Skip to main content

ගිලිහී යන ඒ විදුහලේ මතකයන් ගිලිහී නොයන්නට....

හ්ම්.....

පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ඉගෙන ගන්නා මට සෙවන දෙන කොලඹ ආනන්ද විද්‍යාලයයි...අනෙක...මට පස් වසරක් පුරා සෙවන දී මා ආනන්ද විද්‍යාලයට එවීමට උපරිම ශක්තිය ධෛර්යය ලබා දී මග විවර කල ඒ විද්‍යාලය...හොරණ රාජකීය විද්‍යාලයයි...

පස්වසරකට පෙර මා හැර ගිය එම විදුහල ගැන ටයිප් කර ලියන්නට මගේ දෑතේ ඇගිලි යතුරුපුවරුව පුරා දිව යන්නේ ඇයි දැයි මාහට නොවැටහේ.එහෙත් කුමන හෝ හේතුවක් නිසා යතුරුපුවරුව මත දිව යන ඒ ඇගිලි වලකන්නට මා සිත නොදේ...

එම අතීතය තැනින් තැනින් විටෙක පැහැදිලි චිත්‍රපටියක් සේද විටෙක අපැහැදිලි ඡායාවක් ලෙසද මගේ සිහියට නැගේ.මගේ මිතුරුමිතුරියෝ,ගුරුවරගුරුවරියෝ,පන්තිකාමර,ගොඩනැගිලි,එහි තිබූ වාහන,ක්‍රීඩාපිට්ටනි,ශිෂ්‍යනායකයන්ගෙන් බේරී පැනීමට තිබූ හොර පාරවල් සියල්ලම විටෙක චිත්‍රපටියක් ලෙසද විටෙක ඡායාවක් ලෙසද මගේ සිහියට නගා ගත හැකිය...එහි ගොඩනැගිලිවල බිත්තිවල පාට වල ඉදන් දැන් වෙනස් වී ඇති අයුරු මගේ අම්මා විටින් විට විස්තර කරයි.එමෙන්ම එම පාරේ යන විට පාසලේ තාප්පයට උඩින් පෙනෙන ඒ ගොඩනැගිලි එම විස්තර සත්‍ය බව මට අවබෝධ කරවයි...තවමත් මගේ නංගී මගේ පරණ පාසලට යන නිසා ඇයට එහි වෙනසක් නොදැනෙනවා ඇතිය යන්න මගේ හැගීමයි.මන්දයත් ඇය එම පාසලට 1 ශ්‍රේණියේ සිසුවියක් ලෙස පියනැංගේ මා 7 ශ්‍රේණියේ සිසුවකු ලෙස ආනන්ද විද්‍යාලයේ 2වැනි අවුරුද්ද ගතකරන කාලයේය.

ශිෂ්‍යත්වයෙන් සමත්වී ආනන්ද විද්‍යාලයට යෑමට එම විදුහලින් අස්වීමේ ලිපිය ලබා ගැනීමට අම්මාත් සමග ඒ විදුහලට අවසන් වරට පැමිණි දිනය අපැහැදිලි ඡායාවක් ලෙස මගේ මතකයේ තැන්පත් වී ඇත.ඒ මා එම පාසලේ පය ගැසූ අවසන් අවස්ථාවම විය.එදායින් පසු තවමත් මට ඒ විදුහල් බිම ස්පර්ශ කිරීමට හැකියාවක් ලැබුනේ නැත...වසර 5ක් ගතවී ඇතත් එදායින් පසු මට ඒ විදුහල් බිම නැවතත් දැක ගැනීමට හැකි වූයේ නැත...

ඒ කාලයේ එම විදුහලේ පාසල් ගීතය පාඩම් නැති එකම එකා සමහරවිට හෝ බොහෝවිට මා වීමට ඉඩ ඇත...එයට හේතු වශයෙන් අද මට හේතු 3ක් මගේ මනසට නගා ගත හැකිය...
1.උදේ පාසල් ගීය ගයන විට එහි ලවුඩ්ස්පීකර් වල ඇති අවුල් නිසා ගීතය පැහැදිලිව නොඇසීම.
2.එම ගීතය පාසලේ කොතැනකවත් බෝඩ් එකක හෝ ලියා නොමැති වීම.
3.එය පාඩම් කරගැනීමට තියා එය එක පාරක් කියවීමටවත් මට උනන්දුවක් හෝ උවමනාවක් නොතිබීම.

දැනට වසර 2කට පමණ පෙර මා 8 ශ්‍රේණියේ පමණ සිටියදී මම එම පාසලට යාබදව ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනක දෙමළ පන්ති ගියෙමි.එම ආයතනයේ ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ පන්තිය පිහිටියෙන් එම පන්තියේ කවුලුවේ සිට බැලූ විට පාසලේ ප්‍රධාන ක්‍රීඩා පිටිය,බුදු මැදුර,හා මා එහි සිටි 5වසරටම සෙවන ලබා දුන් එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉදිරිපස ගොඩනැගිලි දර්ශනය කල හැකිය.විටෙක මම ඒවා දෙස බලා අතීතය සිහිකරවීමට උත්සාහ ගත්තත් ඒ මොහොතකට පමණි.අද තරම් අතීතය සිහිකොට එක්කෝ සන්තෝෂ වීම,එක්කෝ දුක්වීම,එක්කෝ සතුටු හෝ දුක් නොවීම ඒ සැමදේම සිතන්නට තරම් සිතක් මට තිබුනේ නැත...නමුත් අද මෙම බ්ලොග් අඩවිය හරහා මට ඒ අතීතය කිසිදා මතකයෙන් ගිලිහී නොයන ලෙස සුරක්ෂිතව තබා ගත හැකිය...

මගේ මිතුරු මිතුරියන් ගැන මට මතක ගොන්නක් ඇතත් මේ ඔවුන් ගැන අකුරෙන් අකුර පිටුගනන් ලියවෙන කතා ලියන්නට අවස්ථාව නොවේ...මිශ්‍රපාසලක් වූ එහි අද මෙන් නොව ගැහැනු පිරිමි දෙපක්ෂයම ඉගෙනුම ලබන පාසලක් විය.අදටත් මගේ අතිජාත මිත්‍රයන් එසේ නැති නම් මගේ හොදම යාලු මාලුවන් දෙදෙනා වන පමෝද් ෂෙහාන් සහ විශ්ව දිවන්ත එදා හොරණ රාජකීය විදුහලෙන් සිප්සතර හදාරා ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ආනන්ද විද්‍යාලයට සහ හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ගොස් එහි සිප් සතර හදාරන්නෝ වෙති.එහෙත් පාසල් වලට සීමා නොවී ඒ මිතුදම තාමත් නොඅඩුව තිබීම මගේ සැනසීමට හේතුවකි.අපගේ පරණ පාසල ගැන ඔවුන් සමග සාකච්ඡා කර ඒ අතීතයන් නැවත සිහිපත් කරන්නට මට විටින් විට සිතුනත් මා එසේ නොකලේ අතීතය යලි මෙනෙහි කිරීම ඔවුන්ගෙන් මා දැක නොතිබූ හෙයිනි.
පමෝද් ෂෙහාන් සමග වැඩි ඇසුරක් මා හට එම විදුහලේ සිටියදී නොලැබුනේ 1 හා 2 ශ්‍රේණිවල එක පන්තිවල සිටියාට 3,4,5 යන ශ්‍රේණිවල මා ඔහුගේ පන්තිවලට ඇතුලත් නොවූ බැවිනි.එහෙත් එකල 1 හා 2 ශ්‍රේණිවලදීද ඔහුගේ ක්‍රියාකාරකම් මට තාමත් චිත්‍රපටියක් සේ මතකය.පන්තියේ මැරයන්ගේ පොරක් වූ ඔහු එකල මැරයෙක් වුවත් ඉගෙනීමට දක්ෂ පොරකි.පන්තියේ සාමාන්‍ය දඩිබිඩිස් වැඩ වලදී ඔහු ඒවාට බොහෝ විට සම්බන්ධ වූ අතර ඒවායේදී ඔහුට උපකාරී වූයේ හෂාන් ඇතුලු ඔහුගේ ගැන්සියයි.කොට ඩයල් එකක් වූ හෂාන් එකල පමෝද්ගේ දකුණු අත වූ අතර අනෙක් පන්ති හා වලි,සටන් දාගෙන වලි වලට නොබියව පෙරට ගියේ හෂාන් ඇතුලු පමෝද්ගේ ගැන්සියයි.කෙසේ වෙතත් හෂාන් ගැන මතකයක්වත් දැන් ඔහුට ඇත්දැයි මම නොදනිමි.එමෙන්ම පන්තියේ වේගය අතින්ම ඉහලින්ම සිටියේද පමෝද් ෂෙහාන්ය.ස්පෝර්ට්මීට් කාලයට ප්‍රාථමික අංශයේ මීටර් 50 දිවීමේ ශූරයා වූයේද පමෝද් ෂෙහාන්ය.එකල අපගේ පන්තිය වූ 1 අරලිය පන්තියේ පන්තිභාර ගුරුතුමිය වූ අභාවප්‍රාත කල්‍යාණි ඇඹුල්දෙණිය ගුරුමෑණියන් ඔහු දිවීමේ තරග වලට පුහුණු කරන ආකාරය අදටත් මගේ මතකයේ හොදින් තැන්පත් වී ඇත...කෙසේ වෙතත් ඔහුත් සමග ඇරගත් අවස්ථාවක්ද මගේ මතකයේ අපැහැදිලි ඡායාවක් ලෙස ඇදී ඇත...මා හා විශ්ව දිවන්ත සමග ඇතිකරගත් වලියක් හෝ ඒ වගේ මොකක් හරි එකක ප්‍රතිඵලයක් හා ඔහු ඒවා ගෙදරට පැමිණි කරද කොහේද ඔහුගේ පියා පැමිණ මාගෙන් ප්‍රශ්න කල ආකාරයක් මගේ මතකයේ අපැහැදිලිව රැදී ඇත.
විශ්ව දිවන්ත මාගේ මිතුරෙකු වූයේ කෙසේ දැයි මම නොදනිමි.නමුත් මා ඔහු හදුනා ගත්තේ ඔහුගේ කෛරාටික වැඩකට ගුරුතුමිය ඔහුට පහර දෙන වගේ අවස්ථාවක යැයි අපැහැදිලි මතකයක් ඇත.කෙසේ වෙතත් ඉන්පසු ඔහුගේ දකුණු අත වූයේ මාය...පමෝද් ඇතුලු පිරිස මෙන් මැරයන් නොවූ අප දෙදෙනා වලියකට සෙට් උනා නං ඒ කලාතුරකිනි.ඒත් කටින් පමණි.ඒ නමුත් පමෝද් ෂෙහාන්ලට වඩා බිහිසුනු අපරාද වලට අප දෙදෙනා සෙට් උනු බව නං පැවසිය යුතුමය.හොල්මන් බැලීමට යාම,වතුර බෝතල් වලට වස දැමීම ආදී බිහිසුනු ක්‍රියා අප දෙදෙනා සිදු කල අතර ඒවාට සුපිරි ෂොට්ද අප දෙදෙනාට ගුරුවරුන්ගෙන් ලැබිණ.
විශ්වයා මා කෙරෙන් යම් පමණකට ඈත් වුනා නම් ඒ 3 වසරේදී පමණි.පෙර පන්තිවල මිතුරන් නැති වුනත් මා සතුටින් පන්තිභාර ගුරුතුමිය වූ අශෝකා ගුරුමෑණියන් යටතේ අධ්‍යාපනය ලැබූ වකවානුවයි ඒ.එම පන්තිය ගැන මට මතකයක් ඇත්තේ පොත් කියවීමට මා තදින්ම ඇබ්බැහි වූ කාලය ලෙසයි.එම නිසා හොද රචනා ලියනවා කියා ගුරුතුමියගෙන් නිතර ප්‍රශංසා ලැබූ බවත් මගේ මතකයේ ඇත.එයින් එපිටට ගියා නං ඒ පන්තියේ එහා පැත්තේ වූ මිදුල අතුගෑම පමණකි.එම මිදුල අතුගෑම අපේ පන්තියේ ළමුන්ට භාරව තිබූ රාජකාරියක් වුවත් එය සිදු කලා නං ඒ මා පමණි.මා එය පටන් ගත්තේත් ජොලියට උනත් පසු කාලීනව එයට මා ඇබ්බැහි වූ බවක් මට සිහිකල හැකිය.
මා 4 ශ්‍රේණියට පැමිණෙන්නේ 4 (පන්තියේ නම නං මට මතක නැත.)කීර්තිරත්න ගුරුතුමාගේ පන්තියේ සිසුවකු ලෙසය.මට නැවතත් විශ්ව දිවන්ත සෙට් වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.1හා 2 ශ්‍රේණිවලට වඩා බැදීමක් ඇති වන්නේ එම පන්තියේදීය.කීර්තිරත්න ගුරුතුමාගේ සැරපරුෂ භාවය,ළමුන් ඔහු ගැසීමට පෙරම හඩන ආකාරය,විශ්වයා ගුටි කන විට ඔහු කෑගැසූ ආකාරය ඒ හඩ එහෙන් පිටින්ම පන්තියේ කෙලවරකට වී භයින් තැතිගෙන ඉතිපිසෝ ගාථාව මතුරමින් සිටි මා හට තාමත් මතකය...කීර්ති සර් ගෙන් ගුටිකෑ අවස්ථාද මට හොදින් චිත්‍රපටියක් සේ මතකය.එහි පන්ති නායකයා ලෙස කටයුතු කල ආකාරයත් ලාවට මතකය.
අවසානයේ 5වසරටත් අපේ පන්තිය එහෙම් පිටින්ම ළමයින් මාරු නොවී ගිය අතර වෙනස් වූයේ පන්තිභාර ගුරුතුමිය පමණි.5 ශ්‍රේණියේ අපට ශිල්ප ලබා දුන්නේ දැන් විශ්‍රාමලත් ගුණතිලක ගුරු මෑණියන් විසිනි.කිසි දිනෙක අපට තරවටු නොකල එතුමිය දවසක් මා හා විශ්වයා කල කුප්ප වැඩක් මාට්ටු වී "මුංට උගන්වන්න මං එන්නෑ"කියා පන්තියෙන් පිටව ගිය අතර වටේ සිටි ඉගෙන ගන්න හරිම ආසා කෙල්ලෙක් අපිට ඉගෙන ගන්න වෙන්නෑ කියා කදුලු වක්කරමින් හඩන්නට වූ අතර එයට උල්පන්දම් දුන් අනෙක් කෙල්ලෝ සෙට් එකද අප දෙදෙනාට බැනීමට පටන් ගත් නමුත් කොල්ලන්ගෙන් එකෙක්වත් අපිට බැන්නේ නැතිව අපිට සප් එක දීගෙන සිටි බැවින් එයින් ධෛර්යමත් වූ අප දෙදෙනා කෙල්ලන්ගේ අවලාද ගණන් නොගෙන සිටියෙමු.කෙසේ වෙතත් පැය බාගයක් යෑමටද මත්තෙන් නැවත පන්තියට ආ ගුරුතුමිය පෙර පරිදි ඉගැන්වීමේ කටයුතු කරගෙන ගියාය.
මගේ රාජකීය විදුහලේ ගෙවුනු වසරෙ 5දීම මට අමතක නොවෙන වසර 5 ශ්‍රේණියේ සිටි කාලයයි.ඒ 2012 වර්ෂයයි.මගේ ඒ පන්තියේ මිතුරන්ගෙන් මට අද බොහෝ දෙනෙකුගේ නම් මතක් කල හැකි නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු මට මේ දක්වා මුණ ගැසී නැත.නවිදු රසාංජන,එෂාර උද්දීපන,ඉසුරු පසන්,මෙනුර,ඉෂාර,තුරුණු,කවිදු,කමිදු,කලන,අකිල ඔය සෙට් එකේම නම් මට මතකය.නවිදු,ඉසුරු නං දෙපාරක් විතර දැක අත වනාගෙන ගිය අතර අනෙක් අයට නම් මගේ ඡායාවක් වත් මතකදැයි මම නොදනිමි.සමහර විට ඔවුන්ගෙන් කෙනෙකු මේ බ්ලොග් අඩවිය කියවනවා නං ඒ කාලයේ මැක්කුයීන් පිස්සා,කාර් පිස්සා,හැමවෙලේම ඩ්‍රෝවින් පොතක් අරගෙන කාර් අදින කාර් පිස්සා ගැන යන්තම් හරි මතක් වෙන්නට පුලුවන.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි දින සිට ඒ පාසලේ සිදුවූ සෑම දිනයක්ම මගේ මනසේ HD චිත්‍රපටයක් සේ වෙනසක් නැතුව මතකයේ තිබුනත් ඒ සියල්ල ලියන්නට මට මේ මොහොතේ වෙලාවක් නැත.නුදුරු අනාගතයේ එම කතාවත් මගේ දෑතේ ඇගිලි වලින් මෙම බ්ලොග් අඩවියේ ටයිප් වී පබ්ලිෂ් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ඉතින්...එක්වරම වුවත් කාල වේලාව අවසන් නිසා මෙම ලිපියට තිත තියන්නට වෙලාවයි මේ...එබැවින්...සම්පූර්ණයෙන් පාඩම් නැති පාසල් ගීයේ පාඩම් ඇති එකම පද පේළියෙන් මෙම ලිපිය අවසන් කරමි...සමහර විට මෙම කොටසත් වැරදි විය හැකියි...එය නිවැරදි කිරීම ඔබට භාර කරමි...

රාජකීය විදුහල් මවුනී...සැරදේවා පතමූ බැතිනී...සැරදේවා පතමූ...!!!

කොටි මල්ලියා,
2017.03.31




2019.02.05 UPDATE
මෙහි නම් සදහන් කර ඇති මගේ පැරණි මිතුරන් බොහෝ දෙනෙක් 2018 වසරේ මා සාමාන්‍ය පෙළ අමතර පන්ති යන විටදී නැවත මට හමුවිය.සමීප ඇසුරක් පවත්වන්නට නම් නොහැකි වූ අතර යම් තරමට එසේ ඇසුරක් පැවැත්වූයේ ඉසුරු පසන් සමග පමණි.අනෙකුත් අය නම් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ වලදී,මගතොටේදී,බස් එකේදී මුණගැසී වචන කිහිපයක් කතා කළා පමණි.නමුත් ඔවුන්ට මා මතක තිබීමත් ඇත්තටම මා හට විශාල සතුටකි.

Comments

  1. // එදායින් පසු තවමත් මට ඒ විදුහල් බිම ස්පර්ශ කිරීමට හැකියාවක් ලැබුනේ නැත...වසර 5ක් ගතවී ඇතත් එදායින් පසු මට ඒ විදුහල් බිම නැවතත් දැක ගැනීමට හැකි වූයේ නැත... //

    අන්න ඒක නම් සැලකිය යුතු කාරණයක්......

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මචන්...සැලකිය යුතුම කාරණයක්...

      Delete
    2. උබ අපේ ඉස්කෝලෙ පොරක් වුනා නම්... මම ඒකමතිකව අනුමත කරනවා එස්ලෝන් බට පහරක්... නැතුව මුන් හදන්න බෑ..... උබගෙ සෙට් එකේ උනුත් ඔය වගේ නම් ඉස්කෝලෙ පැත්තෙ යන්න එපා බං ආයෙත්...... උබට එන්න වෙන්නෙ හ(ර්)ස් එකේ.....

      - ජය බෝලී නාත් -

      Delete
    3. එහෙම උන් නං ඒ ඉස්කෝලෙ නෑ බං...හම්බ උනොත් හොද පාටියක් දෙන්නව උන්ට ඔක්කොටම ඉස්සෙල්ලා...

      Delete
  2. ශිෂ්‍යත්වයෙන් කොලොම්පුරේ ඉස්කෝලෙකට යන්න ලකුණු තිබ්බත් මම ගියේ නෑ.... දකුණු පලාතේ අග්‍රගන්‍යම් බෞද්ධ පාඨශාලව දමා මා වෙන කොහි යන්නද? මක්නිසාද යත් මගේ පාසල සෑම අතින්ම ඔය කොලොම්පුරේට වඩා ඉහලින් සිටී......... උදාහරණයක් පැවසුවොත්.... එය පිහිටා ඇත්තේ කන්දක් උඩය....... ඉතින් යකෝ උඩින් තියෙන්නෙ. http://mahindacollege.lk/ Vs. http://anandacollege.lk/

    අයියේ වෙබ් ඩිසයින් එක ඉක්මනට කරන්න කියපං බං

    ReplyDelete
    Replies
    1. වෙබ් එකේ මොකක් හරි අවුලක් තියේ...ඒවා ඉතින් අපිට හොම්බ දාන්න පුලුවන් කාරණාත් නෙවෙයි...කරන්න දෙයක් නෑ ඒ නිසා...

      ඔයාලගෙ වෙබ් එකත් ගොඩාක් ලස්සනයි...

      Delete
    2. අහ්...කමෙන්ට් කලාටත් ගොඩාක් ස්තූතියි මකරෝ...

      Delete
    3. එකෙන්ම...... කොමෙන්ට් කියන්නෙ බ්ලොග් එකක හුස්ම..... කොටි අයියා මගේ බ්ලොග් එකේ කොමෙන්ට් කරනවා.... මමත් ලෙසටම අයියට සලකනවා එල....

      Delete
    4. ආ අමතක වුනා...

      - ජය බෝලී නාත් ජය මහ කාලී ජිනේ දිනේ -

      Delete
    5. ජිනේ දිනේ කියන්නෙ මොකක්ද බං?...අඩේ උඹේ හින්දි වචන සෙට් එක නං මට තේරෙන්නෙම නෑ අෆ්ෆා...

      Delete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...