2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...
ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ...
මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්...
මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙක මට සෑහෙන අලුත් අත්දැකීමක් වුනා... සාමාණ්‍ය ස්ටූඩියෝ එකකට වඩා එහාට ගිහින් ආයතන පරිසරයක් ඇතුලෙ වැඩකටයුතු වෙන ටස්කර් ස්ටූඩියෝ එක සෑහෙන ඩවුන්පල්ලන් වෙලා හිටපු මගේ ජීවිතේට ආර්ථිකමය අතින්, හැකියාව සහ දැනුම අතින්, පෞරුෂය අතින් ඇතුලු ගොඩාක් පැති වලින් නැගීසිටින්න සෑහෙන ශක්තියක් උනා... ඒ් වගේම අනිත් වැදගත්ම දේ තමා creative industry එක ඇතුලෙ වෙන දඩාර ප්‍රොජෙක්ට් වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුන එක...
මචංලා පොඩි අවස්ථාවක් දෙන්න පොඩි බ්‍රේක් එකක් ගහන්න... කලින් පෝස්ට් එකෙත් කිවුවා මගේ ඉස්සර වගේ පිටු ගනන් ලියන්න මට දැන් වචන එන්නෙ නෑ... මගෙ හැකියාව ඒ් තරං බල්ලට ගිහින් කියල දැනුයි තේරෙන්නෙ... හව් සෑඩ්...
ජොබ් එකට යන්න පටන් ගත්තට පස්සෙ ජීවිතේ ගලාගෙන ගිය රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා... ඔන්ලයින් ජොබ් එකකට වඩා භෞතිකව ඔෆිස් එකකට ගිහින් වැඩ කරන එකේ බර මට දැනෙන්න පටන් ගත්තා.. තරුණ හීන මැරුනු රටක ඉස්කෝලෙන් අවුට් වෙලා, උසස් අධ්‍යාපනයටත් යොමු වෙලා, ඒ්කත් බැලන්ස් එකේ තියාගෙන ජොබ් එකක් කරන 20 ගනන් වල එකෙක්ගෙ ජීවිතේ බර මට දැනෙන්න ගත්තෙ මේ කාලෙදි... ටස්කර් එක ඇතුලෙ මගෙ ඩ්‍රීම් ජොබ් එක කරපු නිසා තරමක සහනයක් තිබුනත් එතන තිබුනා මට වචනයෙන් කියාගන්න බැරි අමුතුම වගකීමක බරක්...ඒ් වගේම අපේ අම්මල තාත්තලා උදේ හවස අවුරුදු ගානක් තිස්සෙ වැඩට ගිහින් ඒ් වෙච්ච මහන්සියෙ තරමත් මට දැනෙන්න ගත්තෙ එතකොට...
ජොබ් එකත් මට ලැබුනු දේවල් වගේම මිස් උන දේවල් ගොඩක් තියනවා... මිස් උන ලොකුම දේ තමා ආටිස්ට් කෙනෙක් විදිහට මට පර්සනල් ආට්වර්ක් කරන්න තිබ්බ නිදහස සහ විවේකය අහිමි උන එක.. පවුලෙ බර එක්ක ජොබ් එකෙන් පස්සෙත් ගෙදර ඇවිත් ෆ්‍රීලාන්ස් කිරීම නිසා අඩු ගානෙ ත්‍රීඩී චැලේන්ජ් එකකටවත් රෙන්ඩරින් එකක් ගහගන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නෙ...
විවේක පාඩුවෙ හිතන වෙලාවට මේ හැමදේම ගැන නොසැල්ටජියාත්මක ෆීලිං එකක් ආවත්, ජීවිතේ මේ රැට් රේස් එක කොහෙන් කෙලවර වෙයිද කියන්න මම දන්නෙ නෑ... ලැබෙන දේවල් වලට හදවතින්ම ස්තූතිවන්ත වෙන එකත්, අහිමිවෙලා යන දේවල් හිතින් අත්ඇරලා හිත හදාගෙන ජීවත් වෙන එකට හුරු වෙන එකත් ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තාම පේන්නෙත් නෑ... හැබැයි මං එක දෙයක් දන්නවා...
හැමදාම මේ දේවල් මේ විදිහටම වෙන්නෙත් නෑ...
2025 - 04 - 12
කොටි මල්ලි (Snow Kotiya)
No comments:
Post a Comment