හලෝ....හැමෝටම ඉතින් සුබ දවසක් වේවා...!!!
කාලෙකට පස්සෙ තමා මේ වගේ ආතල් එකක් ගන්න වැඩක් සෙට් උනේ...
ඊයෙ 2017.02.12 නේ...උඹලා දන්නව ඇතිනෙ මම ගණන් පන්ති යන්නෙ අපේ මිත්රයා විශ්වයාගෙ ගෙදර කියලා...පොරගෙ ගෙදෙට්ට සර් කෙනෙක් ඇවිත් උගන්නනව...මායි විශ්වයයි පමෝද් කාරයයි තමා ඕකට යන්නේ...ඉතින් ඊයෙත් අපි 2න්නා අරූගෙ ගෙදට්ට ගියා...කොහොම හරි පන්ති 6.30ට විතර පටන් ගන්නව ඒත් 7 වෙනකනුත් සර් ආවෙ නෑ...අපි 3න් දෙනා ගෙට්ටුව ලගට වෙලා කයියක් දාගෙන උන්නේ...ඊට පස්සෙ කෝල් කරලා බැලුවම සර් කාරයට උණ හැදිලා අද පන්ති නෑ...අපිත් ඉතින් පස්වනක් ප්රීතියෙන් පිනා ගියා...විශ්වයා හැපි එකටමද කොහෙද පාරෙ කන්ද පැත්තට යන්න පටන් ගත්තා...උගෙ ගේ තිබුනෙ පාර අයිනෙනේ...මායි පමෝදුයිත් අරූ පස්සෙන් ගියා...
අපි ඉතින් හෙන හැපී එකේ කයියක් දාගෙන කන්දෙ කඩ පැත්තට ගියා...ටික දුරක් යනකොට මට මතක් උනා මගෙ සාක්කුවෙ රැපියක් 120ක් තියනව...ඒක එදා දවල් ගෙදර කවුරුත් හිටියෙ නෑ...මං විතරයි උන්නේ...අර මොකක්ද කොල ජාතියක් තියනව ඒක සැරසිලි වලට ගන්නව මිනිස්සු වගයක් ඇවිත් ඔය කොල ටිකක් කපාගෙන තමා මට ඔය රුපියල් 120 දුන්නේ...මම ඒක ගෙනාවෙ කන්න නෙවේ...මට අරුන් දෙන්න ලග පවර් සප්ලයි යුනිට් එකක් තිබ්බොත් ඒක ගන්න ඇඩ්වාන්ස් එකක් දෙන්න ගෙනාවෙ...ඊට පස්සෙ ඉතින් මටත් විකාර සිතුවිල්ලක් ආව නිකන් හම්බෙච්ච 120 නේ...මම නිකමට ඇහුව මචන් අපි මොනා හරි කමුද කියල...
උඹ ගාව සල්ලි තියනවැයි?...ඔව් බං 120ක් තියනව...එහෙනං ඉතින් මොකක් හරි කමු ඉතින් උඹ කැමති නං...
අරුන් දෙන්න එච්චර සීරියස් විදිහට හිතුවෙ නෑ ඒ වෙලාවෙ කොහොමහරි මං කෑම ගනියි කියල...කොහොමහරි මං කිවුවා ඔන්න ඔහේ ගමු කියල...ඊට පස්සෙ අපි තුන් දෙනා එතන තිබ්බ කොත්තු කඩේට ගොඩ වැදුනා...
මම - මොනවද බං ගන්නේ?කොත්තුවක් කීයක් වෙයිද බං?
විශ්ව-කොත්තුවක් වෙයි ඉතින් 150ක් විතර.
මම-පොඩ්ඩක් අහල බලපන්කො
අරූ ඊට පස්සෙ ගාණ අහල වෙජිටබල් කොත්තුවක් නෝමල් එක 120යි...මොකද කරන්නෙ ගමුද?...
මම ඉතින් ටිකක් විතර කුණානේ...මම බැලුවෙ ටිකක් අඩුවට...ඊට පස්සෙ මම අර ෂෝ කේස් එකක තිබ්බ රොටි ටිකක් දැකල ඒව ගමුද කියල ඇහුව..
විශ්ව-ඒව නිකන් පුස් කාල වගේ නේද බං?
මම-එද්දකින් විතරක්...මොකද බං කරන්නෙ කොත්තුවක් ගමුද?අපි 3දෙනාට ඇති වෙයිද?
විශ්ව-ඇති වෙයි බං මං හිතන්නේ...
මං හැතැප්ම තිස්දෙකයි දශම නවයක විතර හුස්මක් රුපියල් 120ට තිබුනු තණ්හාව එක්ක පිට කරලා ඔන්න ඔහේ ගමු බං කියල සල්ලි දුන්නා...
කොහොම හරි ඒ කඩේ එක්කෙනා විශ්වයගෙ යාලුවෙක්...එයා අපි ගැන අනුකම්පා කරල ෆුල් එකක්ම දුන්නා පස්සෙ රුපියල් 20ක් ගෙනත් දෙන්න කියල...
අපි ඉතින් ෆුල් හැපි එකේ විශ්වයාගෙ ගෙදෙට්ට ඇවිත් කොත්තුව කාලා පට්ට ආතල් එකක් ගත්තා...ඇත්ත වශයෙන්ම කිවුවොත් අපි ඒ වගේ ආතල් එකක් කවදාවත් අරන්ම නෑ...ඉස්කෝලෙ එවුන් එක්ක ඒ වගේ නිදහස් ආතල් එකක් ගන්නත් බෑ...ඇත්තටම...ඉදලා හිටලා හරි යාලුවො තුන් හතර දෙනෙක් එක්ක මේ වගේ ආතල් එකක් ගන්න ඕනි බං මම නං කියන්නෙ...වැඩිය ඕන්නෑ 3ක් හොදටම ඇති...වැඩි උනාමත් කරදරයි නෙ...කොහොමත් අපි තුන් දෙනා පොඩි කාලෙ ඉදන්ම යාලු මාලුවෝ වෙලා හිටපු පොරවල්නේ...ඒ ආතල් එක නං කවදාවත් අමතක වෙන්නෙ නෑ...කොත්තුව කෑවට පස්සේ විශ්වලෑ අම්මා අපිට තේ හදලා දුන්නා...ඒක බීලා අපි මිදුලට වෙලා පොඩි පොඩි දුවන සෙල්ලං පැනිලි සෙල්ලං කර කර ආතල් එකක් ගත්තා...ඊට පස්සෙ ගේට්ටුව ලග වාඩි වෙලා පොඩි කයියකුත් දාගත්තා...
මම දැනට යාලුවොත් එක්ක එකට විනෝද වෙලා තියනව නං මේකෙන් තමා මං ලොකුම සතුටක් ලැබුවෙ...අරුන් දෙන්නටත් හොදට විනෝද උනා...උනුත් පලවෙනි පාරනෙ...උන් කොහොමත් අද බලන් ඉන්නෙ මම මේක බ්ලොග් එකේ ලියනකන් උන් දන්නව මේක මම ලියනව කියල...අඩෝ උඹල දෙන්න මේක කියෙවුව නං කමෙන්ට් එකක් දාල පලයල්ල ඈ ලෝබ නොවී...උඹල දෙන්න නිසාමයි මේක මෙච්චර ඉක්මනට ලිවුවෙත් නැත්තං මාස හය හතක් පහුවෙලා තමා ලියන්නෙ...ඒ වගේම මේක කියවන ඔයාලටත් මම කියනව ඔයාලත් මේ වගේ යාලුවො තුන් හතර දෙනෙක් එක්ක ගත්ත අහිංසක ආතල් තියේ නං කමෙන්ට් එකක් විදිහට දාන්න කියල...ඒ වගේම බ්ලොග් එකට කමෙන්ට් කරලා දිරිමත් කිරීමටත් ගොඩාක් ස්තූතියි...
එහෙනං මං ගියෝ...
ඔබ සැමට සුබ දවසක් වේවා...
2017.02.13
අපිත් ඉස්කෝලේ යාඵවොත් එක්ක ඔය වගේ ආතල් අරන් තියෙනව.නැත්නම් අපේ ඉස්කෝලේ කාලෙන් වැඩක් නැති වෙනවා.මේ කාලෙ විතරයි ඔය වගේ වැඩ කරන්න පුළුවන්.මගෙන් සුබ පැතුම්.
ReplyDeleteඅනිවා අයියෙ...විදින්න තියන කාලෙ විදින්න ඕනි කාටත් හිරිහැරයක් නොවී...
Deleteගොඩාක් ස්තූතියි අයියෙ කමෙන්ට් කරන වෙලාවක් වැය කරන එකට...ගොඩාක් ස්තූතියි...!!!