හලෝ ඉතින් කොහොමද?...ජීවිතේ මල්ද?.....මම හිතන්නෙ මේක වෙන්නැති මම 2015 දෙසැම්බර් නිවාඩු කාලෙ ලියපු පළවෙනි බ්ලොග් පෝස්ට් එක....නිවාඩුවත් තිබුනට තිබුනා කියල දැනුනෙවත් නෑ....ඒ තරම්ම කම්මැලිකමෙන් පිරුණු නිවාඩුවක්....
ටෙච් බ්ලොග් එකට ලියන්න අලුත් දේවල් ටිකක් හොයන්න ඕනි උනාට මේකට ලියන්න නං ඕනි තරං ලිපි තියනවා....පහුගිය විබාග කාලෙ ගැන මම ලියන්න හිටපු පෝස්ට් ගාණ 20කට වැඩි ඇති....ඒත් වෙලාව තිබුනත් කම්මැලිකම නිසා ලියන්න බැරි උනා...මම ඒ කාලෙ ගැන පෝස්ට් පස්සෙ ලියන්නං.....මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙත් නිකන් ඉන්න වෙලාවෙ වෙන කරන්න දෙයක් නොතිබුනු නිසා...
දිනය-2015.12.18
ඔන්න බොලේ හා හා පුරා කියල මම උදේ 6.30 ඇහැරුනා...නිවාඩු කාලෙ අනිත් ලමයි 9 විතර වෙනකන් නිදා ගත්තට මම එහෙම නෑ...ඒකට හේතුව මගේ කොම්පියුටර් පිස්සුව...කෙටියෙන් කියතොත් උදේ 9 වෙනකන් තමයි මගේ හච් ඩේටා පැකේජ් එකේ නයිට් ටයිම් එක තියෙන්නෙ.ඒකෙ ඩේ ටයිම් ගිගාබයිට් 3කුත් නයිට් ටයිම් ගිගාබයිට් 9කුත් ලැබෙනවා....ඉතින් මම කරන්නෙ ඩේ ටයිම් ගිගාබයිට් 3 දවල් සර්ච් කරන්න තියාගෙන උදේ 9 වෙනකන් නයිට් ටයිම් එකෙන් ඩවුන්ලෝඩ් කරන එක....
ටික කාලෙක ඉදලා මට වින්ඩෝස් 10 දාගන්න ඕනි වෙලා හිටියා....ඉතින් මම ටොර්න්ට් එකෙන් උදේ 9 වෙනකන් වින්ඩෝස් 10 දවස් 3ක් විතර ඩවුන්ලෝඩ් කලා....ඊට පස්සෙ අද උදේ තමයි ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනේ...උදේ 8.30ට විතර....
ඊට පස්සෙ මට හිතුනා ඒ වෙලාවෙම ඒක ඉන්ස්ටෝල් කරන්න...ඒත් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන එක මහවදයක්...ඩෙස්ක්ටොප් එකේ එහෙම තියන අත්‍යවශ්‍ය ෆයිල් බැකප් කරන්න ඕනි එපා වෙනවා....ඊට පස්සෙ මම හිතුවා ඒක දවල්ට කල් දාන්න...ඔහොම ඉතින් දවල් නාල පැය ගාණක් බැකප් කරල වින්ඩෝස් සෙටප් එක ඉන්ස්ටෝල් වෙන්න දැම්මා....එතකොට දවල් 1ට විතර ඇති....
මෙන්න බොලේ ටිකක් වෙලා යනකොට සෙටප් එක 2%ක් විතර ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකොට(මේ සෙටප් පට්ට හිමින් ඉන්ස්ටෝල් වෙන්නෙ)අහස කලු කලා...දඩ බඩෝරියන්....මෙන්න බොලේ විනාඩි 2න් දාරානිපාත වරුසාව....
මං ගණන් ගත්තෙ නෑ....වැස්සත් ගෙරෙව්වෙ නැති නිසා....කරුමෙක මහත...සෙටප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ 30%යි...ගොරවන්න පටන් ගත්තා....
හයියෝ.....වැස්සට හැම තැනම සීතලයි ඒත් මගේ ඇගේ උතුරන්න දාඩිය....දැන් මොකැයි කරන්නෙ....ලැප් එක ඕෆ් කරන්නත් බැහැ....ඕෆ් කලොත් ඔක්කොම කෙලියා....බැටරියෙන් ඉන්ස්ටොල් කරන්නත් බෑ....ඒ මූසල බැටරිය පිච්චිලා මාස 2කට වැඩි....ඉතින් චාජරය ගහගෙනයි වැඩ කරන්නෙ....මට ටක් ගාල ඕක වහල ආයිත් අර මං ගාව තියන වින්ඩෝස් 8.1 ඩීවීඩී එකෙන් ලැප් එක බූට් කරගන්න පුලුවන්....කරුමෙක හැටි....ඒ සීඩී රොම් එක කැඩිලා මාසයකට කිට්ටුයි....බැටරිය යකාට ගියාවෙ කියල සීඩී රොම් එක වත් වැඩ නං....කතා කරල වැඩක් නෑ....අම්මට තාත්තට කිවුවට වැඩකුත් නෑ සල්ලි නෑ වෙලාව නෑ...
ඉතින්....මම කරපු වැඩේ ඉතිපිසෝ ගාථාව මතුර මතුර වෙව්ල වෙව්ල හිටියා....කොහොම හරි වාසනාවට සැරින් සැරේ තමයි ගෙරෙව්වෙ....කොහොම හරි 100%ක් ඉන්ස්ටෝල් උනා....
මම ජීවිතේට මෙහෙම බය වෙච්ච දවසක් නෑ....ලැප් එක ඕෆ් කරන්නත් බෑ....ඕෆ් නොකරත් බෑ...කොහෙන් හරි අකුණක් වැදුනත්....ඉවරම තමයිනෙ.....
මේක තමයි ඉතින් වෙච්ච සන්තෑසිය....
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
අන්න මචං දවස්.
ReplyDeleteInstall වෙද්දි ස්ක්‍රීන් එක නොබලා ඉන්න තරමට install speed එක වැඩියි.
සිරාවට ඈ... ඇගිල්ල තියලා බලන්නෙ ඩවුන්ලෝඩ් වෙද්දි පටිය වගේ එක පිරෙනවද නැද්ද කියලා
Delete