හ්ම්...
මොනවද ලියන්නේ...මොනවද ලියන්නේ....
පිටු ගණන් ලිවීමට හිතේ හිර කරගෙන සිටින දහසක් කතා බ්ලොගර් ඩෑෂ්බෝඩයට ලොගින් වී නිව් පෝස්ට් බටනය ක්ලික් කළ වහාම නැති වී යන්නේ ඇයි දැයි කොටි මලයාට සිතාගත නොහැකිය.
ලියන්නට දේකුත් නැත...එහෙත් නොලියා සිටීමට හිතද නැත...
ඕලෙවල්...
එය ඉවර විය.ප්‍රතිපල කවදා එයිද නොදනී.කවදා ආවත් එන ප්‍රතිපලේට මුහුණ දිය යුතුයි.හිතට වද දුන් විෂයන් නැතුව නොවේ.වද නොදුන් විෂයන්ද මොකක් හරි කෙලියක් නිසා කෙලවේ දැයි සාධාරණ බයක් හිතේද ඇත.
කොහොම කිවුවත් දැන් ලියා අවසන්ය.එන ප්‍රතිපලය බාර ගත යුතුය.දෙපාරක් ඕලෙවල් ලිවීමට කොටි මලයා තුල සිතක් නොමැති බැවිනි.
කෙසේ වුවත් ෆේල් නැති බව ෂුවර්ය.එයට ආත්ම විශ්වාසය යැයි නම් තැබීමටද හැකිය.
දැන්
ඒලෙවල්...
ගිය 12 වෙනිදායින් ඕලෙවල් ඉවර විය.අදට දින 14ක් ගතවී ගොසිනි.දින 14ක් ලස්සනට කා දැමුවේය.
අද පෝස්ට් එක ලියන්නේ ඇයි? හේතුවක්ද නැත.
නමුත් කියන්නට දෙයක් තිබේ.
හෙට ඒලෙවල් වලට මුලින්ම ක්ලාස් යමි.
හොරණ ක්ලාස් නොවේ.නුගේගොඩ ක්ලාස්!
මොනව වේවිද මොන වගේ වෙයිද කිසි දෙයක් නොදනිමි.
මුල් ටික චොර උනා වගේ හිතට දැනෙනවා.ලිඛිත බසින් ලියන්න ඕනි නං හුදකලාව ඉදලා එක සිතින් බොක්කෙන් ලියන්න ඕනේ.ඒ ෆීලීන් එක හැම වෙලාවෙම එන්නෙ නෑ.දැන් මුල් ටික ලිඛිත භාසාවෙන් ලියල කෙල උනා වගේ ෆීලින් එකක් ආවත් දැන් ඉතින් ලියල ඉවර නිසා කරන්න දෙයක් නෑ.කතා කරන භාෂාවෙන්ම ඉතිරිය ලියමු දැන්වත්.
හොදයි ඉතින්...නැවැත්තුවෙ නුගේගොඩ ක්ලාස් යනවා කියල හෙට ඉදන්.
සෝලංගආරච්චිගෙ කම්බයින් මැත්ස්.අපේ ප්ලේන් මල්ලියා තමා සෙට් කලේ.පමෝදයත් ඇදගෙන හෙට යන්න ඕනි අම්මත් එක්ක.සියෝකෙම් එකේලු තියෙන්නේ.සියෝකෙම් එක තියන තැන හොයාගන්නත් ඕනේ.
කොහුවලින් 120 බස් එකෙන් බැහැලා එතන ඉදන් ත්‍රීවිල් එකකවත් යන්න තමා දැනට අදහස...
හොදයි බලමු.
අමුතු අත්දැකීමක් උනොත් බ්ලොග් එකේ ලියවෙයි.
කොහොම උනත්....ඕලෙවල් අමතක කරන්න තාම හිත නෑ වගේ...
ඕලෙවල් කාලෙ වෙච්ච දේවල් අතර වැඩි හරිය මට පෞද්ගලිකව ගොඩාක් හිත රිදුනු සිදුවීම් කොහොම කිවුවත්.ලියන්න හිතෙන්නෙ නැහැ.ලිවුවත් කියවන උන්ට හිතෙන්නෙ එකෙන්ම මට පිස්සු කියලා.
ඒ වලින් වැඩක් නෑ.
ඉස්සර වගේ බ්ලොග් එක ලියන්න ෆීලින් එකකුත් නෑ.කොහොමත් බ්ලොග් එක ලියන්න ෆීලින් එක එන්නෙ තනියෙන් ඉන්න වෙලාවට.අද කස්ටිය වැඩියි ගෙදර.හරියන්නෑ ඉතින්...
හිතට දැනෙන දේ අප්‍රමාණයි.ටයිප් කරපුවා අපරාදෙ නිසා වැඩකට නැති පෝස්ට් එකක් මෙතන අද පබ්ලිෂ් කරන්න වෙනවා.
හුදකලාව තනියම ඉන්න වෙලාවක...
එක සිතින් බොක්කෙන් ලියන්නං...
ඕලෙවල් කාලෙ ගැන...
එතෙක් සමුගනිමි!!!
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.
Subscribe to:
Post Comments (Atom)
මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...
මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත. ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්...
-
2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවු...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්...
No comments:
Post a Comment