Skip to main content

ගණුදෙනුව...

හලෝ ඉතින් කොහොමද...සතුටින් ඉන්නවා නේද හැමෝම?....අපිට නං ඉතින් දුකයි සැපයි දෙකම තියනවා...ඉතින් ඇත්තම කිවුවොත් මට මාස ගාණකින් බ්ලොග් 2න් එකක්වත් ලියන්න බැරි උනා.කොටින්ම කිවුවොත් මම මගේ ටෙච් බ්ලොග් එකටවත් මාස 2කින් පෝස්ට් එකක් දැම්මෙ නෑ.හේතුව කම්මැලිකම සහ ලියන්න දෙයක් නොමැති වීම.අද නං පෝස්ට් එකක් නොලියාම ඉන්න හුගක් අමාරු උනා.මොකද මගේ ඉන්ටනෙට් සෙල්ලං වල සම්පූර්ණ වෙනසක් අද උන නිසා.ඉතින් කතාව කියවලා බලමු නේහ්...

අද නං මහ පුදුමාකාර දවසක්...හීනෙකින් වත් හිතපු නැති දෙයක් තමා උනේ...

ඔන්න අද දවස 2016.05.06 සිකුරාදා...ඔයාලා දන්නවා ඇති ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එක ගැන සහ ඔයාලා ඒක ප්ලේ කරනවාත් ඇති...ඉතින් ලෙසටම මටත් ඒකේ ටවුන් හෝල් ලෙවල් 8 බේස් එකක් තිබුනා.ඒ වගේම මට දැන් දැන් ඒක ගහන්න තහංචි වැටිලා තිබුන මම ඒකට ඇබ්බැහි වෙලා කියලා...ඒ වගේම මට ඒක බාගෙට එපා වෙලා තිබුනෙ...ඒකට හේතුව මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් පමෝද් උගෙ බේස් එක රු.220කට මගෙ පරම සතුරාට විකිණීම.ඒ වගේම මට දැන් ගේම් එක ගහන්න අම්මා දෙන්නෙ නැති නිසා හොරෙන් තමා ගැහුවෙ.හොරෙන් ගැහිල්ලත් එපා වෙලා තිබුනෙ.ඉතින් මම මේක නවත්තන්න හිතුවා.ඒත් හිතට මොකක්ද වගේ මෙච්චර කාලෙයක් අමාරුවෙන් ආදරෙන් රන් කරපු බේස් එක දෙන්නත්...
කොහොම හරි මේ දවස් ටිකේ මම ඉස්කෝලෙ කිය කිය හිටිය බේස් එක 3000කට දෙනව කියල.එකම එකයි ගන්නං කිවුවෙ ඒ මගේ මිත්‍ර හිමත්.ඌ හරි ආසාවෙන් හිටියෙ ඒකට...යාලුව හින්ද මම ඌට ඒක 2500කට දෙන්නං කියල කිවුවා...පොරත් ඉතින් ෆුල් හෝප්ස් තියාගෙන හා කියල උට සල්ලි එකතු කරගන්න මාසෙ අන්තිම වෙනකන් ඉන්න කිවුව.මාත් කැමති උනා.

කොහොම හරි ඕක කියල ඊලග දවසෙ මම කිවුව කියාංකො බේස් එක විකුණන්න බෑයි කියල.මට දුකයි බං විකුණන්න...හිමතෙයාගෙ හීනත් මං හිතන්නෙ කැඩුනා.ඒත් ඌ මොකුත් කිවුවෙ නෑ.

ඊට පස්සෙ දවසෙ හිමත් උගෙ ස්මාට් වොච්(smart watch)එක ගෙනල්ල තිබුන යාලුවෙක්ට දවසකට දෙන්නද මොකක්ද එකකට...ඒක නං පට්ටයි බං.මටත් ඉතින් ආසාව තිබුනට මොකුත් කිවුවෙ නෑ.හිමත් අහනවා උඹ කැමතිද මගේ වොච් එක උඹෙ බේස් එකට මාරු කරන්න කියලා මාත් හා කිවුවා.ඒත් එතකොටම පමෝද් කාරය නහයෙන් අඩන්න පටන් ගත්තා මොකද ඌ මට කලින් ඒක සල්ලි වලට ඉල්ලලා තිබුනෙ.ඉතින් ඌ ඒක අහපු හැටියට මටත් දුක හිතුනා බං.මගේ යාලුවනේ උගෙ හිත කඩන්නත් බෑ ඒ වගේම හිමත් අරක කියල තියෙන්නෙ විහිලුවට...ඊට පස්සෙ මං කිවුවා මං මගේ බේස් එක විකුණන්නෙ නෑ ඒත් හොද කැමරාවක් තියන බට්න් ෆෝන් එකකට හරි(මට කෙලින්ම කියන්න තිබුනා ස්මාට් ෆොන් එකකට මාරු කරනවා කියලා.ඒත් ස්මාට් ෆෝන් එකකට මාරු කරල ඒක ගෙදර ගෙනිච්ච ගමන් අම්මා ඒක පොලේ ගහයි.)ස්මාට් වොච් එකකට හරි මාරු කරනවා කියලා.සල්ලි නං ගන්න බෑ බං.මොකද සල්ලි ගත්තොත් නැති කරදර.මොකද අපි පොඩි ළමයි.ඉතින් මං බේස් එකට අඩුම 2500ක් වත් කියනවා.ඉතින් ගේම් එකක් ගහන්න ළමයෙකුට රු.2500ක් දෙන්නෙ මොන අම්ම තාත්තද බං?ඒත් මොකකට හරි මාරු කරද්දි ඒ කේස් එක නෑ.මං ඔහොම කිය කියා ඉන්නකොට පමෝද් කිවුවා උඹ මට බේස් එක දියන් මං මගේ ජාවා බට්න් ෆෝන් එක දෙන්නං කියලා.ඒක හොද ෆෝන් එකක්.කැමරා ඔක්කොම තියනවා.ඉතින් මාත් කැමති උනා.අරූ මුලින් හිතලා තිබුනෙ බොරුවට හා කිවුවා කියල.මොකද ඌ දන්නවා මම කොහොම කිවුවත් බේස් එක දෙන්න කැමැත්තෙන් නෙවේ හිටියෙ කියලා.හැබැයි මම ඇත්තටම කිවුවා බේස් එක දෙනවා කියල.අරුත් කැමති උනා.ඌ ඒක ගත්තෙ උටත් ඒක ඊට පස්සෙ අඩුම 2000කට දෙන්න පුලුවන්.උට ඒ ෆෝන් එක වැඩක් නෑ ඌ ඒක පාවිච්චි කරන්නෙ නෑ ඉතින් උට ඒක දීල රු.2000ක් ගන්න එක ඇත්තටම ලාබයි.මං කිවුවා ගැනුම් කරුවෙකුත් හොයලා දෙන්නං කියලා.ඒ නිසා පමොද් කාරය විශ්වාස නිසා පොල්ල තියයි කියලා බයක් නැති නිසා උට මං බේස් එකේ මගෙ gmail එක kotiya.world@gmail.com එකයි ඒකෙ පාස්වර්ඩ් එකයි ලියලා දුන්නා සදුදට ෆෝන් එකයි චාර්ජර් එකයි හෑන්ඩ්ස්ෆ්‍රී එකයි ගෙන්න කියලා.මුලින්ම කිවුවා පමෝද් ඒක විකුණන්න ගත්තෙ.ඉතින් මූ මොකක්ද කලේ හිමත් කාරයට කිවුවා මේ බේස් එකයි තව රු.2000කුයි උට දෙනවා ස්මාට් වොච් එක දියන් කියල.හිමත් කොහොමත් බේස් එකට පිස්සු වැටිල හිටියා වගේම ඒක මිලදී ගන්න හිටියෙ.ඌ කෙලින්ම වැඩේට කැමති උනා.පමෝද් කාරයා මම ඊමේල් පාස්වර්ඩ් ලියල දීපු කොලේ හිමත්ට දුන්නා ඊළග දවසෙ ඉතුරු රු.2000ත් දෙන්නං කියල.හිමතත් ඒ ගමන්ම පමෝද්ට වොච් එක දුන්නා ඊළග දවසෙ ඒකෙ මෙමරි කාඩ් එකයි ඒ ටික දෙන්නං කියල...ඉතින් මම හිමත්ගෙන් දවසක් කල් ගත්තා මම මගේ ඊමේල් එක ඇඩ් කරපු මගේ ටෙච් බ්ලොග් එකයි මේ බ්ලොග් එකයි වෙන ඊමේල් එකකට මාරු කරගන්න.

ඉතින් ඔය විදිහට ගනුදෙනුව සිදුවුනා...ගනුදෙනුවේ පාර්ශ්ව තුනටම කිසිම පාඩුවක් නැතිව ගනුදෙනුව උනා...ඇත්තටම මේක වෙච්ච වේගෙට මට මොකුත් හිතාගන්න බැරි උනා.මම ආදරයෙන් රන් කරපු මගේ බේස් එක මට නැති උනා.මට අලුත් ෆෝන් එකක් ලැබුනා.පමෝද් කාරයට ඌ ආසාවෙන් ගන්න හිටපු ස්මාට් වොච් එක ලැබුනා.හිමත්ට ඌ ආසාවෙන් පැනි හල හල හිටපු ටවුන්හෝල් 8 බේස් එකකුයි රු.2000කුයි ලැබුනා.

ඒ වගේම මගේ ඉන්ටනෙට් එකේ මම බය නැතුව ලොග් වෙලා සෙල්ලං කරපු මගේ kotiya.world@gmail.com ඊමේල් එක මට නැති උනා.ඉතින් ඒ අඩුව පුරවන්න අලුතෙන් එන මගේ නව ඊමේල් එක kotimalli12@gmail.com ඉතින් මාව සම්බන්ධ කරගන්න දැන් ඔයාලා ඊමේල් එවන්න ඕනි මගේ kotimalli12@gmail.com ඊමේල් එකට...

ඉතින් මම මගේ ලිපියෙන් සමු ගන්නවා...ඒ වගේම ඉදිරියටත් මොන ක්‍රමයෙන් හරි මම ඉන්ටනෙට් එකේ ඔයාලා වෙනුවෙන් ඉන්නවා...ඔයාලාගෙ පරිගණක ගැටලු විසද ගන්න එහෙම තියනවා නං මට කියන්න...මම දන්න දෙයක් තියේ නං අනිවා ඒකට ඔයාලට කියලා දෙනවා...

එහෙනං අදට මම සමු ගන්නවා...ඉදිරියටත් මගේ බ්ලොග් මගින් හැමදාම මාත් එක්ක එකතු වෙලා හැමදාම ඉන්න...එහෙනං ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

                                                                                                                   මම,
                                                                                                                   කොටි මල්ලියා...
2016.02.11 UPDATE

කොටි මලයාගේ බ්ලොග් පිටුවේ ඔහු ලියා ඇති ලිපි වලින් අපට දැන් තිබෙන තත්ත්වය ඔබට පැවසීමට මෙම ලිපි වල පොඩි අප්ඩේට් දැමීමට ඔහු විසින්  13ශ්‍රී 6127ට භාර දී ඇත...එබැවින් Popular Post තීරුවේ උඩම තිබූ මෙම ලිපියේ දැන් තත්ත්වය ගැන අප්ඩේට් එකක් දැමීමට මට සිතුනි.
මෙම ලිපිය මෙන්ම මෙම සිදුවීමද වී මාස 9ක් පමණ වී ඇත...කාලය මෙතරම් වේගෙන් ගොස් ඇත්තේ කෙසේද යන්න මටවත් කොටි මල්ලියාටත් සිතාගත නොහැක.ඒ කෙසේ වෙතත් කාලය ගොස් ඇත.
දැන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වලට ඇබ්බැහි වන පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතී.වලපල්ලට යන ළමුන් පිරිස ඉතා වැඩි වී ඇත.කරන්නට දෙයක් නැත.ඒ කෙසේ වෙතද දැන් කොටි මලයා සත්‍ය තේරුම් ගෙන සිටී.ඔහු දැන් මලාට ඕක ගහන්නේ නැත.ඔහුගෙන් බේස් එක මිලදී ගත් හිමත් දැන් පිස්සෙක් පිස්සෙක් පිස්සෙක් සේ ඔහුගේ බේස් එක ඇතුලුව බේස් 5ක් රන් කරයි.එමෙන්ම මලයාගේ බේස් එක දැන් ටවුන්හෝල් 9 බවද අපට දැනගන්නට ලැබී ඇත.මලයා ආදරයෙන් රන් කළ සිංහලයෝ ක්ලෑන් එක මලයා විනාශ වී ඇතැයි සිදුවද එහි පරණ සාමාජිකයින් විසින් එය තිබුනාටත් වඩා හොදට රන් කර ඇත.මම මේ විස්තරය ඉදිරිපත් කලේ කාලයක් අපේ එකාද ඉතාමත් ආදරයෙන් වැරැද්දක් වුවද කළ බැවිනි.එමෙන්ම පමෝද්කාරයාද ඉදහිට උගේ බේස් එක මිලදී ගත් එකා ගෙන් ඉල්ලගෙන නිවාඩු කාල වල යයි.එසේම මලයා මිලදී ගත් අර ෆෝන් එක දැන් භාවිතයක් නැතුව ලාච්චුවක තිබෙනු මට සිහි කල හැකිය.අර ස්මාට් වොච් එක නං පමෝද් කාරයා තවම පාවිච්චි කරයි.

ඉදින්...විස්තර මෙසේය...වත්මන් තත්ත්වය දැන් ඔබ දන්නවා ඇතැයි සිතමි...මෙතතින් අප්ඩේට් එක නිම කරමි...

                                                                                                                                  මීට,
                                                                                                                                  13ශ්‍රී 6127

Comments

  1. යකෝ ක්ලාස් ඔ්‍ෆ් ක්ලෑන්ස් නවත්තලත් අවුරුදු 2කට වඩා ගිහින්...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...