Monday, June 29, 2026

මම 9 වසරෙදි පාතාල කල්ලි නායකයෙක් වුන හැටි සහ කම්පියුටර් ගේම්ස් ගැන මගේ චින්තනය

ඔයා computer games, mobile games වලට ආස කෙනෙක් නං අනිවාර්යයෙන්  clash of clans ගේම් එක ප්ලේ කරල හෝ අහල දැකලා හෝ ඇති. 

මීට අවුරුදු ගාණකට කලින් මම 9 වසරෙ ඉද්දි clash of clans ගහන එක නවත්තලා තිබ්බ බේස් එකත් විකුණලා ගේම් එක නැවැත්තුවෙ ඒ කාලෙ මම ඒකට ඇබ්බැහි වෙලා හිටපු නිසා. ගේම් එකට ඇබ්බැහි වුනේ මම වුනාට මට තරහ තිබ්බෙ ගේම් එක ගැන. මං සෑහෙන්න ඒ තරහ පිට කරල තියනව 2016-2017 කාලෙ ලියපු බ්ලොග් පෝස්ට් වල :D දැන් කල්පනා කරල බැලුවම ඒකෙ වැරැද්දකුත් නෑ. ඒ කාලෙ අවුරුදු 13-14 අහිංසක පොඩි ළමයි අපි. ඒ කාලෙට දේවල් හිතෙන්නෙ ඒ විදිහට. මේ පෝස්ට් එක ලියන්න මතක් වුනේ ඒ කාලෙ එක පෝස්ට් එකක මම ලියලා තිබ්බා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහන එවුන්ට ඇ‌ඬෙන්න ලියනවා කියලා. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් සහ කම්පියුටර් ගේම් ගැන මගේ දැන් චින්තනය ගැන ලියන්නයි මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.

 


ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් එහෙමත් නැත්තං COC මම දෙවනි පාරට ප්ලේ කරන්න පටන් ගන්නෙ ඒලෙවලුත් ඉවර වෙලා සෑහෙන කාලෙකට පස්සෙ. මං හිතන්නෙ 2023-2024 කාලෙ වෙන්න ඔිනෙ. මේ කාලෙ වෙද්දි ගේම් කියන්නෙ මට වචනයක් විතරක් ගානට වැටිච්ච දෙයක්. පොඩි කාලෙ වැඩිපුරම ඔිනෙ වෙච්ච දේවල් ලොකු උනාම එපා වෙනවනෙ. ඒ වගේ. කොහොම උනත් මට ආයෙ ඔික ගහන්න හිතෙන්නෙ එකක් රංදිමයා ආයෙ ගහන්න පටන් ගත්ත නිසා. ඒ වගේම ඒ කාලෙ මගේ ෆ්‍රී ටයිම් එක ගෙවාගන්න ආතල් එකකුත් තියන, හිතන්නත් දෙයක් තියන දෙයක් මම හොය හොය හිටියා. ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියන්නෙ ආතල් සියල්ල පැත්තකින් තිබ්බත්, මගේ මතේ අනුව දැනට තියන හොඳ strategic game එකක්.

 COC ආයෙ පටන් ගත්තට පස්සෙ රංදිමයයි මායි ආතල් පැත්තක තියලා ස්ට්‍රැටජික් පැත්තෙන් හිතලා ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්තා. අපි දෙන්නා ඒ කාලෙ ඉඳන්ම ජීවිතේ ගැන ඉගෙනගන්න ගමනෙදි COC ගේම් එක අපිට හොඳ ප්‍රැක්ටිස් එකක් දුන්න ගේම් එකක් වුනා. පොඩි කාලෙ අපිට තිබ්බෙ ටවුන්හෝල් අප්‌ කර කර යන පිස්සුවක්. ඉක්මනින් ලොකු ටෲප් අරන්, ලොකු බේස් එකක් හදන පිස්සුවක්. බේස් එක මැක්ස් අප්ග්‍රේඩඩ්ද නැද්ද කියනෙක අදාල වුනේ නෑ. පොඩි කාලෙදි අපි ඔය ගේම් එකට මරාගත්තෙ නැති එක විතරයි. ඒ තරං ලොකු පිස්සුවක් තිබ්බා අපිම ක්ලෑන් හදාගෙන war ගහපු. දැන් මෙහෙම හිටියට ඒ දවස් වල clan leader ලා, co-leaderලා වෙලා රටේ ජනාධිපතිටවත් ඇමති මණ්ඩලේටවත් තිබ්බෙ නැති උෂ්ණෙකින් සහ පුකේ අමාරුවකින් හිටියෙ අපි.

හැබැයි කාලෙත් එක්ක ඔය සියලු උෂ්ණයන් බැහැලා ගිමින් චූට්ටක් විතර වයසත් එක්ක පරිණත වෙලා මේ පාර අපි slow down එකේ ප්ලේ කරන්න ගත්තා.

අපිට ඔිනෙ වුනේ 100% මැක්ස් අප්ග්‍රේඩ් කරන්න බේස් එක හැමවෙලේම. අලුත් ආර්මි ට්‍රයි කර කර විවිද ස්ට්‍රැටජි වලින් ඇටෑක් කරන්න ඉගෙනගන්න. ලීග් වල උඩට යන්න. අපිට අපේම ක්ලෑන් හදන්න උවමනාවක් තිබ්බෙ නෑ. අපිට ඔිනෙ උනේ තියන ක්ලෑන් එකකට ජොයින් වෙලා ඒකට පක්ෂපාතීව ගමනක් යන්න. අපි දවස් ගණන් ඉවසීමෙන් හැමදේම අප්ග්‍රේඩ් කලා, ටෲප්ස්, බිල්ඩින්, ඩිෆෙන්සස් හැමදේම. ජොයින් වෙලා හිටපු ක්ලෑන් එක්ක හොඳට ක්ලෑන් war ගැහුවා, අලුත් අලුත් ස්ට්‍රැටජි යූටියුබ් එකෙන් හොයලා ඉගෙනගෙන ට්‍රයි කලා. ඉස්සර වගේ නිකාන් ටෲප්ස් ටික අතෑරල ආවෙ නෑ. 

මේ හැමදේම අස්සෙ අපි ඉවසීම ප්‍රගුණ කලා, පක්ෂපාතීත්වය, කැපවීම සහ නිර්මාණශීලීත්වය. ඇත්තටම COC එකේ ඇටෑක් ස්ට්‍රැටජි එකක් ඩිසයින් කරන එක වගේම තමන්ගෙ බේස් එක ඩිසයින් කරන එක ඒ වගේම ඇටෑක් සහ war වලදි අනිත් බේස් read කරන එක සෑහෙන්න ක්‍රියේටිව් විදිහට හිතන්න පුරුදු කරවන වැඩ ගොඩක්. COC ඇත්තටම පටන් ගන්නෙ ටවුන්හෝල් 11 වලින් වගේ කියලයි මට හිතෙන්නෙ. මොකද ඇත්තටම ස්ට්‍රැටජි පාවිච්චි වෙන්නෙ ඊට පස්සෙ. 

ඒ හැමදේමත් අස්සෙ එක අතකින් ගේම් එක දැන් ප්ලේ කරද්දි පරණ මතක දැනෙන්නෙ හරිම නොසැල්ටජික් විදිහට. ඉස්සර ගේම් එක අද තරං අප්ඩේටඩ් නෑ. ඒ වගේම සංකීර්ණ නෑ. සෑහෙන්න ගොඩක් වෙනස් වීම් වෙලා අද. උදාහරණ විදිහට කිවුවොත් ඉස්සර ටෲප්ස් ට්‍රේන් කරන්න වෙලාවක් යනවා සහ ඒකට elixer කියන දේ වැය වෙනවා. අද ඒ දෙකම නෑ. එක දිගට ගහගෙන යන්න පුලුවන්. ඒ වගේම ඉස්සර තිබ්බ අපි ආස කරපු බ්‍රොන්ස්, සිල්වර්, ගෝල්ඩ්, ක්‍රිස්ටල්, මාස්ටර් නම්වලින් තිබ්බ ලීග් සිස්ටම්  එක වෙනස් වෙලා සම්පූර්ණ වෙනස් සිස්ටම් එකක් තියෙන්නෙ. ඒ වගේම අපි පොඩි කාලෙ තිබ්බෙ ටවුන්හෝල් 12 හෝ 13 වෙනකන් විතරයි දැන් 17ක් හෝ 18ක් තියනව. අලුත් ටෲප්ස් ගොඩාක් ඇවිල්ලා. හීරෝලගෙ විවිධාකාර ඇබිලිට් ඇවිල්ලා. ප්‍රධාන බේස් එකට අමතරව තව බිල්ඩර් බේස් එකයි ක්ලෑන් එකට තව අහසෙ තියන මොකක්ද මගුලකුයිත් ඇවිල්ලා සෑහෙන්න සංකීර්ණ වෙලා තියනවා ගේම් එක. ඒවත් එක්ක COC ගේම් එක strategic game එකක් විදිහට ඉස්සරහට ඇවිත් තියනවා. 

ඔය හැමදේටම වඩා මට දැන් පැහැදිලිව දැනෙන දේ තමා, එදා 9 වසරෙ ඉද්දි COC ප්ලේ කරද්දි තිබ්බ ආතල් එකයි දැන් COC ප්ලේ කරද්දි තියන ආතල් එකයි අතර තියන අහසට පොළොව වගේ පරතරය. ඇත්තටම ඒ කාලෙත් එක්ක බලද්දි දැන් ආතල් එකක් නැති තරං. ඉස්සර COC කියන්නෙ වෙනම පිස්සුවක් අපිට. බේස් එක දකිද්දි, ටෘපෘප්ස් අප් වෙද්දි, හීරෝලා බේස් එකේ ඉන්නව දකිද්දි ඒක දැනුනෙ මාර වත්කමක් වගේ. කොල්ලො එක්ක සෙට් වුනාමත් ඒක ගැන කතා කරලා ඉවර කරගන්න බැරි තරං අපි කතා කලා. ඒවා ඇත්තටම හරි සුන්දර මතක දැන්.

මේ පෝස්ට් එක ලියන්න මම හිතුවෙත් ඒ කාලෙ මම COC ප්ලේ කරද්දි මට වෙච්ච සුවිශේෂී සිදුවීමක් නිසා. මේක මම 9 වසරෙදි COC නවත්තන්න ආසන්නව හිටපු කාලෙක වෙච්ච දෙයක්. අපි ඒ දවස් වල ගණන් පන්තියෙ ගියෙ විශ්වයලගෙ ගෙදර. විශ්වයලගෙ ගෙදරට වීරසේකර කියලා ඒ දවස් වල තක්ෂිලාවෙ උගන්නපු (සමහර විට තාම තක්ෂිලාවෙම වැඩ ඇති) සර් කෙනෙක් ආවා අපිට ගණන් උගන්නන්න. අපි 4 දෙනෙක් හිටියා පන්තියේ. අපි 4 දෙනාම සැරටම COC ප්ලේ කලා අපේම ක්ලෑන් එකකුත් හදාගෙන. ඉතින් ක්ලාස් එකේ විවේක වෙලාවල වුනත් අපේ ප්‍රධාන මාතෘකාව COC. මේක වීරසේකර සර් හොඳට නෝට් කලා. ඒ වගේම තමා සර් අපිට කිවුවා සර්ගෙ පුතත් COC ප්ලේ කරනවා කියලා. ඉතින් අපිටත් පට්ට හැපී. අපේ ක්ලෑන් එකට සර්ගෙ පුතාවත් ගන්න සීන් එකේ අපි හිටියෙ.

කොහොම හරි ඔහොම සතියකට දෙකකට පස්සෙ වීරසේකර සර් අපේ අම්මලා හම්බෙලා කතා කරන්න ඔිනෙ කියලා කිවුවා. මට මතකයි ගණන් පන්ති ඉවර වෙලා විශ්වයලගෙ ගෙදර පහල තට්ටුවෙ තිබ්බෙ අපෙ අම්මලා 4 දෙනා එක්ක රැස්වීමක්. අපිට ළඟ ඉන්න දුන්නෙත් නෑ අපිට කිවුවා කුස්සියට වෙලා ඉන්න කියලා. රැස්වීමෙන් පස්සෙ තමා අපි දන්නෙත් ගේම ඇදලා තියෙන්නෙ අපි COC ගහනෙකට කියල. අපි මේ ගේම් එක නිසා හරියට වැඩක් කරන්නෙ නෑ (මට නං අපි බුලක් කෙලියා කියල මතකයක් නෑ, ඒ සර් අවුරුද්දක හෝම්වර්ක් දෙනවා සතියෙන් කරන්න එන්න කියල. සතියෙ දවස් 5 ඉස්කෝලෙයි අනිත් ටියුෂන් ටිකටයි ගියාම අපිට එච්චර හෝම්වර්ක් තොගයක් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.) සහ අපි මේ හෙන භයානක ගේම් එකකට, සරලව කිවුවොත් අපි කුඩු වලට ඇඩික්ට් වෙලා වගේ කතාවක් තමා කියල තිබ්බෙ. එතනිනුත් එහාට සෑහෙන්න මං ගැන විශේෂයෙන් කියලා තිබ්බා. මම ක්ලෑන් ලීඩර් වෙච්ච නිසා මාව නිකන් පාතාල කල්ලි නායකයෙක් ගානට දාලා තමා අපේ අම්මට කතා කරල තිබ්බෙ. අනිත් උන් තුන් දෙනා විනාස වෙන්නෙත් මං නිසා කියලත් කියල තිබ්බා. ඉතින් මේක උඹලා හිතාගනිල්ලකො ඉතින් මට අන්තිමට වැටිච්ච බාල්දියෙ තරම. කොහොම උනත්, අන්තිමට මම ගේම් ප්ලේ කරන එක නැවැත්තුවා හැබැයි ඒ වීරසේකර සර් දාපු බාල්දිය නිසා නෙවෙයි, ඒක නිසා කෙලවෙනවා කියල මටම තේරුන නිසා. ඒ වගේම සර් එහෙම කරන්න හේතුවත් මම හොඳටම දන්නවා. ඒ මොකක්ද කියලා මේ පෝස්ට් එකේ අන්තිම හරියෙ ලියවෙයි.

කොහොමහරි COC පැත්තකින් තියලා ගේම් ගැන මගේ දැන් චින්තනය ගැන කිවුවොත්, මම හිතනවා කම්පියුටර් ගේම්ස් කියන්නෙ ක්‍රියේටිව් මනුස්සයෙක්ට තියෙන්න පුලුවන් හොඳම විනෝදාංශයක් කියලා. හැබැයි මම ඔන්ලයින් ගේම් ඉස්කෝලෙ යන අය ප්ලේ කරන එක අනුමත කරන්නෙ නෑ මොකද ඒ වයසත් එක්ක ඒක සෑහෙන addictive. සහ ඒ වයසෙදි ඇඩික්ෂන් පාලනය කරන එක ගැන ළමයෙක්ට කිසිම අදහසක් නෑ. 

හැබැයි offline games විශේෂයෙන්ම story එකක් එක්ක යන ලස්සන කතා Call of duty, NFS, Assasines Creed මං හිතනවා කෙනෙක්ගෙ ජීවිතේ සුන්දර අත්දැකීමක් කියලා. පොඩි කෙනෙක්ට වුනත් ප්ලේ කරන්න පුලුවන් ඇඩික්ට් වීමකින් තොරව. ඉස්සර igi, gta ගහද්දි ඒක ඇත්තටම මාරම ආතල් එකක්. අද ඒවා සුන්දර මතකයක්. මොකද ඇත්තටම අවුරුදු 20න් පස්සෙ ඒ වගේ ගේම් රස විඳින්න තියන හැකියාව, සහ ඇත්තටම ප්ලේ කරන්න තියන උවමනාව නැත්තටම නැති වෙලා යනවා. ඉස්සර අපි කෝ 2 ඩූ මැශින් වලින් අමාරුවෙන් සෙල්ලම් කරපු ගේම් දැන් අපිට හොඳ ගේමින් මැශින් තිබිලත් ප්ලේ කරන්න වෙලාවකුත් නෑ වගේම ඉස්සර වගේ උවමනාවකුත් නෑ. අදටත් මම ඩේටා ඉතුරු වෙලාවට අනන්තවත් ගේම් ඩවුන්ලෝඩ් කරනවා ඒත් බහුතරයක් ඉන්ස්ටෝල් කරලවත් නෑ. 

 ඒ නිසා ඒ පිස්සුව තියන කාලෙ ඒවා රසවිඳින්න... 

 මේ පෝස්ට් එකට සමහර විට එක්දාස් නමසිය බරගණන් වල ඉපදිච්ච උදවිය ටිපර් වෙන්න පුලුවන් ගේම් වලින් ජීවිතේ ඉගෙන ගන්නෙක විකාරයක්, මීට වඩා ආතල් අපි ඇලේ දොලේ පැනලා ගත්තා බ්ලා බ්ලා... කියලා.  ඒකට කමක් නෑ මේ හැමදේම කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. මම දෙදහෙන් පස්සෙ ඉපදුනේ. නගරකෙ හැදුනු වැඩුනු නිසා අපිට වැස්ස දවස් වලට මඩ වලවල් වලට විතරයි පනින්න තිබුනෙ. මම කොහොමත් කම්පියුටර් එක්ක පොඩි කාලෙ ඉඳන් ජීවත් වුන නිසා මට ඒ සම්බන්ද දේවල් එක්ක කොහොමත් ඉමෝෂනල් බැඳීමක් තියනවා. ඒ නිසා වරදවා හිතන්නෙපා ඒ ගැන.

ඒ වගේම, මේ පෝස්ට් එකේ ඉතුරු ටික වීරසේකර සර් ඒ ඔබතුමාට. මම මේක ලියන්නෙ සර්ට insult කරන්න නෙවේ. ඒ මම ගැන සර් සෑහෙන්න වැරදි වැටහීමක හිටියා කියල මට හිතෙන නිසා සහ ඒ වැරදි වැටහීම නිසා මම සෑහෙන්න අපහසුතාවයට පත් වුන නිසා. මම දන්නෑ සර් මේ බ්ලොග් එක කවදාහරි කියවයිද නැද්ද කියලා. ඒ වගේම අපි ආයෙ සෑහෙන කාලෙකට හමුවෙන එකකුත් නෑ. හමුවුනොත් එදාට මම මේක සර්ගෙ මූණටම කියන්නං. එතකන් දැනට මම මේක මෙහෙම ලියනවා.

මං දන්නව සර්, සර්ට මාව දැක්කම මොකක්දෝ අමුතු විදිහෙ මාව දිරවන්නැති ලයින් එකක් තිබ්බා කියලා. ඒක මට ක්ලාස් එකේ ඉද්දි හැමදාටම දැනුනා. උගන්නද්දි අනිත් 3දෙනා මැද්දෙ මාව කොන් කලා වගේ එකක් මට හැමදාම දැනුනා. සර්ට මතකයි නේද දවසක් අනිත් උන් තුන් දෙනාව පහලට යවලා මාව තනියෙන් තියාගෙන "මට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද" අහ අහ අමුතු පාට් එකක් දැම්මා. මං අදටත් දන්නෑ සර්ට මාව මොලේ අමාරුකාරයෙක් වගේ පෙනුනෙ ඇයි කියලා. හැබැයි ඒ පන්තිය ඇතුලෙ හැමෝටම හොරෙන් මාව කොන් වෙච්ච හැටි මට තාම හොඳට මතකයි. සමහර විට සර්ට මං මානසික ලෙඩක් තිබ්බ එකෙක් වගේ පෙනුනෙ මට අනිත් 3දෙනාට සාපේක්ෂව ගණන් අමාරු වුන නිසාද දන්නෙ නෑ. ඒක නං මං පිළිගන්නව සර් මට ගණන් බෑ. මට ඒක හොඳටම තේරුනේ ඒලෙවල් වලට ආවට පස්සෙ. මගෙ ස්කිල් එක තිබ්බෙ artistic side එකකින්. 

හැබැයි සර්,

මම ඒලෙවල් වලට මැත්ස් නොකලත් ටෙක්නොලොජි කරලා හරි, අනිත් උන් ඔක්කොටම වඩා හොඳට ඒලෙවල් පාස් වෙලා රජයෙ කැම්පස් එකකට සිලෙක්ට්ටුත් වුනා. මම ආස කරපු industry එක ඇතුලෙ මගේ career එක ඇතුලෙ හොඳට තැනකටත් අඩු වයසකින් ආවා. ඊට පස්සෙ ආසම කරපු සබ්ජෙක්ට් එකෙන් උපාධියක් කරන්න ශිෂ්‍යත්වයක් දිනලා ලෝකෙ ලොකුම රටකටත් ආවා.

සර්ට හිතන්නවත් බැරි තැනක මං අද ඉන්නවා.! 

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-06-29

 

පසුව ලියමි :-

මම දැන් දිගට බ්ලොග් එක ලියන සීන් එකේ ඉන්න නිසා මම මගේ ලියන කලාව හදාගන්න ගොඩක් දේවල් ට්‍රයි කරනවා දැන්. ඉස්සර මේ බ්ලොග් එක ලියන්න මල්වර නැකැත් බලපු කාලෙ දැන් මං අහවර කරල තියෙන්නෙ. හිතට පොඩි අදහසක් ආවත් පොඩියට හරි ඩ්‍රාෆ්ට් ලියලා දාලා හිමීට හිමීට දවස් ගණන් පෝස්ට් එකක් ලියනවා දැන්. ඒ නිසා පෝස්ට් වල මුල තියන ෆ්ලෝ එක අන්තිම වෙද්දි නැති වෙලා වගේ දැනෙයි සමහර විට. ඒත් ඒවා මං ක්‍රමක්‍රමයෙන් හදාගෙන යනවා. වැදගත්ම දේ තමා හොඳ අදහසක් හැමවෙලේම එලියට දාන්න උත්සාහ කරන එක. 

No comments:

Post a Comment

මම 9 වසරෙදි පාතාල කල්ලි නායකයෙක් වුන හැටි සහ කම්පියුටර් ගේම්ස් ගැන මගේ චින්තනය

ඔයා computer games, mobile games වලට ආස කෙනෙක් නං අනිවාර්යයෙන්  clash of clans ගේම් එක ප්ලේ කරල හෝ අහල දැකලා හෝ ඇති.  මීට අවුරුදු ගාණකට කලින...