Skip to main content

දහසක් hybrid පරදා මා සිත් ගත් මෝටර් රථය...

2016.09.23

   එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි...රැස්වීමේ වැඩ කටයුතු වලින් අනතුරුව ළමයින් පන්තිවලට විසුරුවීමට මොහොතකට පෙර ළමයි පෝලිමේ ඉන්දවනු ලබයි...මමද එසේ හිදගෙන සිටින අතර තුර මගේ නෙත අහම්බෙන් දිව ගියේ විද්‍යාලයේ රථගාල දෙසටයි...

        ගුරුවරුන්ගේ වාහන විශාල සංඛ්‍යාවක් එහි නවතා තිබුනි.එයින් 90%ක්ම පාහේ නවතම hybrid මෝටර් රථය..ඒ අතර ඇල්ටෝ වැනි වාහනද බහුල විය...ඒවා සියල්ලම පාහේ නවීන පහසුකම් වලින් යුතු සුපිරි සුඛෝපබෝගී වාහනය...සාමාන්‍යෙයන් මගේ නෙත මෙම රථ ගාල වෙත නොයන්නේ එම නවීන රථවාහන වල වෙනසක් මට නොදැනෙන බැවිනි...නමුත් මෙදින රථගාල දෙස මට බැලුනේ ඇයි?

      නවීන toyota aqua හා prius රථයක් මැදින් නවතා තිබුනේ volkswagen beetle වර්ගයේ පැරණි කාරයකි...එය 8 ශ්‍රී අංක තහඩු සහිත කාරයක් විය...තද නිල්පාට පේන්ට් කර තිබූ එය ඉතා චාම් මෝටර් රථයක් විය...පැරණි මෝටර් රථවලට අසීමිත ආදරයක් දක්වන මට මෙය ඉතා කන්කලු දර්ශනයක් විය...එම මෝටර් රථය මා දෙස බලා සිනා සෙන්නාක් මෙන් මට දැනින...

මා නැවත පන්තියට යද්දී මා අසලින් ගිය මගේ මිතුරා අර බලහං බං කොහොමද ඇක්ව එක?...2016 එකක් බං...පට්ට කියනු මට ඇසින...නමුත් මට ඒ ඇක්වා එක අදාලම නැත...දහසක් Hybrid රථ අතරින් මා සිත සොරාගෙන තිබුනේ ඒ ඉබ්බා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ඒ 8 ශ්‍රී ෆොක්ස්වැගන් බීට්ල් රථය පමණි...

පෙරදින රැස්වීමට ගොස් රථගාල දෙස එක ඇහැකින් නොබලන මා අද යන්නේ රථගාල බැලීමටමය...වෙනකක් නිසා නොව ඒ බීට්ල් රථය දැක ගැනීමටය...

------------------------------------------------------------------------------------------------------------
මේක කොටි මලයාගේ ජීවිතයේ ඇත්තම කතාවක්...

කොටි මලයා කියන්නෙ පරණ වාහන ලෝලියෙක්... ලෝලියෙක් කිවුවට ඒවට ආදරය කරනවා කිවුවොත් ඇත්තෙන්ම නිවැරදියි ...ඒ නිසා මට ඔය පොෂ් හයිබ්‍රිඩ් අදාලම නෑ...දවසක් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියා ගන්න එකා මට හෙන ටෝක් එකක් දැම්මා පරණ වාහන වැඩක් නෑ ඒ වල තියන ඔප්ෂන් මොනවාද කියල හෙන බයිලයක් ගහල...තව හයිබ්‍රිඩ් ගැන හෙන පම්පෝරියකුත් ගූ පඩේ වගේ ඇරියා...ඌ හෙන හයිබ්‍රිඩ්වාදියා...යාලුකමට එදා නොදුන්න රිප්ලයි එක මම ඉක්මනට මේකෙන් අරිනවා...ඔන්න බලාගෙන ඉන්නකෝ....

එහෙනං අපි ගියා...හැමෝටම ජයෙන් ජයම වේවා...!!!

2016.09.23

ප.ලි - 2016.10.12
අර බීට්ල් කාර් එක මට එදා විතරයි දකින්න ලැබුනේ...මගේ යාලුවා කිවුවා පස්සෙ දවසෙ ඒක ඉස්සරහ තියන කාර් පාක් එකේ නැවැත්තුවා කියල...කොහොමහරි මම දැක්කෙ එදා විතරයි...ඒක හරිම දුක හිතෙන කරුණක්...

Comments

  1. ඔයාගේ ඉස්කෝලේ මොකක්ද ? ඔච්චර හයිබ්‍ර්ඩ් කාර් තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. කොළඹ ප්‍රසිද්ධ පාසලක්...නම කියන්න ඕනිද?...මෙතන නම කමෙන්ට් කරන එක හරි නැහැයි කියල හිතුනා...ඔයාට ඕනිම නං කියන්නං...කමෙන්ට් කරන්නකෝ...

      Delete
  2. ඔයා කී වසරේද ඉන්නෙ? ඔය ඔයාගේ ඇත්ත කතාද?

    ReplyDelete
    Replies
    1. දැනට 10 ශ්‍රේණියේ...

      Delete
    2. මේ බ්ලොග් එකේ ලියන හැමදේම සියල්ලම ඇත්තම ඇත්ත කතා.
      මං දන්නවා ඔයා හිතනව ඇති බොරු කියලත්.ඒත් ඇත්ත.මං හිතන්නෙ ටිකක් මගෙ වයසෙ වෙන අය හිතන විදිහට නෙවේ නං තමා.
      මං ටිකක් අමුතු පොරක්නේ...

      Delete
  3. හරි කමක් නැහැ.ඔයා කැමති නැත්නම් කියන්න එපා.මේ සයිට් එක දිගටම ලියන් යන්න.මම ඔයාට සුබ පතනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...