මේ පෝස්ට් එක ලියන්නෙ මගෙ හොඳම යාලුවෙක් මේ දවස් ටිකේ අත්දකින ගැටලුවක් නිසා සහ ඒ ගැටලුව ලංකාවෙ අවුරුදු 20-25 අතර ඉන්න ගොඩක් අය විඳිනවා කියල මම දකින නිසා.
මගේ යාලුවා හොඳ දක්ෂයෙක්. ඌ ඒලෙවල් වලින් හොඳම රිසල්ට් එකක් දාලා ලංකාවෙ හොඳම රජයෙ කැම්පස් එකකට ආවා IT වලින් ඩිග්‍රිය කරන්න. ඇවිල්ලා කැම්පස් එකෙත් සෑහෙන්න හොඳට ඇකඩමික් කලා. ඒ වගේම බාහිර වැඩත් හොඳටම කලා. කැම්පස් එක ඇතුලෙත් පට්ට චරිතයක්.
හැබැයි යාලුවා දැන් ඉන්නෙ Internship එකක් හොයාගැනීමේ බරපතල ප්‍රශ්නෙට මුහුණ දීලා. මෙච්චර මහන්සි වෙලා අවුරුදු ගාණක් තිස්සෙ කරගත්ත දේවල් මේ Internship සහ ජොබ් නැති ප්‍රශ්නෙ නිසා වැඩකටම නැති දේවල් කියල හිතෙන තැනට පත්වෙලා.
IT Industry එකේ හැමදේම වෙනස් වෙලා Ai නිසා. Entry level jobs මොකුත් නෑ. හැම කැම්පස් එකකින්ම වගේ IT ඩිග්‍රි අරන් එන ළමයි සෑහෙන්න අසරණ වෙලා. ඔක්කොටම හපන් විදිහට අවුරුදු ගණන් වැඩ කරපු අයත් දැන් රොත්ත පිටින් layoff ෙවනවා. (layoff සීන් එක ගැන මම මේ පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක ගැන මගේ අදහස වෙනම පෝස්ට් එකකින් ලියන්නම්.
අපිට කෙල වුනේ කොතනද?
මට හිතෙන හැටියට අපිට කෙලවීමට පටන්ගත්තෙ ඔිලෙවල් ඉවර වෙලා ඒලෙවල් කරන්න පටන් ගත්ත කාලෙමයි. මං මේක විස්තර කරන්න කලින්, මෙන්න මේ කාරණාව මුලින් හිතට ගන්න. අපි ඉන්නෙ 2026. 2020 කොවිඩ් වලින් පස්සෙ ලෝකෙ වෙනස් වෙන්න ගත්තා සෑහෙන වේගෙන්. අපිට 2020දි කරපු දේවල් දැන් කරල බැහැ. අපි 2026 ඉන්නව නං අපි දැන් වැඩ කරන්න ඔිනෙ 2030 වෙද්දි ලෝකෙ කොහොම තියෙයිද කියලා අනුමාන කරලා අන්න ඒ කාලෙට හරියන්න හැඩගැහෙන්න. ඒ වගේම 2030 වෙද්දි ආයෙ වැඩ කරන්න ඔිනෙ 2035 වෙද්දි මොන වගේ වෙයිද අන්න ඒ විදිහට හරියන්න.
අපිට ගැලවීමක් නෑ මචං... අපිට හැමදාම අලුතෙන් හිත හිත අලුත් දේවල්ම කරන්න වෙනවා. නැතුව මේ වර්තමාන ලෝකයේ ජීවත් වෙන්න බෑ... අපි ආසාවෙන් කරන දේවල් ඒ ඒ කාලෙට ගැලපෙන විදිහට අප්ඩේට් කරලා වැඩ කරන්න වෙනවා...
ඔිලෙවල් වලින් පස්සෙ කෙලවීම පටන් ගත්තා කියල මම කියන්නෙ හේතුව මේකයි. මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ කරන වෘත්තීයට අදාලව ඇඟේ තියන passion එක අඳුනගන්න තියන හොඳම කාලෙ තමා ඔිලෙවල් වලින් පස්සෙ පටන්ගන්නෙ. ලංකාවෙ බහුතරයක් ළමයි කෙලවාගන්න ලොකුම පොයින්ට් එක විදිහට මම දකින්නෙ මේක. පොඩි කාලෙ ඉඳන්ම අපේ ඔලුවට දානවා ඩොක්ටර්, ඉංජිනියර්, ලෝයර්, එකවුන්ටන්ට්, රජයෙ රස්සා වගේ ජොබ් ටිකක් මේ මත පදනම් වෙලා තමා අපි අපේ ඉස්කෝලෙ අධ්‍යාපනය කරගෙන යන්නෙ. ඔිලෙවල් ඉවර උනාට ඒලෙවල් ස්ට්‍රීම් 5න් 1ක් තෝරගනිද්දි අපි ආයෙමත් ඇහුවොත් ළමයෙක්ගෙන් ඇයි මේ ස්ට්‍රීම් එක තෝරගන්නෙ කියලා, කීයෙන් කීදෙනාටද ටාගට් එකක් තියෙන්නෙ තමන් අනාගතයේ මෙන්න මේ වෘත්තිය කරනවා කියලා. මට ඩොක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වෙනවා කියල අතිශය දැඩි උවමනාවක් තියන ඉතාම සීමිත පිරිසයි ඉන්නෙ. අනිත් හැමෝම ඒලෙවල් වලට එන්නෙ එන විදිහකට ඒලෙවල් කරනවා, එන රිසල්ට් එකට එන විදිහකට කැම්පස් එකක මොකක් හරි ඩිග්‍රියකට යනවා, ඩිග්‍රියෙන් පස්සෙ නිකන්ම ජොබ් එනවා එහෙම සීන් එකේ ඉන්නෙ.
දැන් එහෙම ජොබ් ලැබෙන්නෑ බං. 2020න් පස්සෙ ඒක වෙනස් වෙන්න ගත්තා. ඉස්සරහට තව තව කචල් වෙනවා. දැන් මම කියන්නං මගේ අත්දැකීම් එක්ක අනාගතය වෙනුවෙන් ඒලෙවල් කාලෙම career path එක සැලසුම් කරන හැටි. මේ පෝස්ට් එක දැනට ඒලෙවල් කරලා ඉන්න, කරන සහ ඔිලෙවල් ඉවර වෙලා ඒලෙවල් වලට ඉන්න එන්න සෙට් එකට.
පළවෙනිම දේ, ඒලෙවල් කරපල්ලා මචංලා. ඊට පස්සෙ කැම්පස් ගියා නැතා මහන්සි වෙලා පාඩම් කරලා ඒලෙවල් කරන්න. හොඳ රිසල්ට් එකකට යන්න. මොකද ඒකෙන් උඹලගෙ discipline එක හැදෙනව සහ ඒකට පුලුවන් උඹලට අවස්ථා ගොඩකට දොරවල් ඇරල දෙන්න.
ඒලෙවල් වලින් පස්සෙ මෙන්න මේ විදිහට වැඩ කරගෙන යන්න. උඹලා මෙඩිසින්, law වගේ සිලෙක්ට් උනොත් මේ විදිහට වැඩ කරන්න අවශ්‍ය නෑ. මොකද ඒවා ඇවිල්ලා වෙන කිසිම දේකින් රිප්ලේස් කරන්න බැරි වෘත්තීන්නෙ. සහ ආට් කරලා ag office වල රජයෙ රස්සා වලට යන්න ඉන්න අයටත් මං හිතන්නෑ මේ ටික ලොකුවට වැදගත් වෙයි කියලා. කෝකටත් හැබැයි කියවලා බලන්න. කොහොමත් ආට් කරලා artist කෙනෙක් විදිහට ඉස්සරහට එන්න ඉන්න අයට වෙනම ලියන්න බලාපොරොත්තු වෙනවා මාත් ඒ සබ්ජෙක්ට් වල ඉන්න කෙනෙක් නිසා.
උඹලා මචං උසස් අධ්‍යාපනයට යොමු වෙනවත් එක්කම උඹල කරන්න ආස වෙන වෘත්තියට අදාලව self studies කරන්න සහ ඊට අදාලව තමන්ගෙ network එක හදාගන්න පටන්ගන්න ඔිනෙ. මං මේකට උදාහරණයක් විදිහට ගන්නං ටෙක් හෝ මැත්ස් කරලා IT හෝ engineering පැත්තට එන කෙනෙක් කරන්න ඔිනෙ දේවල්. මෙතනදි කරන්න ඔිනෙ දේ තමා උඹ කැම්පස් එකට ගිහින් දෙයක් ඉගෙනගනිද්දි කැම්පස් එක දේවල් උගන්නවට වඩා වේගෙන් සයිඩ් එකෙන් උඹේ තනි මහන්සියෙන් උඹ වෙනම ඉගෙනගෙන කැම්පස් එකට වඩා වේගෙන් යන්න ඔිනෙ.
මුලින්ම හදන්න linkedin එකේ එකවුන්ට් එකක්. ඊට පස්සෙ ඒකෙන් බලන්න තව අවුරුදු 2,3 කින් ඔයා කරන්න ඉන්න ආසාවෙන් වෘත්තියට අදාලව තියන ජොබ් වේකන්සි. ඒ වේකන්සි වලින් ඔයා නෝට් කරන්න ඒ ජොබ් වල ඉල්ලලා තියන job requirements මොනවද කියලා. පළවෙනි පාරට මොකුත් තේරෙන්නෙ නෑ මොනව ඒ ජොබ් එකට ඉල්ලන ස්කිල් කියලා. එතකොට මචං ඒ requirements වල තියන ඉංග්‍රීසි වචන ගූගල් කරල බලන්න මොකක්ද තේරුම සහ මොකක්ද වෙන්නෙ කියල. නැත්තං chatgpt දාලා හොයල බලන්න මොකක්ද කියල. chatgpt ට කියන්න උඹ අවුරුදු 12ක ළමයෙක්ට පැහැදිලි කරන විදිහට උඹට ඒක කියල දෙන්න කියලා.
මෙහෙම වේකන්සි වල requirements බලාගෙන යද්දි ඔයාට දල අදහසක් එයි මොනවද මේ ඉන්ඩස්ට්‍රි ඉල්ලන ස්කිල් සහ ඉන්ඩස්ට්‍රි එකේ යන trend මොනවද කියලා. මෙතනදි අපි කලේ මචං self studies පටන් ගන්න සිලබස් එකක් හොයාගන්නව වගේ වැඩක්. දැන් අපිට පුලුවන් self studies පටන් ගන්න.
අපිට මචං self studies කරන්න ප්‍රධානම source එක තමා ඉන්ටනෙට් එක. මෙතනදි අපි ලේසියෙන්ම අපිට ඉගෙනගන්න සහ ප්‍රැක්ටිස් කරන්න පුලුවන් කම්පියුටර් එක ආශ්‍රයෙන් කරන දේවල්. උදාහරණයක් විදිහට programming, designing ඒවා. commerce කරන අයට accounting වැඩ වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයා (exel) වගේ ඉගෙනගන්න පුලුවන්. ඒ වගේම ඔයාගෙ ෆීල්ඩ් එකට අදාලව පාවිච්චි කරන Ai tools ගැනත් ඉගෙනගන්න පුලුවන්. youtube එකට ගියාම මේ හැමදේකටම අදාල මොකක් හරි වීඩියෝ එකක් තියනවම තමයි. බේසික් හරි ඉගෙනගන්න. ඒ වගේම google එකේ සර්ච් කලාම ඔිනෙ තරං වෙබ්සයිට්, ආටිකල් තියනව.ඒව ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් හරි කියවන්න. තේරෙන්නෙම නැති තැන් කොපි කරලා chatgpt එකට පේස්ට් කරලා ඌට ප්‍රොම්ප්ට් එක දෙන්න අවුරුදු 12ක ළමයෙක්ට පැහැදිලි කරන විදිහට පැහැදිලි කරන්න කියලා.
ඔහොම කරගෙන යද්දි ඊළඟ ස්ටෙප් එක තමා මේ ඉගෙනගන්න දේවල් ප්‍රැක්ටිස් කරන එක. project based learning එකට බහින්න. මුල්ම දේ තමා පුලුවන් තරං කොපි කරන්න. උදාහරණයක් විදිහට ඔයා වෙබ් ඩිසයින් ඉගෙනගන්නව නං තියන වෙබ් සයිට් එකක් බලලා ඒක recreate කරන්න බලන්න ඒ විදිහටම. UI එක හරි හදන්න බලන්න ඒ විදිහටම css, html වගේ කෝඩ් කරල. මචං දෙයක් ඉගෙනගන්න පුලුවන් හොඳම ක්‍රමේ තමා දේවල් කොපි කරන එක. අනිත් අයගෙ ප්‍රොජෙක්ට් බලලා ඒ විදිහටම මැච් කරලා හදන්න ට්‍රයි කරන්න. මේවා කොහෙවත් පබ්ලිෂ් කරන්නෙපා. ඒත් ඒවා හදන්න. පස්සෙ පස්සෙ ඒ්වා ඔයාම හිතලා වැඩිදියුණු කරන්න.
ඊළඟට volunteer jobs (ස්වෙඡ්ඡා සේවක) මේ ප්‍රොජෙක්ට් වලට සෙට් වෙන්න. linkedin එකේ එහෙම සෑහෙන්න තියනවා. සල්ලි ගැනම හිතන්නෙපා යකෝ. සල්ලි හොයන්නත් ඉගෙනගෙන තියෙන්න ඔිනෙ සහ පුහුණුවක් ලැබිලා තියෙන්න ඔිනෙ.
ඊළඟට එනවා කරන්න තවත් වැදගත්ම දෙයක්... ඒ තමා කනෙක්ෂන් හදාගන්නෙක...
මෙතනදි මචං ඔයා කරන්න ඔිනෙ linkedin, facebook වලින් තමන්ගෙ ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ලා හොයාගන්නෙක. මේ වැඩේදි linkedin කලින් facebook එකෙන් පටන්ගන්න. මෙතනදි මචං ඔයා බලන්න ඔයාගෙ ෆීල්ඩ් එකට අදාල කම්පැනි සහ වල අදාල තනතුරු වල වැඩ කරන අය. ඒ අයව හොයලා ඇඩ් කරගන්න බලන්න ලිස්ට් එකට. ඔහොම ඉඳලා පොඩි මැසේජ් එකක් දාන්න "අයියා මම මේ ෆීල්ඩ් එකට අලුත්, මං සබ්ජෙක්ට් එකට ආසයි, මට පොඩි guide එකක් දෙන්න පුලුවන්ද ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න, මම higher studies කරනවා නං කොහොමද කරන්න ඔිනේ මෙහෙමයි මෙහෙමයි" කියලා... හොඳම පොයින්ට් එක තමා අයියගෙ ජීවිත කතාව අහන තැනට ටෝක් කරන්න.. මචං මිනිස්සු හරි කැමතියි තමන්ගෙ ජීවිත කතාව අලුත් පොඩි එවුන්ට කියලා උන්ට ජීවිතේ ජය ගන්න හැටි කියල දෙන්න. ඒ ජීවිත කතා සෑහෙන්න ඔයාගෙ ජීවිතේ වෙනස් කරාවි. මචං හෙනම භක්තියෙන් අහගන්න ඔිවා ඈ. හැබැයි මතක ඇතුව මීටරෙන් ඉන්න අයියා කියන දේවල් එකපාරම පිලිගන්නත් එපා. බුදුහාමුදුරුවොත් කියල තියනව ඔක්කොම අහලා තමන් තනියම හොයලා බලලා කරුණු තහවුරු කරගෙන විශ්වාස කරන්න කියලා. අයියගෙන් ඔක්කොම data ටික අරන් ඔයා තනියම ඒවා ප්‍රොසෙස් කරලා පැහැදිලි information එකක් ගන්න. ඔහොම වැඩ කරගෙන යද්දි මචං ඔයා self studies වලදි කරන ප්‍රොජෙක්ට් අරවා මේවා අයියට පොඩ්ඩක් යවලා රිවීච් එහෙමත් ගන්න. ඔහොම කරන් යද්දි අයියට උඹව මතක හිටිනවා වගේම අයියගෙ ප්‍රොජෙක්ට් වලදි නැත්තං අයියගෙ කම්පැනියෙ ප්‍රොජෙක්ට් වලදි එහෙම අයියා උඹව රිකමන්ඩ් කරලා උඹට සුපිරි ගේමක් ගහගෙන යන්න චාන්ස් සෙට් කරගන්න පුලුවන් ඉස්සරහට.
linkedin එකෙනුත් මේ වගේම තමා ෆීල්ඩ් එකේ වැඩ කරන අයව ඇඩ් කරගන්න. හැබැයි linkedin එකෙන් ජීවිත කතා නං අහන්න යන්නෙපා කරුණාකරලා.
ඒ වගේම තමා කරන ප්‍රොජෙක්ට් පෝස්ට් කරන්න linkedin, facebook වල. පර්ෆෙක්ට් වෙන්න හිතන්නෙපා. පොඩි වැඩ වුනත් පෝස්ට් කරන්න ගානට. එහෙම පෝස්ට් කරද්දි work in progress එකත් එක්ක පෝස්ට් කරන්න. පොඩි වැඩේ වුනත් වැදගත් පොයින්ට් බලලා පෝස්ට් කරන්න ඈ අවදාන ගණිකාවක් වෙන තරම් එක දිගට මොකුත් දාන්න එපා.
ඔය ටික තමා කරගෙන යන්න තියෙන්නෙ. හරියට කරගෙන ගියොත් අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට වෙයි. විශේෂයෙන් මතක් කරන්න ඔිනෙ අනිවාර්යයෙන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්නම ඔිනෙ. ඒ වගේම උවමානවක් තියේ නං තව භාෂාවක් ඉගෙනගන්න බලන්න රුසියන්, ජර්මන් වගේ.
ඒ වගේම තමා මෙතනදි final goal එකක් නෑ, තියෙන්නෙ නොනවතින process එකක් විතරයි.
මැරෙනකන්ම අලුතෙන් දේවල් ඉගෙනගනිමින්, අලුත් දේවල් කරමින් ජීවත් වෙන්න වෙනවා. එච්චරයි.
කොටි මල්ලි (Snow Kotiya)
2026-07-30
ප.ලි - කලිනුත් කිවුවා වගේ මං කියපුවත් එකපාර විශ්වාස කරන්නැතුව ඔයාගෙම රිසර්ච් එකක් කරලා, කරුණු තහවුරු කරගෙන වැඩ පටන් ගන්න :D
No comments:
Post a Comment