.සැරින් සැරේ පොඩ්ඩක් සීට් එකෙන් නැගිට නැගිට ගියා ෆුකට රෙස්ට් එකක් දෙන්න ඕනි නිසා.නැත්තං ඒ සීට් එකේ සනීපෙට මට ලැට් වලට නැගලා බොකක් දාන්න ෆුකක් ඉතුරු වෙන එකක් නෑ.

කොහොම හරි තල්ගහවිල පාරෙන් දුරක් ගිහින් අපිට අතුරු පාරකට හැරිලා යන්න වුනා.ඒකෙත් පට්ට දුර.හතර අතේ වලවල්.
ඔහොම ඔහොම පාර දිගේ ගිහින් විශ්වයා එකපාරට තවත් පොඩි අතුරු පාරකින් හැරිල යන්න පටන් ගත්තා.පාරෙ වංගුවකින් හැරෙන කොට තමයි හරියටම මම පොට් එක දැක්කේ.

හම්මෝ... පොඩි තනි තට්ටුවෙ නෝමල් ගෙයක්.තාම ටිකක් හදාගෙනත් යනවා.ගෙදර පේමන්ට් එකේ චැලි 4ක් විතර.තව මොනා හරි බයික් දෙකකුයි කෑලි කරපු සීටී100 එකකුයිත් තිබුනා.

විශ්වයා බයිසිකලේ නවත්තලා ඒ චැලියක් පිටි පස්සට ගිහින් ආ මචාන් කිවුවා...

අඩෝ මට ගහන්නද ආවේ...?  චැලිය පිටිපස්සෙන් කට හඩක් ආවා.ඒ වෙලාවෙ තමයි මම හරියටම පොරව දැන්නේ.මගෙ උරහිස ගාණට උස පොඩි බටු කොල්ලෙක්.ඌ අර චැලිය පිටිපස්සෙ බ්‍රේක් හද හද හිටියෙ.

ඉතින් සිරාම කතාව එතන වෙච්ච හැම දේම මෙතන කොටන්න මට වෙලාවක් නෑ.ඒත් මාර චරිතයක් තමයි ඒක.අර විශ්වයා කියපු කතා සීයට සීයක් ඇත්ත කියල චැලි බට්ට නොකිවුවත් මම ඇස් දෙකට දැක්කා.
සිරාවටම එතන තිබුනු චැලි වලට නං පිස්සු හැදෙනව.චැලි බට්ටගෙ චැලියත් අති සුපිරියක්.රත්තරං පාට පේන්ට් එක ගහල පොටි ස්ටිකර් ටිකකුත් ගහල පත බීට් කෑන් එකකුත් ගහපු සුපිරියක්.100cc එංජිමක් තියල පස්සෙ ඒක බෝර් කරල 135cc වෙනකන් වැඩි කලා කියල තමයි චැලි බට්ට කිවුවෙ.

බ්‍රේක් හදපු ගමන් බට්ටා නැගලා අර පොඩි පාරෙ ගහපු වීල් ටික නං ජීවිතේට අමතක වෙන්නෑ.මං දැකපු සුපිරිම ස්ටන්ට් කාරයෙක් තමයි.අර චැලියෙන් අංශක 90 වීල ගහනව කිසි ගේමක් නැතුව අර පොඩි කටු පාරෙ.ඌ කියනවා උට පුට් සයිකලේට වඩා චැලිය බැලන්ස්ලු.ඌ ඇවිල්ලා රෝද 2න් යන්න උවමනාවක් නැති එකෙන් විශ්වයගෙ පුටාර් එක අරනුත් ඌ කලේ වීල් ගහපු එක.

කොහොම හරි විශ්වයා ගන්න බලපු චැලියත් බලලා අපි හවස 6ට විතර එහෙන් පිටත් වුනා.ආයෙත් පන දාගෙන පුටේ පාගල පාගල විශ්වයලෑ ගෙදෙට්ට ඇවිත් ඊට පස්සෙ අපේ ගෙදෙට්ට ආවා.

එදා මං ඔය කතාව අපේ අම්මට කිවුවට අම්ම විශ්වාස කලේ නෑ.කොහෙද අනේ ඒ වගේ ලමයි ඉන්නෙ ඉස්කෝලෙ යන්නැද්ද අයෙත් ඔය දුර යන්න එපා කියන්න පටන් ගත්තා.ඒත් ඇත්ත නං අපි නොහිතන විදිහෙ අයත් මේ ලෝකෙ ඉන්නව.සිරාවටම ආයෙත් වෙලාවක චැලි බට්ටා බලන්න යන්න ඕනෙ.මාරම පොරක් තමයි.

එහෙනං මේ ලිපිය අවසන් කරනව ඇත්තටම මීට වඩා ගොඩක් ලියන්න හිටියත් කාල වෙලාව නැති නිසා ලියන්න හැටියක් නෑ... අදට නතර කරනවා... සුබ දවසක් වේවා හැමෝටමට...!!!

කොටිමල්ලි...
2017.12.08

Comments

  1. හම්මට සිරි බලහල්ලකො ඒක. මොකක් වුනත් බ්ලොග ලියපිය :)

    - ජෑ මා කාලී -

    ReplyDelete
    Replies
    1. Thanks for comment brother.මකරට නැද්ද බයික් පිස්සුව?

      Delete
  2. හම්මා.. මටනම් වැඩිය බයිසිකල් පිස්සුව නෑ.
    දවසම ඉන්ටනෙට් එකේ, ලැප් එකේ..
    මටනම් ඔහොම දුර යන්න දෙන්නේ නෑ.
    දවසක් විභාගේ ඉවර වෙලා අනුජයත් එකක් හෝමගම ගියා බස් එකේ.
    ආඩුඊනෝ වැඩකට බඩු ටිකක් ගන්න. එදා ගත්තේ අනුජට ආඩුඊනෝ බඩු ටිකක් විතරයි.
    අපේ අයියව ඒ කඩේ අයියා අදුරනවා.
    ඒ දෙනනවත් හදුන්වලා දුන්නේ මමතමයි.
    ඊට පස්සේ දවසක අයියා ඒ කඩේට ගිහින්.
    කඩේ අයියා කියලා මම දවසක් ආවා කියලා. cctv විඩියෝ ටිකකුත් පෙන්නලා.
    එදා මම ඉවරයි.
    මටනම් තාමත් ඒ කඩේ අයියත් එකක් තියෙන්නේ පුදුම තරහක්..
    ඒත් තාමත් ආඩුඊනෝ බඩු ගන්නේ ඒ කඩෙන්ම තමා.. (මටත් ලැජ්ජාවක් නෑනේ..)
    :0
    :)

    ReplyDelete
    Replies
    1. ලොකු කමෙන්ට් එකක් දැම්මට ගොඩාක් ස්තූතියි ඉදුවරයෝ... මට නං ඉතින් ආඩුයීනෝ වගේ ඒව ගැන උනන්දුව බොහොම අඩුයි... කමෙන්ට් එක දැක්කම මට හිතුනෙ උඹ මොකෝ බ්ලොග් එකක් ලියන්නැත්තෙ කියලා... පටන් ගනින් මචන් උඹට ලියන්න පුලුවන්.ගිනිදැල් එක එහෙම තාක්ෂණික ඒව විතරයිනේ.ටිකක් පර්සනල් බ්ලොග් එකකුත් පටන් ගන්න බ්‍රෝ...

      Delete
    2. hmmm...
      liyanna asai mchn..
      eth prashna thiyenawa..
      issaranam blog ekak liwwa.. (Ginidal - ginidal.blogspot.com)
      eth dan podi prashnatikak wela thiyana nisa mail ekakata log wenna ba.
      ekai mehema comment danneth..
      prashnaya inbox ekedi ahanna.

      personal blog ekak kiwwe makarage wage ekakda?

      Delete
  3. Induwara,
    Ow mchn... makarage wage, mage wage blog ekak...
    mn nan den tech blog walin midila inne. tech aye kaloth aniwa wordpress thama. blogger use karanne.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...