Skip to main content

පරණ කාර්වලින් එන සතුට හයිබ්‍රිට් කාර් එකේ නැත...

හලෝ මිත්‍රවරුනි,
          ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍රහස්පතින්දා...
-----------------------------------------------------------------------------------------------------------
ඔක්කොටම කලින් කියන්ඩ ඕනෙ අද අපේ නංගිගෙ උපන්දිනේ...ඒ නිසා මුලින්ම එයාට සුබ පතලා ලිපිය පටන් ගන්නවා...
-----------------------------------------------------------------------------------------------------------

කොටි මලයාට ක්ලැසික් කාර් පිස්සුව නම් රෝගය වැලදුනාට පස්සෙ තමයි කොටි මලයාට ජීවිතේ රසවිදින්න අවස්ථාව ලැබෙන්නේ....ඉතින් මලයා දැන් වෙනදට වඩා වාහන ගැන පෝස්ට් දාන්න තමා හදන්නේ...

මේ ලිපියට පාදක උනේ දැඩි හයිබ්‍රිඩ්වාදියෙකු වන යාලුවෙක් කියන්නත් බැරි සතුරෙක් කියන්නත් බැරි දෙකටම නැති එකෙක් එක්ක මලයා දාපු සාකච්ඡාවක්...ඌ මලයට හෙන ටෝකක් දාලා අලුත් කාර් සහ පරණ කාර් ගැන වෙනස ගැන....ඉතින් යාලුවා ගැන හිතලා මලයා ඒ ගැන මලයාගේ හැගීම ඒ වෙලාවෙ පිට නොකර බ්ලොග් එක පැත්තට ඇවිත් හැමෝටම කියන්න හිතාගත්තා...

බ්ලොග් එක කියවන ඔයාලා දන්නවා මලයලාට තියෙන්නේ 1983 හදපු 13ශ්‍රී ලාන්සර් වැගන් එකක් කියලා...ඉතින් මලයා ඒකට දක්වන ආදරය ගැන හැමෝම දන්නවනේ...
පරණ කාර්වල තියන සතුට ඔය අලුත් කාර් වල නෑ කියලා මලයට තේරුනේ මලයට විදින්න ලැබුනු මේ අත්දැකීම නිසා...

    දවසක් මලයා සහ පවුලේ උදවියට පොඩි ට්‍රිප් එකකට ආරාධනාවක් ආවා නෑයෙකුගෙන්...බ්ලා බ්ලා....ට්‍රිප් එකේ විස්තර නොකියා මලයාට හිතිච්ච දේවල් කියන්න මලයා තීරණයා කළා..ඒ නිසා ට්‍රිප් එක ගැන කතා කරන්නෑ හොදේ...
 ඉතින් දැන් ට්‍රිප් එක ගියේ අලුත් වාහනයකින්...ඒක මලයාගේ ලාන්සර් එකට වඩා අවුරුදු 25ක් විතර අලුත් කියන්න පුලුවන්...ඉතින් මලයා ඇතුලු පිරිස වාහනේ හයිවේ එකට දාලා පිටත් උනා...මලයා හයිවේ යන්න හුගක් කැමති නිසා මලයා හුගක් සතුටෙන් තමා හිටියේ...මලයා හිටියේ පිටිපස්ස සීට් එකේ...පිටිපස්ස සීට් එක දෙපැත්තේ ෂටර්ස් ටින්ට් කරලා නිසා හෙන අදුරු විදිහට තමා එලිය පේන්නෙ...ඒක මලයා මහ මූසල කරුණක් හැටියට දකිනවා...ඒ මදිවට අත පය ගල් වෙන්න ඒසී එක...හරිම ඒකාකාරීයි...වෙනදට මලයාගෙ ලාන්සර් එකේ ෂටර්ස් ඇරගෙන හුලං වැදීගෙන වටපිට බල බල යනකොට දැනෙන සතුට මේ අලුත් වාහනේ නැහැ...ඒ මදිවට එංජිමෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ...නිකන් හෝ හෝ ගානවා වගේ මහ ගූ සද්දයක් ඒකෙන් ඇහුනේ...වෙනදට මලයාගේ ලාන්සර් එක පිකප් වෙනකොට මාර ගැම්මක් මලයගෙ හිතට දැනෙනවා..ඒ සතුට මෙදා මලයට දැනුනෙ නෑ...ලාන්සර් එ‍කේ යනකොට මිට්සුබිෂි ඔරියන්ට් එන්ජිමෙන් ඇහෙන තියුණු ගැඹුරු සෞම්‍ය හඩ කොච්චර ලස්සනද කියලා මලයට හිතුනා...ටිකක් දුර යද්දි මලයා බැලුවා මොකද යකෝ මේ කොට කොට යන්නෙ මේ හයිවේ නේද කියලා..එහෙම හිතලා මලයා පොඩ්ඩක් ඉස්සිලා මීටරේ දිහා බැලුවා...අනේ දෙයියනෝ...140ට යනවා බොල...ඒත් මලයට ඒක දැනෙන්නෙ නෑනේ...නිකන් 20ට විතර යනවා වගේ ෆීලින් එකක් තිබුනේ...වෙනවදට මලයාගෙ ලාන්සරේ 80 90 පනිනකොට මාර ගැම්මක්,සතුටක් මලයගෙ හිතට දැනෙනවා...ඒත් අද 140ට ගිහිල්ලත් ඒ සතුට නැහැ...ඊට පස්සෙ මලයාලා ට්‍රිප් එක ගිහින් වාහනේ කාර් පාක් එකක නතර කලා පොඩ්ඩකට...වාහනෙන් බැහැලා යද්දි දෙපාරක් තුන්පාරක් හැරි හැරි බලන එක මලයාගෙ පුරුද්දක්...වෙනදට ලාන්සරේ මෙහෙම නවත්තලා හැරිලා බලද්දි අමුතු ලස්සනක් ඒකෙ තියනවා...දහසක් අලුත් වාහන එක්ක බලද්දි ඒක හරි ලස්සනට කැපිලා පේනවා..ඒත් මෙදා ඒ සුන්දරත්වය නැහැ..ඒ කාර් පාක් එකේ ඒ ජාතියේ වාහන හෙන තොගයක් නවත්තලා තිබුනා...ඉතින් අලුතෙන් බලන්න දෙයක් නෑ...කිසි විශේෂත්වයක් සුන්දරත්වයක් නෑ...මලයගෙ හිතට හරිම දුක්බර ෆීලින් එකක් ආවේ...

ට්‍රිප් එක ගිහින් ඇවිත් මලයා කල්පනා කලෙත් මේ ගැන...තනියෙන් ඉන්න වෙලාවක මේ ගැන බ්ලොගියේ කොටන්න ඕනි කියලා හිතපු නිසා තමයි අද මේක කොටන්න වෙලාවක් සෙට් කරගත්තේ...

මේ ලිපිය ලියන වෙලාවෙත් මලයලාගෙ ආදරණීය අවුරුදු කුමාරයා 13ශ්‍රී ලාන්සර් වැගන් එක වත්තේ ගරාජ් එකේ ඉන්නවා නේද කියලා මතක් වෙනකොට මලයට දැනෙන ෆීලින් එක තේරුම් ගන්න පුලුවන් කවදාහරි වාහනේකට ආදරය කරපු කාර් පිස්සෙක්ටම තමයි...

එහෙනං මලයා මෙතනින් නවතිනවා...
2016.11.10  

Comments

  1. එහෙනම් ඔයාට ගැලපෙන්නේ ට්‍රැක්ටරයක් තමයි.ඔයා ඔය කියලා තිබෙන ඔක්කොම හොඳින් ම තියෙන්නේ ට්‍රැක්ටරයක තමා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අදහස‍ට ස්තූතියි සහෝ...!!!
      ඔව් ට්‍රැක්ටරයක මං බලාපොරොත්තු වෙන දේ තියනවා වුනාට මං ට්‍රැක්ටරයට කැමති නෑ...මං ගොවි මහතෙක් වෙන්න තීරණය කලොත් මට ඔය අදහස සලකා බලන්න පුලුවන් වෙයි...
      ඒත් දැන් අපිට තියන කාර් එකෙන් මං බලාපොරොත්තු වෙන හැමදේම තියනව...අන්න ඒ නිසයි මං ඒකට ගොඩාක් ආදරේ...

      Delete
  2. ඔව්, ඒක ඇත්ත වෙන්න පුළුවන්.ඒත් ඔයා ක්ලැසික් කාර් ගැන වර්ණනා කරල තියෙනව වැඩී.ඔයා කියලා තියෙන්නේ හයිබ්‍ර්ඩ් කාර් වැඩක් නැහැ කියලා.ඔයාට කියන්න බැහැ හයිබ්‍ර්ඩ් කාර් කිසිම වැඩක් නැහැ කියල.එතකොට මේ ලිපි කියවන අය හිතන්නෙ ඔයා ඔයාට ලබන්න බැරි දෙයකට ගරහනවා කියල.ඒ හින්දා දෙකම සමබර වෙන්න ලිපි ලියන්නඕනෙ.මේක මගෙ අදහසක්.හිතලා බලන්න.සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ...
      මං පිලිගන්නව ඒක මගෙ අඩුවක්.ඒත් මං වැඩියෙන් ආස කරන දේ මං ටිකක් වැඩියෙන් වර්ණනා කරන බවත් ඇත්ත.
      ඒත් අයියෙ අවුල තියෙන්නෙ මේ හයිබ්‍රිඩ් පාවිච්චි කරන බහුතරයකගෙ කිසිම නිහතමානී කමක් මම දැකල නෑ.සමහර වෙලාවට පාරෙදි වෙන දේවල් වලින් මම මේ දේ ගැන දැකල තියනව.පාර අපේ, පරණ හුචක්කු පාරෙ දාගෙන මොනව කරනවද මංදා වගේ හැගීමක් තමා අපේ වාහන පාරෙ යද්දි එයාලට තියෙන්නෙ.අන්න ඒකයි අවුල.

      Delete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...