Sunday, April 9, 2017

අලුත් කාර් පදින අයද , පරණ කාර් පදින අයද..?

2017.04.10


හ්ම්...

මං බැලුවෙ මේක කොතනින්ද පටන්ගන්නෙ කියල...

ආ...හයිබ්‍රිඩ්කාරයො ටික...සරම රෙඩි කරගෙන ඉදපල්ලා...රිදුනොත් රෙද්ද උස්සගෙන එන්න...

පරණ කාර්...

කොච්චර සුන්දරද...කොච්චර අපේ ජීවිතේට සම්බන්ධ වෙනවද...ඒක අපිට හිතාගන්න බෑ...හැමදාම අලුත් අත්දැකීමක්,අලුත් නිදහසක් ක්ලැසික් කාර් අපේ ජීවිතේට දෙනව...

ක්ලැසික් කාර් අපේ ජීවිතේට සම්බන්ධ වෙන හැටි හරිම පුදුමයි...බලන්න කාර් පිස්සුව බ්ලොග් එක ලියන තරිදු අයියා...පරණ ගෙයක් නං එතනත් කාර් එක...පරණ සිදුවීමක් නං එතනත් කාර් එක...ට්‍රිප් එකක් ගියත් එතනත් කාර් එක...පවුලේ කෙනෙක් නං එතනත් කාර් එක...මතක ගොඩයි...අත්දැකීම් ගොඩයි...කතා ගොඩයි...බලන්න ක්ලැසික් කාර් එකක් කෙනෙක්ගෙ ජීවිතයත් එක්ක කොච්චර දුරට බැදෙනවද කියල...ඒක අපිට හිතාගන්න බෑ...

මගෙ යාලුවෙක්ල ගාව තිබුන හොන්ඩ ෆිට් එකක්.(අදාල පොර ලිපිය කියනව නං දන්නව.කමෙන්ට් එකක් දාහන් ඈ.ඕක දැන් ගේමෙන් ඉන්නෙ.පරදින්න බෑනේ... :D)...එයාලා අවුරුදු 4ක් ඒ කාර් එක පැදල වෙන එකක් ගත්ත.දැන් එයාලා ආයෙත් ඒ කාර් එක විකුණල අලුත් එකක් ගන්න ඉන්නෙ.මෙච්චර සුපිරියි කියන මෙච්චර ඔප්ෂන්ස් තියනවයි කියන කාර් අවුරුදු 3,4න් මිනිස්සුන්ට එපා වෙද්දි අර ඔප්ෂන්ස් බාගෙට බාගයක් නැති ඊට වඩා අවුරුදු 40ක් විතර පරණ කාර් තාමත් කලින් අවුරුදු ගාණක් තිස්සෙ පාවිච්චි කරන අය කී දෙනෙක් ඉන්නවද?


දැන් ඔය අලුත් කාර් පාවිච්චි කරල විකුණපු කෙනෙක් ඊට පස්සෙ කවදාවත් ආයෙත් ඒ කාර් එක දිහා හිතල බලනවද?තමන් ඒකෙ ගිය ගමන් බිමන් මතක් කරනවද?කවදාවත් දැකල තියනවද ඇලියොන් එකක් තිබිල විකුණපු එකෙක් අඩෝ ආයෙත් ඒ කාර් එක හොයාගෙන ගන්න ආසයි බං කියනව?ඒත් පරණ කාර් එකක් තිබිල ඒක විකුණල ආයෙත් ඒ කාර් එක ගන්න හොයන කී දෙනෙක් නං ඉන්නවද?

මම දන්නෑ මට මේ ප්‍රශ්නෙ අදාල වෙනවද කියලවත්.එදා මේක ගැන අපේ හයිබ්‍රිඩ්වාදියත් එක්ක ටෝක යද්දි ඌ ඇහුව උඹල සීට් බෙල්ට් දානවද කියල...මං කිවුව නෑ කියල...දාන්නෑ තමයි ක්ලැසික් කාර් 90%කම වගේ සීට්බෙල්ට් දාන්නෑ...අරූ ඒ පාර ප්‍රීතියෙන් පිනා ගිහින් මට ආරක්ෂාව ගැන දේශනයක් දුන්න ඔන්න සීට් බෙල්ට් දාගෙන ඉදපු දෙන්න බේරුනාලු දාගෙන හිටපු නැති උන් දෙන්න මලාලු ඒක වෙන හැටියි ඒකෙ විද්‍යාත්මක හේතුයි එයා බෑග් ගැනයි ඒව ගැන ඌ කියෝනව ඌ කියනව ඒක ආරක්ෂාවලු ඒවල පට්ට ආරක්ෂක උපාංග තියනවලු...
ඒ වගේ ටෝකක් මං ජීවිතේට අහල නෑ...මං ඒපාර කල්පනා කරන්න පටන් ගත්තෙ මිනිස්සු මේව හිතනවද කියල...සමහර විට මට ටෝක දුන්න එකා නං විද්‍යාත්මක විදිහට ඒව කල්පනා කරල ඒ වාහන ගන්නවා වෙන්න පුලුවන්.හැබැයි මං වගකීමෙන් කියනව.ඔය අපේ රටේ හයිබ්‍රිඩ් ගන්න බහුතරයක් උදවිය ඕව එකක්වත් බලන්නෑ...තමා පොරක්,මම පොශ්,පෝසත් පොරක් පෙන්නන්න තමයි ඕව ගන්නෙ...
ඒ පාර මං බැලුවෙ ක්ලැසික් කාර් පාවිච්චි කරන අය ගැන...කවදාවත් මේ වගේ කලින්ම තමන්ගෙ මරණෙ ගැන ආරංචි වෙලා ඒ මරණෙ ගැන දැන් ඉදන්ම ඒකෙන් බේරෙනවද නැද්ද කියල කල්පනා කරන කට්ටියක් විදිහටයි හයිබ්‍රිඩ් අයියලා මගේ කල්පනාවට ආවෙ.ඒත් ක්ලැසික් කාර් පදින කට්ටිය සම්පූර්ණයෙන් වෙනස්.කවදා මැරෙයිද කවදා නොමැරෙයිද කියල දෙයක් එයාලට නෑ.අඩුම තරමින් එයාල ඒ ගැන හිතන්නවත් උත්සාහ කරන්නෙ නෑ.ක්ලැසික් කාර් පදින අය කරන්නෙ ජීවත් වෙලා ඉන්න කාලෙ සතුටින් නිදහසේ ඉන්න එක එයාලා හයිබ්‍රිඩ්කාරයො වගේ කලින්ම බය වෙලා ඉන්න අය නෙවෙයි.අපි ඉපදිලා අනිවාර්යෙයන්ම මැරෙනවා.ඒක කොයි වෙලේ එයිද කියල අපි දන්නෙ නෑ.ඒක ආවත් අපිට ඒක මොන මගුල කලත් බාරගන්න වෙනව.ඒක හයිබ්‍රිඩ් පාවිච්චි කරන අයටත් එකයි ක්ලැසික් පාවිච්චි කරන අයටත් එකයි.ඒත් මේ හයිබ්‍රිඩ් කට්ටිය කලින්ම කවදා හරි වෙන්න තියන දේ ගැන කලින්ම බය වෙලා ඇයි බය වෙන්නෙ කවද හරි මැරෙනවනෙ කලින්ම මරණෙ ගැන හිතනව ඉතින් හොදටෝම බය වෙලා ඉතීන් පුලුවන් නං වෙඩි වදින්නැති වාහනත් ගනියි ඒත් මේ ක්ලැසික් කාර් පදින අය අනාගතේ ගැන දැන්ම බය වෙන්නෙ නෑ මැරෙන වෙලාවට මැරෙයි ඒක ශක්‍රයටවත් නවත්තන්න බෑ.

මට තේරෙන්නෑ ඇයි මෙහෙම කියල ඒත් ඒක එහෙම තමයි.

අනිත් එක කියන්න ඕනෙ හයිබ්‍රිඩ් තියන අය කවදාවත් තමන්ගෙ වාහනේට ආදරේ කරන්නෑ සීමිතව දෙතුන් දෙනෙක් ඉදියි වැඩිම උනොත් ඒකත් කීයටවත් ෂුවර් නෑ.
දවසක් මට ආරංචියක් ආවා... අහවලා එයාලගෙ හයිබ්‍රිඩ් එක පැත්තට ගලක් ගැහුවා ඒකෙ වීදුරුව බිදුනා අරූට ගාණක්වත් නෑ...ඒ පාර මට කල්පනා වුනා අපේ කාර් එකට මං අතින් ඔය වගේ දෙයක් උනා නං මොකක් වෙයිද...?
අනිවා මං හොදටම අඩයි ඒ වෙන මොකටවත් නෙවේ කාර් එකට තුවාල උනු එකට එදා අර බස් එක කාර් එකේ මඩ්ගාඩ් එක හප්පගෙන ගිය වෙලෙත් ඕකම වුනා එදා මට දැනුනෙ බස් එක කාර් එක හප්පගෙන ගියා වගේ නෙවෙයි මාව හප්පගෙන ගියා වගේ.

ඉතින් අරූ මට හැමදාම ටෝක දානව මේ හයිබ්‍රිඩ් එකේ සයිඩ් කන්නාඩියක් විතරක් ලක්ෂ 2ක් විතර වෙනව ඔහොම ඔහොම...ඉතින් මට මොකෝ බං...?මට ඔය ලක්ෂ 2 අදාලද?...නෑනේ...මට ඒකෙන් ඇති වැඩේ මොකක්ද?...අපේ කාර් එකක නං සාමාන්‍ය සයිඩ් කන්නාඩි 2ක් රු.2000ක් 2500ක් වෙයි ෂෙල්ටන් අංකල්ලෑ ගෙවල් දිහාට ගියා නං රු.1000කට විතර හොයාගන්න තිබුනා.දවසක් මායි තාත්තයි 1 කන්නාඩියක් ගත්ත රුපියල් 400යි.

අනිත් එක ඔය ලක්ෂ ගානක් වියදම් කරල යන වාහනේ කොලඹ ගියත් ලක්ෂ තුන හතරක් දීල යන ක්ලැසික් කාර් එකේ කොලඹ ගියත් කොලඹ කොලඹමයිනෙ.

කවදාහරි දැකල තියනවද හයිබ්‍රිඩ්කාරයෙක් කාර් එකේ ෆොටෝ ගන්නවා...???
දැකල තියනවද?
වාහනේ විකුනන්න ඉන්ටනෙට් එකට දාන්න ඕනි නං කියල සහ මට හයිබ්‍රිඩ් එකක් තියනව කියල ෆේස්බුක් දාන්න ඕනෙ නං ගනියි.ඒත් ඇත්තටම බහුතරයක් මට හයිබ්‍රිඩ් එකක් තියනව කියල ෆේස්බුක් එකේවත් දාන්නෑ...
ඒත් බලන්න ක්ලැසික් කාර් එකක් තියන එකෙක් දිහා...පොර ට්‍රිප් එකක් ගියාම වුනත් පවුලෙ අයගෙ එහෙම ෆොටෝස් ගන්නවට වඩා කරන්නෙ කාර් එකේ ෆොටෝ ගන්න එක...වැව් ලග තියලා,මුහුදු ලග තියලා කොච්චර ලස්සනට ෆොටෝ ගන්නවද...එක එක ඈන්ගල් වලින් බිම බඩගාගෙන ෆොටෝ ගන්නෙ...එහෙම ලස්සන තැනක නවත්තලා තමන්ගෙ කාර් එකේ ලස්සන දෑහින් විදින එක තරම් වෙන සතුටක් තියනවද කාර් එකට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට...

දැන් ඔය අලුත් කාර් පාවිච්චි කරල විකුණපු කෙනෙක් ඊට පස්සෙ කවදාවත් ආයෙත් ඒ කාර් එක දිහා හිතල බලනවද?තමන් ඒකෙ ගිය ගමන් බිමන් මතක් කරනවද?කවදාවත් දැකල තියනවද ඇලියොන් එකක් තිබිල විකුණපු එකෙක් අඩෝ ආයෙත් ඒ කාර් එක හොයාගෙන ගන්න ආසයි බං කියනව?ඒත් පරණ කාර් එකක් තිබිල ඒක විකුණල ආයෙත් ඒ කාර් එක ගන්න හොයන කී දෙනෙක් නං ඉන්නවද?

ඒ වගේම හයිබ්‍රිඩ් එකක් විකුණපු එකෙක් ඒ ජාතියෙ හයිබ්‍රිඩ් එකක් දැක්කම ඇවිත් ආසාවෙන් බලලා කියනවද මටත් ඉස්සර ඔය ජාතියෙ කාර් එකක් තිබුනයි කියල?ඒ කාර් එකත් එක්ක තිබුනු අත්දැකීම් කියනවද?ඒ වගේම හයිබ්‍රිඩ් එක දිහා ආසාවෙන් බලන් ඉදල අයියෙ මේක විකුණන්න එහෙම අදහසක් නැද්ද කියල අහන්නෙ කවුද?ඒත් ඒ අත්දැකීම් ක්ලැසික් කාර් තියන ඔක්කොටම වගේ තියනව.ඒ වගේ වෙලාවක අයියෙ කාර් එක විකුණන්න අදහසක් නැද්ද ඒ වගේ වචන ටිකක් ඇහෙනකොටත් දැනෙන සතුට විස්තර කරන්න බෑ.එහෙම අහද්දි නෑ මල්ලි මේක විකුණන්නෙ නෑ කියල කියන්නෙ කොච්චර සතුටකින්ද?
ක්ලැසික් කාර් එකක දුර ගමනක් යනකොට,හයිවේ දාල යනකොට දැනෙන ආතල් එක කියල නිම කරන්න බෑ...ෂටර්ස් වලින් එන ඒ නැවුම් සීතල හුලග වැදීගෙන අවට වටපිට බලබලා යනකොට දැනෙන නිදහස,සැහැල්ලුව කියල නිම කරන්න බෑ.ගියර් එක දාල කාර් එක පිකප් කරද්දි එන ගැම්ම හිතාගන්නවත් බෑ.ඒත් වටේට කලු කරලා සම්පූර්ණයෙන්ම ෂටර්ස් වහලා කෘත්‍රිම හීතලක යන එකෙක්ට ඒ ආතල් එක තියනවද?ඌට නිකන් හිරකුටියක් වගේ වෙන්න ඕනේ.ඒකටම හුරු වෙලා තියන අසරණයෙක්ට නං කරන්න දෙයක් නෑ ඒ උනත් ක්ලැසික් කාර් එකක ගිහින් හයිබ්‍රිඩ් එකක රවුමක් හරි යන එකෙක්ට මේ වෙනස හොදට තේරෙනව.ඒක ගැන නං මට ලොකු අත්දැකීමක් තියනව ඒක තමයි මම පරණ කාර්වලින් එන සතුට හයිබ්‍රිට් කාර් එකේ නැත... ලිපියේ ලියල තියෙන්නේ.
කොහේ හරි යනකොට ඉස්සරහින් යන හයිබ්‍රිඩ් කාරයන්ට ක්ලැසික් කාර් තියන අය ගේම ඉල්ලන්නෙ කොච්චර සතුටකින්ද?උන්ව ඕවර්ටේක් කරලා උන්ගෙ හොල්මන් වෙච්ච මූණු දකින එක තරං ආතල් එකක් වෙන නෑනේද?ෆාස්ට් ඇන්ඩ් ‍ෆියුරියස් එකේ උන් වගේ ගැම්මට ගියර් දාලා වැඩ දාලා කාර් එක පිකප් කරද්දි දැනෙන ගැම්ම කියල නිම කරන්න බෑ.එහෙම පිකප් කරද්දි එංජින් එකෙන් ඇහෙන සද්දෙට එන ගැම්ම කියල නිම කරන්න බෑ.

දැන් හයිබ්‍රිඩ්කාරය්ගෙන් අහන්නේ...වාහනේ නිසා කටු කාල තියනවද...? පස්සෙ කාලෙක ආසාවෙන් මතක් කරන්න පුලුවන් කොච්චර දුකක් වුනත් පස්සෙ ආසාවෙන් මතක් කරන්න පුලුවන් කටු කාල තියනවද වාහනේ නිසා...?

මොනවද ඔයාලට තියන අත්දැකීම්?...ක්ලැසික් කාර් පාවිච්චි කරන කෙනෙක්ට තියන අත්දැකීම් ඔයාලට නෑ...වගකීමෙන් කියනවා...අදත් මං මේ සුපිරි කට්ටක් කාල ඇවිත් තමා මේ ලිපිය ලියන්නෙ...(පන්ති යන්නත් බැරි උනා යකෝ...ඒත් පන්තියට වඩා කාර් එක යන ප්‍රතිපත්තිය මම අනුගමනය කලා)

මං දවසක් එකෙක්ගෙන් ඇහුව ඌ පැච් එකක් ගියා කියල කිවුව කියාංකො.ඊට පස්සෙ ටක් ගාල ස්පෙයා වීල් එක දාගෙන ගියාලු.ඒව අත්දැකීම්ද හත්තිලව්වේ?ක්ලැසික් කාර් එකක් තියන අයට තියන අත්දැකීම් අලුත් කාර් තියන අයට නෑ.ක්ලැසික් කාර් එකක් එක්ක තියන තමන් කාපු කට්ටවල් ගැන පස්සෙ කාලෙදි ආසාවෙන් මතක් කරන්න මතකයන් අලුත් කාර් තියන අයට නෑ...
ඇත්තටම ක්ලැසික් කාර් පිස්සෙක් විදින නිදහස්,සැහැල්ලු,අත්දැකීම්,සුන්දර මතක අලුත් කාර් එකක් එක්ක ඔහේ දුවන්නං වාලෙ දුවන කෙනෙක්ට නෑ...

හ්ම්...තව කියන්නට දේවල් බෝමයි...ඒත් කාලවෙලාව ඉවරායි...ටික ටික අප්ඩේට්ස් දාන්න හරි බලන්නං...ඒත් මට කියන්න තියන දේ කිවුවා...

වෙලාව රෑ 1යි 15යි...

ප.ලි. - අපි බලමුකො ඉතින්...මං සාමාන්‍යෙයන් බ්ලොග් එකේ ලියන ලිපි ෆේස්බුක් එකේ එහෙම ෂ්‍යොර් කරන්නෙ කලාතුරකින්.ඒත් මං මේක විශේෂයෙන්ම ෂ්‍යොර් කරන්නෙ මට දැනගන්න ඕනෙ ලිපිය ගැන හයිබ්‍රිඩ් සහ ක්ලැසික් පාවිච්චි කරන අයගෙ අදහස්.විශේෂයෙන්ම හයිබ්‍රිඩ් අයගෙ.විශේෂයෙන්ම අර ආරක්ෂාව ගැන ඔයාලා හිතන දේ කියන්න.

මම දන්නෑ මම ගොන් කතා කියනවද කියල.මේක මගේ පෞද්ගලික අදහස.ඒත් බහුතරයක් ක්ලැසික් පාවිච්චි කරන අය දන්නවා මේකෙ ඇත්ත නැත්ත.



5 comments:

  1. දැන් ඉතිං crumple zone crumple zone කියකිය දුවගෙන එයි. බලපන් බොරුද කියලා... :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ අයියා... :D

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සිදුවාApril 20, 2017 at 1:51 AM

    ඕක ඔයාගේ අදහස.ඒක ඒගොල්ලන්ගෙ අදහස.ඔයාට කියන්න බැහැ හයිබ්‍ර්ඩ් කාර් විශේෂයෙන් හොඳ නැ කියලා.එහෙනම් ක්ලැසික් කාර් හොඳත් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.ක්ලැසික් කාර් පදින අයට හයිබ්‍රිඩ් කාර් ගතියක් නැති වාහන...හයිබ්‍රිඩ් කාර් පදින අයට ක්ලැසික් කාර් ගතියක් නැති පරණ වාහන...
      දෙගොල්ලො දෙවිදියකට හිතන්නෙ.මම ඉන්නෙ ක්ලැසික් කාර් පදින අයගෙ පැත්තෙ නිසා මම මගේ අදහසේ ඉන්නවා.
      දැන් හයිබ්‍රිඩ් පදින කෙනෙක් ක්ලැසික් ගැන මේ වගේම එයාගෙ අදහස ලිවුවොත් ඒකත් හරි.්‍
      හයිබ්‍රිඩ් කාර් වල අවුලක් නෑ.ඒක බොහොම සැපපහසුවට ආරක්ෂාවට හදන කාර්.කාර් තියෙන්නෙ සැපපහසුවට ගමන් බිමන් යන්න විතරයි කියන උදවියට ගැලපෙන්නෙ,එයාල පාවිච්චි කරන්නෙ මේ කාර්.ඒත් ක්ලැසික් පාවිච්චි කරන අය ඊට වඩා දෙයක් ඊට එහා ගිය බැදීමක් කාර් එකත් එක්ක ඇති කරගන්නව.ඒකයි හයිබ්‍රිඩ් පදින අයගෙයි ක්ලැසික් පදින අයගෙයි වෙනස.

      ඇත්තටම ගොඩක් ස්තූතියි සහෝ ප්‍රතිචාරයට.ඔයාලගෙ කමෙන්ට් හරි වැදගත් මේ වගේ ලිපි වලට...මං ආයෙත් ස්තූති කරනවා කමෙන්ට් එකක් දාන්න වෙලාවක් වැය කරපු එකට...

      Delete