මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත.
ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්නොවූ එකඳු මොහොතක් මට සිහියට නඟාගත නොහැකිය.
වැර වෑයමින් ජීවිතයේ සාර්ථකත්වය සොයමින්, පවුලේ සියල්ලන් සතුටු කරමින්, ජීවිතයේ ඉලක්කයන් සපුරමින් කොතරම් ඉදිරියට පැමිණියද නුඹ සිහිවන විට දැනෙන හැඟීම තවමත් මා සිත දරුණුවට රිදවයි.
වසර 4කින් නුඹේ රුව දැක නොමැති වුවත්, නුඹේ රුව මතක ඇත්තේ අපැහැදිලි ඡායාවක් මෙන් වුවත් තවමත් මගේ සිත නුඹ මත්තේ එල්ලී සිටින්නේ මන්දැයි මම නොදනිමි.
පුරුෂ ආධිපත්‍යයේ කිරුළ හිස මුදුනේ දරාගෙන සිටිනා මගේ බුද්ධිය සහ මා විසින් මා හට කරනා ආදරය,male ego බල්ලට දමමින් මගේ හදවත සිදුකිරීමට තැත් කරන ගොන් වැඩ වලින් මගේ ආත්ම ගෞරවය රැකගෙනසිටීමට මහත් යුද්ධයක් සිදුකරමින් සිටිති.
කෙසේ වෙතත්,
නැවත මට නුඹ වෙත පැමිණිය නොහැක. හැකිවුවත් මා එන්නේද නැත.
මා ඔබට කෙතරම් ආදරය කළද මට නැවත කවදාවත් නුඹව උවමනා නැත.
මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...
2026-01-24
කොටි මල්ලි (Snow Kotiya)
No comments:
Post a Comment