-----------------------------------------------------------------------------------------------------------
Tab.lk නැත්තම් Extreme Technologies Lanka (Pvt) Ltd ලංකාවෙ තියෙන ටැබ් විකුණන සමාගමක්, වෙබ් අඩ්වියක්.
මොවුන්ගේ වංචාවක් ගැන කියන්නයි මම ලෑස්ති වෙන්නෙ.
මම මොවුන්ගේ වෙබ් අඩවියෙන් ටැබ්ලට් එකක් මිලට ගත්ත 16/09/2015, රු.55900කට. එවෙලෙම කතා කරල සල්ලි ටිකත් bank transfer කළා. පැය 12කින් ටැබ් එක ලැබෙයි කිව්ව. දවස් 2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව courier service එකෙන් පැකේජ් එක නැති කරල එයාල ආපහු එවන්නම් කියල. තව දවස්2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව ඒක එව්වෙ නෑ ස්ටොක් නෑ කියල. 62000කට තියෙන එකක් ගන්න කිව්ව. තවත් 6000ක් වියදම් කරන්න බැරි නිසා මම කිව්ව මට සල්ලි ආපහු දෙන්න කියල.
අදට එහෙම කියල දවස් 12ක් වෙනව තාම සල්ලි හම්බුනේ නෑ. චෙක් එකක් පෝස්ට් කළාලු registered post එකේ දවස් 4ක් තිස්සෙ මට තාම ඒක ආවෙ නෑ.


මම ඊයෙ පොඩි තර්ජනේකුත් කළා ෆේස්බුක් පුරා දානව, ෆෝරම් හැම එකකම දානව, පත්තරේට දානව, ඊමේල් ලක්ෂ ගාණකට යවනව, අන්තිමට පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරනව කියල.
අද කොහොමහරි සල්ලි දාන්නම් කීව. දැන් පැයකට කලින් ඒකෙ Accounts Manager හෝ කවුද මන්ද එකෙක් සල්ලි ටික අතට ගත්තලු. එවෙලෙ පිටත් උනාලු head office එකෙන්. සල්ලි තව ටිකකින් වැටෙයි කිව්ව. දැන් 2.55PM. තාම නම් නෑ.
සල්ලි ලැබුණත් මම අර කිව්ව වැඩේ නම් කරනව.
මේ වගේ මිනිස්සු රවට්ටන එවුන්ට ඉන්න දෙන්න හොඳ නෑ.
මේ කතාව පුළුවන් හැමෝටම කියන්න.
http://www.tab.lk/
https://www.facebook.com/extremelanka?fref=ts
http://lk.wowcity.com/colombo/gpid/102243338746457958136/extreme-technologies-lanka-pri.htm
http://lk.99nearby.com/place/extreme-technologies-lanka-private-limited-tab-lk/9061
https://www.linkedin.com/pub/extreme-technologies-lanka-private-limited/54/48/8b6
http://hitlanka.com/computers-laptop-for-sale-sri-lanka-ikman-laptop/ads/classified,16621.html
http://gadgets.lk/full-detail-seller-of-new-extreme-life-tab-7-for-sale-in-sri-lanka-10282-2479
http://www.gadgets.lk/full-detail-seller-of-new-intel-onda-hd9.7-for-sale-in-sri-lanka-13246-2479
http://gadgets.lk/full-detail-seller-of-new-apple-ipad-air-for-sale-in-sri-lanka-13481-2479
---------------------------------------------------------------------------------------------------------
මෙන්න මේකයි කතාව.දැන් කාලෙ නෙට් එකේ බැලුවොත් ඉන්නෙ හොරු.ඒ නිසා අපි ගොඩාක් පරිස්සම් වෙලා අවධානයෙන් ඉන්න ඕනි.
No comments:
Post a Comment