Skip to main content

කොත්තු කතාවක්...


හලෝ....හැමෝටම ඉතින් සුබ දවසක් වේවා...!!!

කාලෙකට පස්සෙ තමා මේ වගේ ආතල් එකක් ගන්න වැඩක් සෙට් උනේ...

ඊයෙ 2017.02.12 නේ...උඹලා දන්නව ඇතිනෙ මම ගණන් පන්ති යන්නෙ අපේ මිත්‍රයා විශ්වයාගෙ ගෙදර කියලා...පොරගෙ ගෙදෙට්ට සර් කෙනෙක් ඇවිත් උගන්නනව...මායි විශ්වයයි පමෝද් කාරයයි තමා ඕකට යන්නේ...ඉතින් ඊයෙත් අපි 2න්නා අරූගෙ ගෙදට්ට ගියා...කොහොම හරි පන්ති 6.30ට විතර පටන් ගන්නව ඒත් 7 වෙනකනුත් සර් ආවෙ නෑ...අපි 3න් දෙනා ගෙට්ටුව ලගට වෙලා කයියක් දාගෙන උන්නේ...ඊට පස්සෙ කෝල් කරලා බැලුවම සර් කාරයට උණ හැදිලා අද පන්ති නෑ...අපිත් ඉතින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා...විශ්වයා හැපි එකටමද කොහෙද පාරෙ කන්ද පැත්තට යන්න පටන් ගත්තා...උගෙ ගේ තිබුනෙ පාර අයිනෙනේ...මායි පමෝදුයිත් අරූ පස්සෙන් ගියා...

අපි ඉතින් හෙන හැපී එකේ කයියක් දාගෙන කන්දෙ කඩ පැත්තට ගියා...ටික දුරක් යනකොට මට මතක් උනා මගෙ සාක්කුවෙ රැපියක් 120ක් තියනව...ඒක එදා දවල් ගෙදර කවුරුත් හිටියෙ නෑ...මං විතරයි උන්නේ...අර මොකක්ද කොල ජාතියක් තියනව ඒක සැරසිලි වලට ගන්නව මිනිස්සු වගයක් ඇවිත් ඔය කොල ටිකක් කපාගෙන තමා මට ඔය රුපියල් 120 දුන්නේ...මම ඒක ගෙනාවෙ කන්න නෙවේ...මට අරුන් දෙන්න ලග  පවර් සප්ලයි යුනිට් එකක් තිබ්බොත් ඒක ගන්න ඇඩ්වාන්ස් එකක් දෙන්න ගෙනාවෙ...ඊට පස්සෙ ඉතින් මටත් විකාර සිතුවිල්ලක් ආව නිකන් හම්බෙච්ච 120 නේ...මම නිකමට ඇහුව මචන් අපි මොනා හරි කමුද කියල...

උඹ ගාව සල්ලි තියනවැයි?...ඔව් බං 120ක් තියනව...එහෙනං ඉතින් මොකක් හරි කමු ඉතින් උඹ කැමති නං...

අරුන් දෙන්න එච්චර සීරියස් විදිහට හිතුවෙ නෑ ඒ වෙලාවෙ කොහොමහරි මං කෑම ගනියි කියල...කොහොමහරි මං කිවුවා ඔන්න ඔහේ ගමු කියල...ඊට පස්සෙ අපි තුන් දෙනා එතන තිබ්බ කොත්තු කඩේට ගොඩ වැදුනා...

මම - මොනවද බං ගන්නේ?කොත්තුවක් කීයක් වෙයිද බං?
විශ්ව-කොත්තුවක් වෙයි ඉතින් 150ක් විතර.
මම-පොඩ්ඩක් අහල බලපන්කො
අරූ ඊට පස්සෙ ගාණ අහල වෙජිටබල් කොත්තුවක් නෝමල් එක 120යි...මොකද කරන්නෙ ගමුද?...
මම ඉතින් ටිකක් විතර කුණානේ...මම බැලුවෙ ටිකක් අඩුවට...ඊට පස්සෙ මම අර ෂෝ කේස් එකක ‍තිබ්බ රොටි ටිකක් දැකල ඒව ගමුද කියල ඇහුව..

විශ්ව-ඒව නිකන් පුස් කාල වගේ නේද බං?
මම-එද්දකින් විතරක්...මොකද බං කරන්නෙ කොත්තුවක් ගමුද?අපි 3දෙනාට ඇති වෙයිද?
විශ්ව-ඇති වෙයි බං මං හිතන්නේ...

මං හැතැප්ම තිස්දෙකයි දශම නවයක විතර හුස්මක් රුපියල් 120ට තිබුනු තණ්හාව එක්ක පිට කරලා ඔන්න ඔහේ ගමු බං කියල සල්ලි දුන්නා...

කොහොම හරි ඒ කඩේ එක්කෙනා විශ්වයගෙ යාලුවෙක්...එයා අපි ගැන අනුකම්පා කරල ෆුල් එකක්ම දුන්නා පස්සෙ රුපියල් 20ක් ගෙනත් දෙන්න කියල...

අපි ඉතින් ෆුල් හැපි එකේ විශ්වයාගෙ ගෙදෙට්ට ඇවිත් කොත්තුව කාලා පට්ට ආතල් එකක් ගත්තා...ඇත්ත වශයෙන්ම කිවුවොත් අපි ඒ වගේ ආතල් එකක් කවදාවත් අරන්ම නෑ...ඉස්කෝලෙ එවුන් එක්ක ඒ වගේ නිදහස් ආතල් එකක් ගන්නත් බෑ...ඇත්තටම...ඉදලා හිටලා හරි යාලුවො තුන් හතර දෙනෙක් එක්ක මේ වගේ ආතල් එකක් ගන්න ඕනි බං මම නං කියන්නෙ...වැඩිය ඕන්නෑ 3ක් හොදටම ඇති...වැඩි උනාමත් කරදරයි නෙ...කොහොමත් අපි තුන් දෙනා පොඩි කාලෙ ඉදන්ම යාලු මාලුවෝ වෙලා හිටපු පොරවල්නේ...ඒ ආතල් එක නං කවදාවත් අමතක වෙන්නෙ නෑ...කොත්තුව කෑවට පස්සේ විශ්වලෑ අම්මා අපිට තේ හදලා දුන්නා...ඒක බීලා අපි මිදුලට වෙලා පොඩි පොඩි දුවන සෙල්ලං පැනිලි සෙල්ලං කර කර ආතල් එකක් ගත්තා...ඊට පස්සෙ ගේට්ටුව ලග වාඩි වෙලා පොඩි කයියකුත් දාගත්තා...

මම දැනට යාලුවොත් එක්ක එකට විනෝද වෙලා තියනව නං මේකෙන් තමා මං ලොකුම සතුටක් ලැබුවෙ...අරුන් දෙන්නටත් හොදට විනෝද උනා...උනුත් පලවෙනි පාරනෙ...උන් කොහොමත් අද බලන් ඉන්නෙ මම මේක බ්ලොග් එකේ ලියනකන් උන් දන්නව මේක මම ලියනව කියල...අඩෝ උඹල දෙන්න මේක කියෙවුව නං කමෙන්ට් එකක් දාල පලයල්ල ඈ ලෝබ නොවී...උඹල දෙන්න නිසාමයි මේක මෙච්චර ඉක්මනට ලිවුවෙත් නැත්තං මාස හය හතක් පහුවෙලා තමා ලියන්නෙ...ඒ වගේම මේක කියවන ඔයාලටත් මම කියනව ඔයාලත් මේ වගේ යාලුවො තුන් හතර දෙනෙක් එක්ක ගත්ත අහිංසක ආතල් තියේ නං කමෙන්ට් එකක් විදිහට දාන්න කියල...ඒ වගේම බ්ලොග් එකට කමෙන්ට් කරලා දිරිමත් කිරීමටත් ගොඩාක් ස්තූතියි...

එහෙනං මං ගියෝ...
ඔබ සැමට සුබ දවසක් වේවා...

2017.02.13

Comments

  1. අපිත් ඉස්කෝලේ යාඵවොත් එක්ක ඔය වගේ ආතල් අරන් තියෙනව.නැත්නම් අපේ ඉස්කෝලේ කාලෙන් වැඩක් නැති වෙනවා.මේ කාලෙ විතරයි ඔය වගේ වැඩ කරන්න පුළුවන්.මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියෙ...විදින්න තියන කාලෙ විදින්න ඕනි කාටත් හිරිහැරයක් නොවී...

      ගොඩාක් ස්තූතියි අයියෙ කමෙන්ට් කරන වෙලාවක් වැය කරන එකට...ගොඩාක් ස්තූතියි...!!!

      Delete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...