මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි
මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින් දනිමි.නමුත් මේ දිනවල මාගේ ආර්ථික තත්ත්වය ඉතා දරුණු ලෙස පිරිහීමකට ලක්ව ඇති බැවින් ඔබලාගේ ප්‍රශ්න සදහා යම් මුදලක් අය කරගැනීමට මා තීරණය කලොත් එය අසාධාරණ ඉල්ලීමක් නොවන බව ඔබ මුලින්ම වටහාගත යුතුය...
එබැවින් පහත ප්‍රශ්න සදහා පහත සදහන් ගාස්තු අය කරනු ලැබේ.
දැන්විය යුතුය...අය කරන ගාස්තු පහත දැක්වේ...
පුතා මේ පාර කී වෙනියදැයි ඇසීමට - රුපියල් 300ක්
එක විෂයක ලකුණු ඇසීමට - රු.50ක්
සියලු විෂයන් එකපාර අසනවා නම් රු.400ක්
"පාඩම් කලා නං ලියන්න තිබ්බා" ආදී වාක්‍ය සදහා එක වාක්‍යයකට රු.300 බැගින්
සියලු ආකාරයේ බැනීම් සදහා බැනීම් වල එක් වචනයකට රුපියල් 200 බැගින්
එක විෂයක ලකුණු ඇසීමට - රු.50ක්
සියලු විෂයන් එකපාර අසනවා නම් රු.400ක්
"පාඩම් කලා නං ලියන්න තිබ්බා" ආදී වාක්‍ය සදහා එක වාක්‍යයකට රු.300 බැගින්
සියලු ආකාරයේ බැනීම් සදහා බැනීම් වල එක් වචනයකට රුපියල් 200 බැගින්
අය කරනු ලැබේ...
මේවා සියල්ල දැවෙන ප්‍රශ්න බැවින් මෙම ප්‍රශ්නවල වටිනාකම අවමය රු.1000 පසුකලත් ඔබලාගේ යහපත,ඔබලාට සහනයක් ලබා දීම උදෙසා ඉතා සුලු මුදල් ප්‍රමාණ අය කරන බවත් දැන්විය යුතුය.
එමෙන්ම ඔබ සිතෙනවා නම් මෙම ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීමට මුදල් වියදම් කිරීම අනවශ්‍ය යැයි කියා , මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීම හොදම විසදුමයි.ඕපාදූප ඇසීමට ඔබගේ ඇති අධික ආශාව සන්සිදවා ගැනීම මොහොතකට පසෙක තබා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීමෙන් ඔබගේ සාක්කුවේ ඇති මුදල් ස්වල්පයක් බස් එකේ යන්න හෝ ඉතිරි කරගැනීම ඔබ මෙම අවුරුද්දේ සිදුකරන විශාල ඉතිරිකිරීමක් බව පැවසිය යුතුය.
එමෙන්ම ඔබ මට උපකාරයක් කිරීමට සිතා ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තු වනවා නම් එයද අනවශ්‍ය බව පැවසිය යුතුය.මට මුදලින් උපකාරයක් කරනවාට වඩා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකී ඔබ මුදලක් ඉතිරි කරගනු දැකීම මාගේ සතුටට හේතුවකි.
එසේම ඕපාදූප ඇසීමට හා කට ඇදකර කුණු කතා කීමට ඔබලාට ඇති අධික ආශාව සන්සිදවා ගැනීමට අවශ්‍යම නම් පමණක් ඉහත ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න අසා අවශ්‍ය පිලිතුරු ලබා ගත හැකිය.
ස්තූතියි...!!!
එල එලම්ම්
ReplyDelete- ජය බෝලී නාත් -
ස්තූතියි ස්තූතියි මකරෝ...
ReplyDeleteමොනවා උනත් ඒක නම් ඇත්ත.
ReplyDeleteඅනිවා සහෝ...ගොඩාක් ස්තූතියි කමෙන්ට් දාන්න වෙලාවක් වැය කරන එකට...මොකද බ්ලොග් කියෙවුවත් බැනලා හරි කමෙන්ට් දාන්න වෙලාවක් වැය කරන අය අඩුයි...
Deleteමං මෙහෙම දාගෙන මේ බ්ලොග් එක ලියන්නෙ කමෙන්ට් බලාපොරොත්තු වෙන්ම නෙවේ.මගේ ආසාවට.ඒත් කවුරු හරි කෙනෙක් ඇවිත් කමෙන්ට් එකක් දායි කියලා පුංචි ආසාවක් හිතේ තියනවා.ඒ කමෙන්ට් කියවලා රිප්ලයි කරන එක තරං සතුටක් වෙන නෑ.
මම මේ ගැන මෙහෙම දෙයක් කියන්නම්, මේ ගාස්තු සියල්ල අතිශය සාධාරණ බව ඔබගේ අසලින් සෑමවිටම සිටි මිතුරෙකු ලෙස මම කියන්නට කැමතී.
ReplyDelete